details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

X රේ ඇස්‌ තිබූ අරුම පුදුම මිනිසා



එක්‌දහස්‌ නවසිය පනස්‌ අටේ ඇමරිකාවේ මෑන් හැටන් නගරයේ පළවන Daily News පත්‍රයේ කුඩා දැන්වීමක්‌ තිබිණ. ඉන්දියානු ගුප්ත විද්‍යාඥයකු වන කුඩා බක්‌ස්‌ නමැති මහතකු තම ඇස්‌ දෙක බැඳගෙන පොත් කියවන බවත් මෑන් හැටන් නගරයේ ශාලාවක ඊළඟ බදාදා දින සවස 7 ට මේ ගුප්ත හැකියාව ප්‍රදර්ශනය කරන බවත් නොමිලේ එය නැරඹීමට හැකි බවත් එම දැන්වීමෙහි සඳහන්ව තිබිණ. මෙතැන් පටන් අප ඔබට කියන්නේ එම අවස්‌ථාව නැරඹීමට ගිය වින්සන්ට්‌ ඡේ. ඩැසින්ස්‌කි නමැති පර්යේෂකයකු කියන කතාවය. පුවත්පත් දැන්වීමෙහි පළමු ආකාරයට කුඩා බක්‌ස්‌ අසමසම අධ්‍යාත්මික බලයක්‌ තිබූ කෙනෙකි. දැන් ඩැස්‌න්ස්‌කි කියන කතාව අසමු

"බදාදා සවස මම දැන්වීමෙහි සඳහන්ව තිබූ තැනට ගියෙමි. දුඹුරු ගලින් බැඳ තිබූ ගොඩනැගිල්ලක්‌ ඉදිරිපිට සුරූපී ඉන්දියානු කාන්තාවක්‌ සිටියාය. ගොඩනැගිල්ලේ පිහිටි කුඩා කාමරයකට ඇය මා ගෙන ගියාය. එහි යකඩින් තැනූ පුටු පේළිss 12 ක්‌ විය. කාමරයේ ඉදිරිපස බිත්තිය අසල කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ සහති මේසයක්‌ විය. මේසය ඉදිරිපස බිම බැලුන් පිර වූ විශාල පෙට්‌ටියක්‌ විය. මේසයට වම් පසින් කලු ලෑල්ලක්‌ තිබිණ, මම ඒ අසළින් අසුන් ගත්තෙමි. සවස 7 වනවිට කාමරය නරඹන්නන් විසිපස්‌ දෙනකුගෙන් පිරී ගියේය. එහි වැඩිපුර සිටියෝ තරුණ තරුණියෝ ය.

"මට කාමරයට මගපෙන්වූ ඉන්දියානු කාන්තාව තමා කුඩා බක්‌ස්‌ගේ බිරිය බව හඳුන්වා දුන්නාය. ඊළඟට කුඩා බක්‌ස්‌ එහි පැමිණියේය. තම සැමියා කිසිදු අනුග්‍රාහකයකු නැතිව පෞද්ගලික ධනය යොදවා, මේ අවස්‌ථාව වෙනුවෙන් පුවත්පත් දැන්වීම් දැමූ බවත්, මේ ශාලාවට ගෙවූ බවත් කී ඇය තව ටික වේලාවකින් පැවැත්වෙන සංදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කෙරෙන්නක්‌ බවත් කිසිවකුගෙන් ඩොලරයක්‌වත් ආධාරයක්‌ භාර නොගන්නා බවත් කීවාය. මිනිසුන් තුළ අබිරහස්‌ හැකියාවන් සැඟව ඇති අතර ඒවා ඉස්‌මතු කර දීමට ධෛර්යය දීමක්‌ වශයෙන් මෙබඳු සංදර්ශන ඉදිරියටත් පැවැත්විය යුතු බව ඇගේ මතය විය. ඊළඟට නැඟී සිටියේ කුඩා බක්‌ස්‌ ය. ඔහු කලිසම් කබාකාරයෙකි. අප හෙවත් ප්‍රේක්‍ෂකයන් සහ කුඩා බක්‌ස්‌ අතර වැඩි මනත් ඉඩපරතරයක්‌ තිබුනේ නැත. ඒ නිසා ඔහු හොරයක්‌ කළොත් ඒ බව අපට අනිවාර්යයෙන්ම පෙනී යන්නේ ය. මුලින්ම කාඩ් පැක්‌ එකක්‌ ගත් ඔහු විසින් විවිධ ඉන්ද්‍රජාල මවා පෑවේය. අනතුරුව "මෙතෙක්‌ පෙන්වූ සියල්ලම මැජික්‌" බව කියූ ඔහු එතැන් සිට පෙන්වන්නේ පරමසත්‍යයම පමණක්‌ බව කීවේය.

