details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Saturday, June 25, 2016

**තරු අස්සේ හැංගුනු පාස්වර්ඩ් බලාගන්නේ මෙහෙමයි |text behind asterisks**


හැමෝම දන්නා දේනේ මේ පාස්වර්ඩ් කියන්නේ.
යම් කිසි තැනක පාස්වර්ඩ් එකක් ගහද්දි පේන්නේ තිත්, තිත් එහෙමත් නැත්තම් තරු වගේ සලකුණු. 
මේ සලකුණුවලට යටින් තියන පාස්වර්ඩ් එක හොයාගන්නේ කොහොමද.
ඒ ගැනයි  සහෝදරයන්ට මන් කියන්න යන්නේ.
හරිම සරල ක්‍රමයක් තියෙන්නේ.
යාලුවෙක්ගෙ පරිගනයකයේ සේව් කරලා තියෙන පාස්වර්ඩ් එකක් මේ ක්‍රමේ මඟින් ඉතාමත් ලේසියෙන් හොයාගන්න පුළුවන්..

මේකයි ක්‍රමේ.



රුපයේ විදිහට පාස්වර්ඩ් එක ගහන්න තියන තැන ඒ කියන්නනේ ඔය තිත් හෝ තරු ලකුණු පෙන තැන රයිට් ක්ලික් කරලා Inspect Elements කියන එක ක්ලික් කරන්න.




පේනවා නේ, Type=Password කියල තැනක් තියෙනවා.
මේකේ Password කියන තැන ඩබල් ක්ලික් කරන්න,එතකොට ඒක එඩිට් කරන්න පුළුවන්.

Password කියන එක මකලා දාලා Text කියලා ගහලා Enter කරලා බලහන්..

වැඩේ ගොඩ.



Read more...

Saturday, March 26, 2016

සියල්ල සහිත දුරකථනයක්: Xiaomi Mi4




                                              ~බීසක වික්‍රමගේ~

Xiaomi Mobile චීන ඉලෙක්ට්‍රොනික දැවැන්තයා දැන් තරගකාරී පෙනුමක් සහ විශිෂ්ට විශේෂාංග සමග වෙළඳපොළ නිම්වළලු  පුළුල් කරමින් සිටිනවා. අවුරුදුපතා ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව ශීඝ්‍රෙයන් ඉහළ යන අතර එහි ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටිනවා. මෑතකදී, ඔවුන් Xiaomi Mi4 හඳුන්වා දුන්නා. සිත්ගන්නාසුළු පෙනුමකින්යුත් ඉහළම විශේෂාංගයන්ගෙන්යුත් මේ අගනා දුරකථනයට ලොව වැඩි පිරිසකගේ අවධනාය දැන් යොමුවී තිබෙනවා. ඊට ඇති ඉහළ ඉල්ලුම නිසාම බොහෝ වෙළඳසැල් ඉහළ තොග ප්‍රමාණ රඳවා ගෙන ඇති බව වාර්තා වෙනවා. එසේ ම මෙය මාර්ගගත වෙළඳසැල් වන Amazon, EBay, Kaymu සහ Dialcom කරට කර සිටිමින් මේ Xiaomi දුරකථනය අලෙවි කරනවා.
ඔබට Xiaomi Mi4 ගුණදොස් විචාරයක් cnet.com හරහා බැලිය හැකියි. මෙම දුරකථනය ඊට පෙර පැමිණි Xiaomi Mi3 දුරකථනය සමඟ සංසන්දනය කිරීමෙන් මෙය පූර්ණව වෙනස්, නවතම පෙනුමකින් හා ජවයකින් යුතු බව කියන්නට පුළුවන්. මෑතදී සැම්සුන්ග් සහ ඇපල් සමාගම් හඳුන්වාදුන් පෙනුම අභිබවා යන ඊටම ආවේණික පෙනුමක් මෙම දුරකථනයේ තිබෙනවා. දුරකථනයේ ඉහළ සමාගම් නාමය ඇති අතර ඒ දෙපස සංවේදක සහ ඉදිරිපස කැමරාව තිබෙනවා. පාලක බොත්තම්වල පසුබිම් ආලෝකනයක් ඇති අතර පැති ලෝහමය බවකින් ඇසට ප්‍රිය නිමාවක් ලබා දෙනවා. මෙහි පසුපස කවරය ඉවත් කළ නොහැකි අතර එක් පසෙක මතකපත් දැමීමට කවුළුවක් තිබෙන නිසා ඔබට අවශ්‍ය නම් ධාරිතාවය උත්ශ්‍රේණි ගත කරගන්නට පුළුවන්. මෙහි තිරය අඟල් 5ක Full HD (පික්සල 1920x1080) එකක්.


