details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, October 7, 2014

Ubuntu වලටත් වඩා සිත් ඇදගන්නා Linux OS එකක්

මේ දවස් වල Linux ගැන කිව්වොත් හැමෝම කැමති Ubuntu වලට තමයි. හැබැයි Ubuntu ම ටිකක් නවීකරණය ක‍රල හදපු Linux OS එකක් තියෙනවා ඒකේ නම තමයි Zorin OS
ඇත්තෙන්ම මම ‍මේක ගැන දැනගත්තේ ලංකා‍වේ ජනප්‍රියම පරිගණක සගරාවක තිබිලා. මම මේක ගැන අපේ සහෝදර  බ්ලොග් ලේඛකයකුත්  ලියපු බ්ලොග් එකක් දැක්කා. ඒක නිසා ආයිත් මේ Zorin OS ගැන ඒ දේවල්ම කියන්නේ නැහැ.හැබැයි විශේෂ කරුණු කිහිපයක් කියන්නම්.

  • මේක සෑහෙන්න වේගයත් OS එකක්, ඒ කෙසේද යත් මේක USB Pen එකෙන් Liveවිදියට Boot කරවිටදීත් ඉතා වේගවත්. මම මේක hard disk එකට ස්ථාපනය කරලRun කරා හැබැයි පුදුමයට කරුන නම් ඊටත් වඩා වේගයක් Live විදියට Boot කලාම තිබුනා කියලා හිතෙනවා.

  • ඒ එක්කම මේකේ default interface එක Windows 7 විදියට තමයි තියෙන්නේ.  ඒක නිසා වැඩිපුර Windows OS භාවිතා කල අපිට හරිම හුරුපුරුදු බවක් මේක භාවිතයේදීත් දැනෙනවා. අපට අවශ්‍යනම් linux වල සාම්ප්‍රධායික interface එක හරි,windows XP interface එක හරි ගන්න පුළුවන්. 
  • අනිත් කරුන තමයි Ubuntu වල අපිට සමහර Video බලන්න Codec download කර ගන්න ඕන වෙනවනේ, ඒත් මේකේ ඒ ගැටළුව නැහැ.
    හැබැයි ‍පොඩි අඩුපාඩුවක් නම් ති‍යෙනව කියල හිතෙනව. ඒ තමයි Zorin OS V4 වල Bugsතියෙනව වගේ . මොකද ඒකේ සමහර වෙලාවට Error Messages සහ hard disk හෝ DVD/CD drives explore කරන කොට Open කරන්න බැහැ කියල කියනව. හැබැයි Zorin OS V3 වල නම් එහෙම දෙයක් සිද්දවුනේ නැහැ. ඒක නිසා මම හිතන්නේ Zorin OS V3 එක Stable කියලයි.
    මේකේ අපට Free Download කර ගන්න editions  කිහිපයක් තියෙනවා. ඒගැන http://zorin-os.com/free.html දැනගන්නත්, Download කර ගන්නත් පුළුවන්. මේ අතරින් Educational Fulledition එක අරගත්තොත් ගොඩක් මෘදුකාංග ඇතුලත්කරල ඇතිබන දකින්න පුළුවන් වේවි. අරගෙනම බලන්න Ubuntu වල ඒව තියෙනවද කියල.
    තව විශාලලෙස ‍මේ ගැන කතා කරන්න තිබුනත්, ඒව ඔබලාම අත්හදා බලන්න. සැගවුන දේවල් හමුවුනොත් මටත් කරුණාකරල කියන්න.

No comments:

Post a Comment

fb comments

Comment with Facebook