"මගේ උදව්වට දෙන්නෙක්‌ උවමනා යයිද" කුඩා බක්‌ස්‌ අප අමතා කීය. එවිට තරුණ ශිෂ්‍යයන් දෙදෙනෙක්‌ ඉදිරිපත් වූහ. මටද ඒ සඳහා ඉදිරිපත් වීමට සිතුණු අතර මගේ මනස ඉවෙන් මෙන් කියවූ කුඩා බක්‌ස්‌ කැමැති නම් පැමිණ සහාය වන ලෙස කීවේය. එහෙත්, එවිට සංදර්ශනය බැලීමට බැරිවන බැවින් මම එය ප්‍රතික්‍ෂේප කළෙමි.

"සංදර්ශනය පටන්ගනිමින් කුඩා බක්‌ස්‌ ටෙනිස්‌ බෝල දෙකක්‌ තරම් විශාල පිටි ගුලි දෙකක්‌ ගෙන සිය දෑස්‌ වසා ඒ මත තබා තද කළේය. එවිට විශාල සුදු පැහැති රවුම් දෙකක්‌ සහිත ඔහුගේ මුහුණ විකාරයක්‌ වැනි විය. එවිට මම ඉදිරිපෙළ තිබූ හිස්‌ ආසනයකට ගොස්‌ වඩාත් ප්‍රවේශමෙන් හා විමසුම් සහගතව කුඩා බක්‌ස්‌ දෙස බලා සිටියෙමි. ඊළඟට ළඟම ඇති පෙට්‌ටියෙන් පුලුන් කුට්‌ටි දෙකක්‌ ගෙන තම ඇස්‌ වසා ඇති පිටි ස්‌ථරදෙක මත තබන්නැයි ඔහු තමාට උදව්වට පැමිණි තරුණයන්ට කීවේය. මේ පුලුන් තට්‌ටු අඟල් 6 ක්‌ දිග අඟල් 4 ක්‌ පළල අඟලක්‌a ඝනකම් විය. පුළුන් තැබූ පසු ඒවාත් පිටි ගුලි දෙකත් හිසට තබා නැවතත් ටේප් අලවන ලෙස කු=ඩා බක්‌ස්‌ ඉල්ලා සිටියේය. ටේප්රෝලක්‌ ඉවරවෙන තුරුම වාගේ ඔහුගේ හිස වටා අලවනු ලැබීය. ඒවා ප්ලාස්‌ටර් බව මම පසුව දැන ගතිමි. මේ වනවිට රාත්‍රිය එළඹ තිබූ බැවින්, කුඩා ශාලාව තුළ ආලෝකය දුර්වලව තිබූ බැවින්ද කුඩා බක්‌ස්‌ගේ ඇස්‌ ස්‌ථිර වශයෙන් ඝනාන්ධකාරයෙහි ගිලී ගොස්‌ තිබිණි.

"ඔහු එතැනින් නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තුළ කළු පැහැති ඝනකම් දොර ඇති බව කියූ ඔහු එය ගෙන තම හිස වටා ඔතන්නැයි ඉල්ලීමක්‌ කළේය. ඒවා අඟල් 3 ක්‌ බැගින් පමණ පළල අඩි 5 ක්‌ බැගින් දිග කලුම කලු රෙදි පටි කැබලි 5 කි. මේ සියල්ලම ඔහුගේ ඇස්‌ වසා එතූ පසු ඔහුගේ හිස අසාමාන්‍යණ ලෙස විශාල වූ බැවින් බියකරු පෙනුමක්‌ ගත්තේය. ඔහු එතැනින්ද නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තූළ කලු පැහැති මල්ලක්‌ ඇතැයි කිවූ ඔහු එය ගෙන තම මුහුණ වැසෙන සේ දමන්නැයි කීවේය. එය දැමූ විට ඔහු හුස්‌ම ගනු ඇත්තේ කෙසේදැයි මම බිය වීමි. එහෙත් ඔහු මෙය කරන්නේ වගකීමක්‌ ඇතිව නිසා එයට විරුද්ධ වීමට මට නොහැකි විය."