මෙම Xiaomi Mi4 දුරකථනයේ සවිබලය බැලුවොත්, එහි Qualcomm's Snapdragon 801 processorයක් වේගය 2.5GHz සහිතව ද 3 GB RAM ධාරිතාවක් සහ මතකය 16 හෝ 64 GB ප්‍රමාණවලින් ලබාගත හැකියි. මෙහි අධෝරක්ත, වයිෆයි සහ බ්ලූටූත් මෙන්ම 4G පහසුකමින් ද ජවසම්පන්නයි. කැමරා සඳහා Xiaomi විශේෂාංග ලෙස පසුපස 13 Megapixel ද ඉදිරිපස 8 Megapixel සහිතව ඉහළ ගුණාත්මක බවින් යුත් ඡායාරූප සහ සෙල්ෆි සඳහා ද පහසුකම් සපයනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.4.2 (කිට් කැට්) වෙනවා.
මෙහි ඇති පොඩි උපක්‍රමයක් දන්නවාද? ඔබ අගුළු තිරය මත දෙවරක් තට්ටු කළාම අගුළු හරින්නේ නැතිවම ඔබට පහසුවෙන් ගීත ධාවනය කරන්නට පුළුවන්. එසේම සාක්කුවේ තිබියදී ඔබ නොදැනුවත්ව දුරකථන ඇමතුම් ඇතිවීම වැනි අත්වැරදීම් වළක්වන්නට මේ සතුව නැණවත් හැකියාවක් පවතිනවා. ජංගම දත්ත වේගය බලාගන්නත්, ටෝච් හැකියාවත් මෙහි වැඩිදුර මෘදුකාංගමය විශේෂාංග ලෙස තිබෙනවා.
මේ Xiaomi Mi4 නිකුතු දිනය 2014 අගෝස්තු මාසයේදීවූ අතර Xiaomi Mi4 මිළ රුපියල් 34,900 පමණ වෙනවා. ඉතින් අතේ ඇති ගානට හොඳ විශේෂාංග ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ දුරකථනය ඔබට හොඳින්ම ගැලපෙනු නොඅනුමානයි.
Read more...

Monday, March 7, 2016

ස්ලින්ගා,යෝකර් හා මාධ්‍යයවේදීන්ගේ ක්‍රිකට්




පරමාදු ලසිත් මාලිංග : වේග පන්දු යවන්නා, සල්ලිකාරයා කියල තමා ලංකාවේ ගොඩක් අය මොහුව දන්නේ. මෙයට හේතුව වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍ය දිගින් දිගටම ලසිත් මාලිංගව මුදලට පමණක් ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු ලෙස පෙන්වා දීමය.ශ්‍රී ලංකාවේ විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් බිහිකර ඇති දකුණු පළාතේ රත්ගම ඉපදුනු මාලිංග ගේ වෘත්තිය මඩොල් දුවේ සිටින උපාලිගේ ජීවිතය මෙන්ම අභියෝග වලින් පිරුණු එකක්ය.තම ගමේ මුහුදු වෙරළේ ගිනි අවුවේ, මොර සුරන වැස්සේ ටෙනිස් බෝලෙන් පන්දු යවා ක්‍රිකට් ඉගෙනගත් මාලිංගගේ පුහුණුකරු වුයේ මාලිංගමය. ගම ඔහුගේ gym එක විය. තැබිලි ගෙඩිය ඔහුගේ energy drink එක විය.සපපහසුවට කොළඹ පාසල් වලින් බිහින්වුනු වේග පන්දු යවන්නන් තරගයක මුලදී over කිහිපයක් යවා injured වී ක්‍රිකට් සීසන් එකෙන් බාගයක් බංකුවේ ඉදිද්දී මාලිංග තමන්ගේ උත්සාහයෙන් තමන්ගේ ශරීරය තමන්ගේ උපරිමය දක්වා ගෙන ගිය ක්‍රීඩකයෙක් විය. ඔහුගේ අරමුණ වුයේ පිතිකරුවන්ගේ ඇගිලි වලට පන්දු යැවීමය.මේකාලේ වෙනකොට කිසිම මාධ්‍යයක් ඔහු ගැන සේවුයේ නැත. ඔහුගේ ඇදුම් පැළදුම් ගැන සෙවුයේ නැත. ඔහුගේ කොණ්ඩ මෝස්තරය සෙවුවේ නැත. චම්පක රාමනායක මාලිංගව ජාතික මට්ටමට ගෙනාවත් කිසිදු කෙනෙක් මාලිංගගේ කතාව අසන්නට සුදානම් වුයේ නැත. මොහුගේ වෙනස් පන්දු යැවීමේ ඉරියව්ව නිසාම මොහුට ශ්‍රී ලංකාවේ පිතිකරුවට practise nets වලදී පන්දු යැවීම තහනම් විය. මොකද ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය තම පිතිකරුවන් මාලිංග අතින් injured වේ යැයි සිතුවා නිසාය.මාලිංගව මේ වනවිට විවේචනය කරන ගොඩ දෙනෙක් මේකේ තාම දන්නේ නැතුව ඇති නමුත් Adam Gilchrist වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ dressing room එකට පැමිණ විකට්ටුවක් මාලිංගට දී මෙසේ කියා ගියේය. "This is for that boy Malinga." මාලිංග තමන්ගේ හිතට එකගව කතා කරපු පුද්ගලයෙක් විය. ඔහු කවදාවත් ඔහුගේ ප්‍රතිරූපය ගැන පමණක් සිතා කට වහන් සිටියේ නැත. නමුත් අවාසනාවකට නගරයේ ඉන්න එවුන් බාගෙට ඉගෙනගත්ත ගමේ එකට ඇහුම්කන් දෙන්න ලෑස්ති උනේ නෑ.මාලිංග ශ්‍රී ලංකා සංචිතයට තේරී පත්වූ විට ඔහුගේ නම ප්‍රසිද්ද වුයේ නැත. ක්‍රීඩා පිටු වල ඒ ගැන සදහන් වුයේ නැති තරමය . එකට හේතු වෙන්න ඇත්තේ සමහරවිට ඔහුගේ පියා ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර නැති වීම වෙන්න ඇති. ඔහු නිශ්ශබ්දව තමන්ගේ ක්‍රීඩා දිවිය ආරම්භ කරේය. ඔහු නිහඩවම bouncer දැම්මේය, yorker දැම්මේය.තමන්ගේ ක්‍රීඩා දිනය ආරම්භ කර ටික දිනකින් ඔහු වෙනස් කොණ්ඩ විලාසිතාවක් යොදාගත්තේය. පසුව මෙම විලාසිතාව හා yorkerපන්දු ඔහුගේ අනන්‍යතාව විය. ඔහුගේ පච්ච හා රබර් wrist bands දැමීම හේතුවෙන් ඔහුට පරිපාලනයෙන් අසාධාරනකම් සිදු විය. මොකද ලංකාවේ තමවමත් අදින ඇදුමට ගෞරව කරන පිරිසක් සිටින නිසාය. වරක් මාලිංග මාධ්‍ය සාකච්යවකදිම කිය සිටියේ මුලදී ක්‍රිකට් පරිපාලනයේ ඉහල නිලදාරියෙක් වහාම තමන්ගේ කොණ්ඩ මෝස්තරය හා කරාඹු අයින් කරන ලෙස දැන්වූ බවය. මොකද මේවා ඔවුනට විනයගරුක නොවුන නිසාය. අප කිව යුතුයි මාලිංග පමණක් නොව කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වැනි සුපිරි ක්‍රීඩකයන් පවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පරිපාලනය විවේචනය කරහ. නමුත් ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් ඒවා සිදු කර නිසා ඔවුනට කිසිම වැරද්දක් කවුරුත් කිවේ නැත මොකද ශ්‍රී ලංකාවේ මිනිසුන් තවමත් සිංහලෙන් කියන දේට වඩා ඉංග්‍රීසියෙන් යමක් කිවම එය පිළිගන්නා නිසාය.