"ඊළඟට ඉදිරියට එන්නේ කුඩා බක්‌ස්‌ගේ බිරිය ය. ඇය බැලුන් පෙට්‌ටියට අත දමා එක්‌ එක්‌ බැලුම පිටතට ගෙන කුඩා බක්‌ස්‌ට පෑවිට ඔහු එහි වර්ණය නොවරදවා කීවේය. ඊළඟට බැලුම් පෙට්‌ටිය ප්‍රේක්‍ෂකයන් අතට ගිය විටද කුඩා බක්‌ස්‌ ප්‍රේක්‍ෂකයන් පෙන්වන එක්‌ එක්‌ බැලුමේ වර්ණය නිවැරැදි ලෙස කීවේය.

"ඉන්පසු ඔහු අප හැම දෙනාම ඉදිරිපිටදී ඉඳිකටුවක්‌ගෙන එහි සිදුරට නූලක්‌ දැමීය. ඉන්පසු නූල ගලවා ඉඳිකටු සිදුරට දමනු සඳහා අප හැම වෙත දුන්නේය. එය දුෂ්කර වූ නිසා අපි එය අත්හැර දැමීමු. එහෙත් කුඩා බක්‌ස්‌ නූල සහ ඉඳිකටුව අපෙන් ඉල්ලාගෙන කිසිදු කරදරයක්‌ නැතිව නූල ඉඳිකටු සිදුරට ඇතුළු කළේය.

"සංදර්ශනය එතැනින් නිම වූයේ නැත. රැස්‌ව සිටි අය ඇමතූ කුඩා බක්‌ස්‌ කිසිවකු අත පොතක්‌ තිබේදැයි විමසීය. කිහිපදෙනෙක්‌ම පොත් රැගෙන ඉදිරිපත් වූ අතර ඉන් අයකු තෝරා දීම මට පැවරින. තෝරා දුන් තරුණිය වෙත කුඩා බක්‌ස්‌ පැමිණියේ අඩු ගණනේ පුටුවකවත් නොගැවී, ඉතා හොඳින් ඇස්‌ ඇරගෙන සිටින කෙනකු පරිද්දෙනි. පොත් පිටුවලින් ඕනෑම එකක්‌ තෝරා දෙන ලෙස තරුණියට දන්වන ලද අතර කුඩා බක්‌ස්‌ එම පිටුව පැහැදිලි ලෙස කියවාගෙන ගියේය.

"අවසන් අවස්‌ථාවේදී කිසිදු අයුරක වංචාවක්‌ කිරීමට බැරි තැනකට සභාව පැමිණියේය. කාමරයේ වූ කලු ලෑල්ල මත කැමැති යමක්‌ ලියන ලෙස කුඩා බක්‌ස්‌ අපට ආරාධනය කළේය. තවමත් ඔහු ගැන යම් තරමක සැකයෙන් පසු වූ මම කලු ලෑල්ල වෙත ගොස්‌ හුණු කැබැල්ලක්‌ ගෙන "ඔබට මෙය කියවිය හැකිදැයි" ලියුවෙමි. "ඔව්·" කුඩා බක්‌ස්‌ මා පුදුමයට පත් කරමින් කීවේය. ඉන්පසු මා ලියූ වගන්ති කිහිපයක්‌ද ද ඔහු කියෑවීය. ඉනුත් පසු සභාවේ සිටි අප කියන කියන දේ ඔහු කලු ලෑල්ල මත ලිවීය. ඒවා ඉතා පිළිවෙළින් නිවැරැදිව ලියන ලද වගන්තිය.