මාලිංග කෙලින් කතා කරන පුද්ගලයෙක් නිසාම බොහෝ පිරිස් ඔහු විනයගරුක නැති ක්‍රීඩකයෙකු ලෙස නම් කරහ. මාලිංග සැමවිටම ක්‍රීඩා කරන විට ඔහුගේ උපරිමයෙන් ක්‍රීඩා කරේය. මාලිංග වරක් 2008 දී පැවසුවේ තම කණ්ඩායමට හා තම නායකයට ඔහුගේ පිටත ස්වරුපය ප්‍රශ්නයක් වුයේ නැතිනම් පරිපාලනයට ඇති ප්‍රශ්නයකුමක්දැයි ඇසිය. 2007 ලෝක කුසලානයේදී පන්දු 4කදි කඩුලු 4ක් මාලිංග දවාගත් විට ලෝකයා ඔහුගේ මෙම දුර්ලභ දක්ෂතාවය ඇගයිය. ලංකාවේ මාධ්‍යට ඔහුගේ කොණ්ඩ මෝස්තරය හා පිටත ස්වරුපය ප්‍රශ්නයක් වූවත් 2007 දී ලෝකයා මලින්ගව 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සරාගිතම ක්‍රීඩකය ලෙස නම් කළහ.2008 ඔස්ට්‍රේලියාවේ පැවිති CB කුසලාන තරගාවලියේදී මාලිංග career ending injury එකකට මුහුණ දුන්. එය සුව කල නොහැකි තත්වයට පත්විය. මාලිංගට ඇවිදීමට පවා අපහසු විය. නමුත් කිසිවෙකු ඔහු ගැන සේවුයේ නැත. අවාසනාවට ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ගිවිසුමද අවලංගු කරහ. මොකද ඒවනවිට මුරලි හා වාස් ශ්‍රී ලංකාවට ක්‍රීඩා කර නිසා ඔවුන් මාලිංග ගැන සේවුයේ නැත. නමුත් ඒ සමානම injury එකකට ලක්වූ මහරූෆ්ට ශ්‍රී ලංකා ක්රිකට පරිපාලනය උදව් කළහ. කාලයත් එක්ක සියලු දෙනාටම මාලිංග අමතක විය. මාධ්‍යට ඔහුව අමතක විය.ඔහුගේ අවාසනාවට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුගේ ප්‍රතිකාර වලට වියදම් දුන්නේ නැත. නමුත් පෙර වාසනාවකට මෙන් මෙම injury එකට පෙර මාලිංග IPL 1 edition එකේ Mumbai Indiands සමග ගිවිසුමකට එලබ සිටියේය. එම මුදලින් ඔහු තමන්ගේ ප්‍රතිකාර වලට යොමුවිය. එමෙන්ම මාලිංගගේ වාසනාවකට ශ්‍රී ලංකාවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමන්ගේ පෞද්ගලික ෛවදයවරයා හමුවන ලෙස මාලිංගට දැන්විය. වෛද්‍ය එලියන්ත වයිට් ඔහුගේ සුව කිරීමේ ක්‍රම මගින් දවස් 4න් මාලිංගව සුව කළේය. එමගින් ඔහුගේ අබාධය සුව විය. නමුත් ඔහු නැවත ක්‍රීඩා කරන්න පැමිණි විට ලංකාවේ ක්‍රිකට් මණ්ඩලය ඔහුට තම හැකියාවන් පෙන්වන ලෙස නියෝග කරහ. ඔහු ශ්‍රී ලංකා අන්තර් සමාජ තරගාවලියේදී දස්කම් පැවත් ඒවා ලංකාවට මදි විය.ආබාධයෙන් පසුව 2009 දී IPL තරගාවලියට සහබාගි වූ මාලිංග එහිදී කඩුලු 18ක් ගත් අතර මෙම දස්කම් පෑමත් සමග නැවතත් මාලිංග 2009 WT20 හි ශ්‍රී ලංකාවේ සංචිතයට එක් විය. එම තරගාවලියේදී මාලිංග තරග 7කදි කඩුලු 12 ක් දවාගෙන ශ්‍රී ලංකාව T20 කුසලානය අසලටම ගෙන ආවේය.2009 දීම චමින්ද වාස් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් කිරීමත් සමගම මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නා බවට පත්විය. ඒසමගම ඔහු නැවතත් ජනප්‍රිය විය. සියලු දෙනා ඔහු ගැන කතා කරන්නට පටන් ගත්හ. අවුරුද්දකට ආසන්න කාලයක් T20 හා ODI ක්‍රීඩා කල මාලිංග 2010 මුරලිගේ අවසන් ටෙස්ට් තරගයේදී නැවතත් ටෙස්ට් තරග පැමිණි මාලිංග එහිදී කඩුලු 8 දවා ගත්තේය. නමුත් අවාසනාවකට නැවතත් ඔහුගේ අබාධ මතු විය. නැවතත් අබාධ මතු වීමත් සමග මාලිංග මාලිංග තමන්ගේ අබාධ සම්පුර්ණයෙන් සුව කර නොහැකි බවත් එය යම්තාක් මට්ටමකට අඩු කර ගැනීමට හැකි බව තේරුම් ගත්තේය. නැවතත් ආබාධයෙන් මිදුණු මාලිංග 2011 ලෝක කුසලාන තරගාවලියේදී තවත් Hat-trick එකක් ලබාගත්තේය.ඊලග අවුරුද්දේ IPL තරගාවලිය අතුරතුරදී ශ්‍රී ලංකාවට එංගලන්තය සමග තරගාවලියක් යෙදුනි. එහිදී මාලිංග ටෙස්ට් තරග ක්‍රීඩා නොකර IPL තරගාවලියේදී ක්‍රීඩා කිරීමට තීරණය කල විට එවිට තේරීම් කමිටු සභාපති දුලිප් මෙන්ඩිස් මාලිංග ගෙන් ඇසුවේ ටෙස්ට් තරග ක්‍රීඩා කල නොහැකිනම් කෙසේද IPL සෙල්ලම් කරන්නේ කියාය. මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඔහුගේ අබාධය පිළිබද හරියට තේරුම් නොගෙන ඔහුට චෝදනා කළහ. මෙයට පිළිතුරක් වශයෙන් මාලිංග ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගත්තේය. මේ සිදුවීමත් සමග මිනිසුන්ට Malinga Money-linga විය. නැවතත් ශ්‍රී ලාංකීය මාධ්‍ය ඔහුට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළහ. ඒ සමයේදීම මාලිංගගේ වත්කම් හා අදායම් ප්‍රසිද්ද වුනි. එයින් හෙළි වුයේ මාලිංගට $100,000 ක ගිවිසුමක් තිබුණු බවත් එයින් 40% ඔහුට පමණක් ඔහුට අදායම් ලෙස ලැබුණු බවය. නමුත් ඔහුට IPL ගිවිසුමෙන් ඔහුට ඩොලර් මිලියන 1.1 හිමි විය. බොහෝ ශ්‍රී ලාංකිකයන් රට හැර හොද රස්සා හොයාගෙන පිට රට යන කලෙක මාලිංග ගේ IPL අදායම විවේචනය කිරීම විහිළුසහගත විය. 2013 දි මාධ්‍යවේදීන් ඔහුව වට කරගෙන ප්‍රශ්න අසන වෙලාවක ඔහු "මීට කලින් මාව දැකල නැද්ද වැඩක් බලාගෙන යනවා මනුස්සයෝ යන්න" යැයි කියූ නිසා නැවතත් මාධ්‍ය ඔහුට අපහස කරන්න පටන් ගත්හ.2014 T20 ලෝක කුසලාන තරගාවලිය මැදදී ඔහුට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි විය. එහිදී ඔහු තම කණ්ඩායමේ අද්දැකීම් බහුලම ක්‍රීඩකයාගෙන් උපදෙස් ගත්තේය. ඔහු මගේලගෙන් තමන් සිටිය යුත්තේ කොතනදැයිද පවා ඇසුවේය. මෙය මාධ්‍යට හා සමහරක් මිනිස්සුන්ට විහිළුවක් විය ඔවුන් දිගින් දිගටම මාලිංගට හිනා විය. නමුත් කාටවත් තේරුම් ගන්න බැරි වුන මාලිංග ගේ නිහතමානී බව.WT20 තරගාවලි ජයත් සමග මාලිංග නැවතත් ජනප්‍රිය විය. නමුත් ඔහුගේ අවාසනාවට නැවතත් මාධ්‍ය මාලිංගව විවේචනය කරහ. මෙවර ඔවුන් හේතු වශයෙන් දැක්වුයේ මාලිංග හා එවකට පුහුණුකරු චමින්ද වාස් අතර ආරවුලක් ඇති බව කිමෙන්ය. නමුත් මේවා සියල්ලම චමින්ද වාස් ප්‍රතික්ෂේප කළේය.2014 අග බාගයේදී මාලිංග නැවතත් අබධයට ලක්විය. නමුත් කෙලෙස හෝ ප්‍රතිකාර ලබාගෙන ඔහු නැවත 2015 world cup එකට සහබාගි විය. මෙහිදී මිනිසුන් ඔහුගේ අදිශ්ටානය හා කැපවීම අගය කිරීම පසෙකලා ඔහුගේ බඩ ගැන කතා කිරීමට පටන් ගත්හ.ඉන්පසු ශ්‍රීලංකා පුහුණුකරු මාර්වන් අතපත්තු මලින්ගගේ යෝග්‍යතාව ශ්‍රීලංකාවේ පරාජයන්ට හේතුව බවට චෝදනා කළේය. නමුත් ඔහු කිසිවිටකත් මාලිංග ගේ අබාධය පිළිබද අවධානය යොමු කරේ නැත. ඉන්පසු ශ්‍රීලංකාව හා පකිස්ථානය අතර පවතී තරගාවලියට චන්දිමාල්ව ඇතුලත් නොකිරීම හේතුවෙන් ඔහුට නැවත චෝදනා එල්ල විය. නමුත් එම තරගාවලියේදී මාලිංග තමන්ගේ කණ්ඩායමට චාමර කපුගෙදර හා ෂෙහාන් ජයසුරිය එකතු කරගත් අතර ඔවුන් දෙදෙනා එම තරගාවලියේදී ඉහල දක්ෂතා දැක්විය. නමුත් මාධ්‍ය හා මෙම සම'හරක්' මිනිසුන් මේ මාලිංග විසින් අලුත් ක්‍රීඩකයන්ට දුන් අවස්ථාව දුටුවේ නැත. නැවතත් ඔහුගේ කරුමයකට මෙන් මාලිංග තරගාවලියේදී අසාර්ථක විය. මෙම අවස්ථාව මාධ්‍යට හා අර සම'හරක්' මිනිසුන්ට මාලිංගට අපහස කිරීමට අනගි අවස්ථාවක් විය. නමුත් මෙම අවස්ථාවේදී මාලිංග නිහතමානිව පැවසුවේ ඔහු නැවතත් ඔහුගේ සුපුරුදු රිද්මයට පැමිණෙන බවය. ඔහු කිපරිදීම ඔහු බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහි තරගාවලියේදී ඔහුගේ සුපුරුදු දක්ෂතාවයට පැමිණියේය.ඔහු 140kmph වේගයෙන් යෝකර් පන්දු යැව්වේය. නමුත් මෙම අවස්ථාවේදී ඔහුගේ දක්ෂතා ඇගයීම පසෙකලා මාධ්‍ය ඔහුට නැවතත් චෝදනා කළේය. මෙවර ඔවුන් හේතුව ලෙස දැක්වුයේ මාලිංග අභාවප්‍රාප්ත හිමිනමට ගෞරව කිරීම ලෙස අතේ කහ පටියක් පලදෙගන නොසිටිමය. නමුත් එම තරගයේ රුප බැලීමෙන් පසක් වුයේ ඔහු එම කහ පටිය පලදෙගන සිටිය බවය. මාලිංග සමග මේ තියෙන තරහ කවදා අවසන් වේදැයි අපි දන්නේ නැත. නමුත් ඕනි බුද්ධිමත් ප්‍රේක්ෂකකුට මාලිංග ගේ සැබෑ දක්ෂතාව හා ඔහුගේ කැපවීම දැකිය හැක. මාලිංග කිසි විටෙකත් දේශපාලනික වාසි ලබාගත්තේ නැත. ඔහු මධ්‍යසාර බාවිතා කරන්නේ නැත. ඔහු සිගරට් බොන්නේ නැත නමුත් මිනිසුන් ඔහුගේ කොණ්ඩ මෝස්තරය තවමත් විවේචනය කරයි. අපේ අවාසනාවකට මෙන් සම'හරක්' ප්‍රේක්ෂකයෝ මාලිංගගේ දක්ෂතා හා ඔහුගේ කැපකිරීම් තවමත් තේරුම් ගෙන නැත. ඔවුන් තවමත් මාලිංග ගේ අගය තේරුම් ගෙන නැත. එම නිසා අපිට බලාපොරොත්තු විය හැක්කේ එම පිරිස් හා මාධ්‍යන් කවදා හෝ මාලිංගව හා ඔහුගේ දක්ෂතා තේරුම් ගනි කියාය.