***************    ***********

"කලු පැහැති මල්ල, රෙදි පටි, ප්ලාස්‌ටර්, පුළුන්, පිටි ගුලි යනාදිය ඉවත් කිරීමෙන් පසු මම කුඩා බක්‌ස්‌ කතාවට අල්ලා ගතිමි. "මම මේ සියල්ල කරන්නේ ආධ්‍යාත්මික ඒකාග්‍රතාව මතයි" කුඩා බක්‌ස්‌ මට කීවේය. "මගේ ඇස්‌ වසන්නට පෙර තිබූ දැක්‌ම, ඇස්‌ වැසූ පසුත් ඒ විදියටම පවත්වාගෙන යන්නට මට පුළුවන්. මෙය එක්‌තරා ආකාරයක භාවනාවක්‌. සිත දියුණු කළ කෙනකුට අතීතය සහ අනාගතය දැකිය හැකි නම්, ඇස්‌ දෙක කොපමණ බැඳ තිබුණත් තමා ඉදිරිපිට ඇති වර්තමානය දකින්නට බැරිකමක්‌ නැහැ. හැමදෙයක්‌ම පටන් ගන්නේ හිත මූලික කරගෙනය. වතාවක්‌ සිදුවූ අනතුරකින් මගේ කොන්ද තුන් පලකින් කැඩුණා. දොස්‌තරවරුන් කීවේ යළි කවදාවත් මට ඇවිදින්නට බැරි බවයි. එහෙත් මම චිත්ත ශක්‌තිය ගොඩනංවාගෙන යළිත් ඇවිදින්නට පටන් ගත්තා." 

"මෙය අන්ධ පුද්ගලයන්ට සහනයක්‌ ලෙස යොදා ගත හැකි දැයි මම ඇසුවෙමි.

"ජීවිතය අතරමගදී අන්ධ වූ අයට මේ මගින් පෙනුම ලබා ගත හකි බව ඔහුගේ මතය විය. "අප භාවනා කරන්නේ ඇසට පෙනෙන දෙය සහ ඒ හරහා උපන් ආශාව තණ්‌හාව ක්‍රෝධය වැනි හැඟීම් සමනය කරගෙනයි. ඊට අමතරව ස්‌පර්ෂයෙන් දැනෙන තෘප්තියත් සමනය කර ගත යුතුයි. මේ දෙකම අත්දකින්නේ නැතිව අදෘශ්‍යමානයේදී (ඇස්‌ නොපෙනෙන විට) පෙනීම ලබාගත හැකි දැයි මට දැනුමක්‌ නැහැ. හැබැයි මේ ලෝකය තුළ කළ නොහැකි සහ සිදුවිය නොහැකි කිසිවක්‌ නැති බව අප මතක තබා ගත යුතුයි." කුඩා බක්‌ස්‌ මට කීවේය. 1935- 40 කාලය තුළදී කුඩා බක්‌ස්‌ ලොව පුරා යමින් සංදර්ශන පැවැත්විය. 1937 දී එංගලන්තයේ ලිවර්පුල් නගරයේදී ඇස්‌ බැඳගෙන අඩි 200 ක්‌ උස වහලයක වම් කොනෙහි දාරයෙහි ගමන් කිSමෙන් කුඩා බක්‌ස්‌ වාර්තාවක්‌ පිහිටුවා තිබේ. භෞතික විද්‍යාඥයන් කියන්නේ කුඩා බක්‌ස්‌ගේ මොළයේ දෘෂ්‍ය ස්‌නායුවෙන් X කිරණ හෝ ඒ හා සමාන විනිවිද පෙනෙන කිරණ වර්ගයක්‌ නිකුත් වන බවය. 

වින්සන් ඡේ. ඩැසින්ස්‌කිගේ කටඋත්තරය මෙතැනින් නිමාවට පත් වෙයි. කුඩා බක්‌ස්‌ගේ දැක්‌මට ඉවහල් වන්නේ ඔහුගේම ආධ්‍යාත්මයෙන් නිකුත් වන ආලෝකයක්‌ විය නොහැකිද? (1906 දී ඉන්දියාවේ කාශ්මීරයේදී කුඪා බක්‌ෂ් ලෙස ඉපිද ඉංගී්‍රසි කතා කරන්නන්ගේ පහසුව පතා කුඩා බක්‌ස්‌ ලෙස නම වෙනස්‌ කරගත් ඔහු 1981 පෙබරවාරි 05 වැනිදා මළේය.)

අනුර සොලමන්ස්‌
2013 අප්‍රේල් 14 ඉරිදා දිවයින

2 comments:

fb comments

Comment with Facebook