උපුටාගැනීමකි...
Translation credits : Navin wijethilaka.
Read more...

Wednesday, November 25, 2015

සිහිසුන් වූ මහා රාවණ නැගිට්ටාද ?



මිරුන්ඩෝ ඔබේ සේකර මහාතානෙණි. ඉතිහාසය යනු වෙනස් වන කියවීමක් වුවත් ඔබ මව්බිම පුවත් පතට 2012 දී ලියු 2012 ලෝක විනාශය යනු සිහිසුන් වු මහා රාවණා සිටිනා ඇලයෙන් අනික් ඇලයට හැරිමයි යන කියමන මේ වන විට අමතක වුයේ කේසේද යන්න ගැටලුවකි . ඔබට එය අමතක වීම සාදාරණය ........ රාවණ නැගිට්ටේ වසර 5 පෙරදීයි කියා තව තවත් මිනිසුන් රාවණ කථාව තුළ අතරමං කිරිමටනම් කිසිසේත් ඔබට අයිතියක් නැත ........

හෙළයන්ට මහා රාවණ රජුගෙන් ඔබ්බට ගිය මහා විරුවකු නැත. දුටුගැමුණු, පැරකුම් ආදී සිව් හෙළය එක්සේසත් කළ මහා විරුවන්ගේ විරුකම් සියල්ල අබිබවා මහා රාවණ රජුගේ වීරත්වය මතුවීමට බලපෑ ප‍්‍රධානතම හේතුව වනුයේ ලංකාපුරයට නැතහොත් මහා රාවණව සතුරකු බවට පත්කර රාම වීරයකු කිරීමට උත්සහ දරමින් ඉන්දියානු පොළෝතලයේදී වාල්මිකී විසින් ලියන ලද රාමායණයේ මහා රාවණගෙන් මතුකර පෙන්වන ස්වභාවයයි. සාමාන්‍යයෙන් රාම වීරත්වයට පත්කිරීමට උත්සහ දරන ලේඛකයකු තම ප‍්‍රතිවාදියා වර්ණනා කිරීමට උත්සහ නොදරයි. එහෙත් වාල්මිකීට නොදැනුවත්වම වරින්වර මහා රාවණ රජුගේ ස්වභාවය ගෞරව පූර්වකව විග‍්‍රහකරයි. මෙහිදී අප තේරුම් ගතයුතු එක් දෙයක් වනුයේ වාල්මිකී උත්සහ ගත්තේ මහා රාවණ රජු නරකයකු කිරීමට තැත් දැරූ බවය.

පසුගිය කාලයේ ‘මහා රාවණ කවුරු අතරත් කතිකාවක් බවට පත්විය. 2012 වසර මහා රාවණ වසර ලෙස හැඳින්වීමට මෙන්ම මහා රාවණ රජුගේ යළි නැගිටීම පිළිබඳ විවිධ වූ මතවාද සමාජයේ කතාබහට ලක්වෙමින් එකකට එකක් පරස්පර වූ මතවාද හරහා සිදුවනුයේ අප ඉහළට ඔසවා තැබූ හෙළ කතිකාව යළි ආපස්සට ගමන් කිරීමය. එබැවින් අප යමින් සිටි සක්වළ චක‍්‍රය, පෘථිවිය ජනාවාස වීම, ගුවන් තාක්‍ෂණය, පිරමීඩ වැනි ප‍්‍රබල මාතෘකාවලින් මඳකට හැරී යළි ‘රාවණ රජුගේ නැගිටීම’ පිළිබඳ පැහැදිලි කරදීමට සිතුවෙමි. එයට බලපෑ අනෙක් හේතුව වූයේ මේ පිළිබඳ අති විශාල පිරිසක් සිදුකළ විමසීම්ය.

රාමායනයට අනුව මහා රාවණ රජු මිය ගියේය. එහෙත් මහා රාවණ කතා පුස්තකය හා සිද්ධ රාජ පත්ඉරුවල සඳහන් වන පරිදි යුද්ධයේදී විෂ හී පහරකින් රාවණ රජු සිහි මුර්ඡුාවී ඇත. මෙය සිදුවිය හැක්කක්ද? නොහැක්කක්ද? යන්න පිළිබඳ කතා කිරීමට මෙහිිදී උත්සහ නොකරමි.
පැරණි රන්පත් ඉරුවල සඳහන්ව තිබූ විස්තරයක් මෙම පුස්කොළ ලියවිල්ලේ සඳහන් වෙයි. එම ග‍්‍රන්ථයට අනුව 2012 වසරේදී මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය යළි ප‍්‍රකෘති තත්ත්වයට පත්වීම ඇරඹෙයි. එය එහි සඳහන්ව ඇත්තේ දැනට දේහය තියෙන ඇලයෙන් වෙනත් ඇලයකට හැරීම ලෙසය.

පුස්කොළ ග‍්‍රන්ථයට අනුව මෙසේ සිහිමුර්ඡුා වූ දේහය නුවරඑළියේ මහකුඩුගල කඳු මුදුනේ, ගලින් කළ මංජුසාවක බෙහෙත්වලින් පදම් කොට ආරක්‍ෂිත ලෙස තැන්පත් කොට ඇත. සිරුරේ ආරක්‍ෂාවට විශේෂ යක්‍ෂ ගෝත‍්‍රික ආත්මයන් නවතා ඇති බවත් සඳහන් වෙයි.

මෙලෙස සඟවන ලද දේහය සමග ස්ථාන කිහිපයක මිරිවැඩි සඟළ, පසින්ගල් මාණික්‍යයක් මෙන්ම රාවණ මහ රජුට අයත්ව තිබූ සියලූම වස්තුවද ඇතුළත් සතර මහා නිධානයන්ද පවතින බව සඳහන් වෙයි.
යම් දිනක මහා රාවණ රජුගේ සිහිමුර්ඡුා වූ දේහය, සිහිමුර්ඡුාවෙන් මිදෙන බවත්, ඒ සඳහා කළ යුතු වත්පිළිවෙත්ද එහි සඳහන් වෙයි.

මෙලෙස මෙම නිධාන තැන්පත් කරනු ලැබුවේ විභීෂණ විසින් බවද එහි සඳහන් වෙයි. එය සරලව ගතහොත් ලක්ගල කඳු මුදුනට අටසිල් රකින පිරිමි අය 108ක් කරණීයමෙත්ත සූත‍්‍රය දේශනාකරමින් ගොස් පසින්ගල් මැණික සොයාගත යුතුය. මෙම මැණික ගල් පර්වතයක තැන්පත්කර ඇතැයි සැලකේ. එම ගල් පර්වතය විවර වී මැණික එළියට එන අතර, එය සමන් මල් යහනක තැබිය යුතුය. එවිට එම මැණික තුළින් මිරිවැඩි සඟළ ලබාගත යුතු ආකාරය දැකගත හැකිවෙයි.

මෙලෙස සොයාගන්නා මිරිවැඩි සඟළ රැුගෙන විත් මහාකුඩුගල දේහය ඇති ගල් දෙණ අසල තැබූ විට ගල් දෙණ විවරවන බවත්, ඉන්පසු ශ‍්‍රී දේහය ගංගානම් ගෙඟ් ජලයෙන් තෙමිය යුතු බවත් සඳහන් වෙයි. මෙලෙස සිදුකිරීමෙන් පසු රාජාධි රාවණ නැගී සිටිනු ඇත. ඒ වූකලී රාවණ රජුගේ නැගිටීමයි.

රාජාධි රාවණ - අසුර අධිරාජ්‍යයා වීම
විරු රාවණ - වීරත්වයෙන් යුතු බැවින්
තිර රාවණ - ස්ථිර වූ හැඟුමෙන් යුත්
රණ රාවණ - රණකාමීත්වයෙන් හෙබි
සිරි රාවණ - පුරුෂ ලක්‍ෂණයන්ගෙන් යුත්
තරු රාවණ - නක්‍ෂත‍්‍රය හා තරු පාලනය
පුත් රාවණ - පිරිමි දරුවන් සහිත
මනු රාවණ - මහා සම්මතය උරුම වූ
දික් රාවණ - තුන් ලොව ජයගත් බැවින්
රාජ රාවණ - දක්‍ෂතාවන්ගෙන් පිරි

මෙවන් වූ දශ නාමයන්ගෙන් යුත් මහ රජු නැගී සිට භාවනා කිරීම උදෙසා හිමාලයට පිටවී යයි.
මෙය සිදුවිය හැක්කක්ද? මෙහිදී මතුවන ගැටලූසහගත තත්ත්වයන් ගණනාවකි.

මෙය සිදුවිය හැක්කක්ද? වසර පන්දහසකට පෙර තැන්පත් කළ මිනිස් ශරීරයක් ක‍්‍රියාකාරීත්වයෙන් පැවතිය හැකිද? මහා රාවණ රජු පාවාදුන් විභීෂණ විසින් යළි නැගිටිය හැකිලෙස රාවණව තැන්පත් කරයිද? එසේම රාමගේ ජයග‍්‍රහණය, විභීෂණගේ රාජ්‍ය පැහැරගැනීම ආදී සියල්ල තුළ සතර මහා නිධාන ලෙස මහා රාවණ රජුගේ සම්පත් සැඟවීමට හැකිවේවිද කියා සිතිය නොහැකිය. මේ සියල්ලටම වඩා මමියක් යළි නැගිටිය හැකිද?

අප මෙය අවබෝධ කරගැනීමට උත්සහ දරමු. නවීන විද්‍යාවෙන් ඔප්පුකොට ඇති තත්ත්ව මත යම් ජීවියකු අධි නිද්‍රාවට පත්කොට ඔහුගේ දේහය ආරක්‍ෂාකාරී ලෙස පවත්වාගෙන, යම් දිනක යළි නැගීසිටීමේ හැකියාව පවතියි. භාවනාව තුළින් මෙය ඉතා ප‍්‍රබල ලෙස කළ හැක්කකි. රාවණ රජු යනු ද්වාපර යුගයේ ජීවත්වූවකු වන බැවින් ඔහුගේ ආයුෂ කාලය ඉතා දිගු කාලයක් ලෙස අපට සිතිය හැකිය. යම් අවස්ථාවක ඔහුගේ ශරීරයෙන් මනස ඉවත් වුවහොත් ශරීරය ආරක්ෂාකාරීව පවත්වාගෙන ගොස් යළි ශරීරය හා එක්වීමේ අවස්ථාවද ඇත. එය තවත් ප‍්‍රායෝගික වනුයේ රාවණ යනු මුණිවරයකුගේ සමාන මට්ටමට ප‍්‍රබල ලෙස ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කළ අයකු වීමයි.

එහෙත් මෙහිදී අප පෙර සඳහන් කළ අනෙක් ප‍්‍රශ්න පිළිබඳ සිතා බැලීමේදී මෙය ප‍්‍රායෝගික නොවන බවද හැගෙයි. විභීෂණ කිසිලෙසකත් තම සතුරාව යළි නැගිටිය හැකි ලෙස තැන්පත් නොකරනු ඇත. එසේම අප අටසිල් රකින මිනිසුන් ගැන කථා කරනුයේ බුදු දහමේ පැමිණීමෙන් පසුවය. කරණීයමෙත්ත සූත‍්‍රයද පසුකාලීන කතාවකි. අදින් වසර පන්දහසකට පෙර රාවණ යුගය යනු නිර්මාංශික සමාජයකි. රාවණ රජු යනු නිර්මාංශික රජෙකි. එසේම එක චර්යා වෘතය තදින් පිළිපැදි රජෙකි. එසේනම් ඔහු පාලනය කළ සමාජයද එබඳුම විය යුතුය. දේව අධ්‍යාපනය හරහා අටසිල් නොව එය ඉක්මවා ගිය සීලයක් සහිත මිනිසුන් සොයා ගැනීමේ ගැටලූවක්ද නැත. එවන් යුගයක රාවණ රජු යළි නැගිට්ටවීමේ ක‍්‍රමවේදය ඉතා සාර්ථකව එකල්හිම කරගත හැකිව පැවතුණි. රවි ශෛලාෂ වංශය නැතහොත් ඉන්ද්‍රජිත්ගේ පරපුර සිහිසුන් තම පියා, සීයා හෝ නායකයා යළි නගාසිටුවීමට කිසිවක් නොකර බලා නොසිටිනු ඇත. අනෙක් කාරණය ආයුර්වේදයෙන් සතුරා පවා සුවපත්කළ හෙළ වෙදදුරන් බලා නොසිටිනු ඇත.

‘රාවණගේ යළි නැගිටීම’ මෙය ඉතා බුද්ධිමත්ව තේරුම් ගත යුත්තකි. ‘රා’ යනු ඉරයි ‘වණ’ යනු පරපුරයි. එනම් සූර්යයාගෙන් පැවත එන පරපුරයි. වර්තමානය වනවිට ලොව භාවිතවන ප‍්‍රධානම ශක්ති ප‍්‍රභවය වනුයේ ඉන්ධනයි. එහෙත් තව ඉතා සීමිත කාලයක් තුළ ඉන්ධන නිමවන බවට අනතුරු අගවා ඇත. එසේ සිදුවුවහොත් ලෝකයම අක‍්‍රිය වනු ඇත. වාහන, ගුවන්යානා, යන්ත‍්‍ර සූත‍්‍ර සියල්ල බිඳ වැටෙනු ඇත. ඉන්පසු ස්වභාවික ශක්තිය සොයා යෑමට ලෝකයට සිදුවනු ඇත. එයින් ඉදිරියට එන ශක්තිය වනුයේ සූර්ය ශක්තියයි. එනම් හිරුගෙන් වැඩ ගන්නා යුගය ආසන්නයට අප පැමිණ ඇත. එනම් රාවණ යුගයයි. රාවණගේ නැගිටීම යනු එයයි. ලෝකයේ සූර්යා ලෝකය මෙන්ම, ස්වභාවික බල ශක්තීන් බහුල රටක් ලෙස ලංකාවට මෙම යුගය ඉතා වැදගත් කාල පරිච්ෙඡ්දයක් වනු ඇත.පසුගිය දිනක ඉදිරිපත් කල අයවැයෙන් ද ස්වභාවික බලශක්තින්ට මුල්තැනක් දී තිබු බව කරුණු විමසා බැලීමේදී පෙනී යයි....

අනෙක් කරුණ වනුයේ ‘රාවණ’ යනු ශක්තියකි. වරින් වර අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තබන ශක්තියකි. අපේ ඉතිහාසයේ මෙලෙස රාවණ ශක්තිය අවදි වූ කාල පරිච්ෙඡ්ද කොතෙකුත් පවතී. බලි රාවණ, තරු රාවණ, පරාක‍්‍රමබාහු, සිතාවක රාජසිංහ ආදී යුගවලදී අප රටතුළ මෙම ශක්තිය ක‍්‍රියාත්මක විය.

මෙය උදාහරණයක් ලෙස මෙලෙස සිතමු. 2012 වසර වනවිට අප රට එක්සේසත්ව ඇත. මහා මාර්ග, පාලම්, උමං පද්ධති, ගුවන් තොටවල්, ඉදිවෙමින් පවතී. මෙය අප ඉතිහාසයේ නොදැකපු කාල පරිච්ෙඡ්දයකි. මෙලෙස වෙනස් වන පරිසරය හරහා අප රට දියුණුවට පත්වුවහොත් වසර දහස් ගණනකට පසු රාවණ ශක්තිය නැගී සිටි යුගයක් ලෙස මේ කාලය පිළිබඳ කතා කරනු ඇත.

රාවණ රජුගේ ආත්මය අප රටේ ක‍්‍රියාත්මක වීම ඇරඹී අවසන්ය. 2011 අපේ‍්‍රල් මාසය මෙම මහා පරිවර්තන යුගයේ ආරම්භය ලෙස සැලකෙයි. මෙය ඉදිරියට වසර විසිහතරක් ක‍්‍රියාත්මක වේ යැයි සැලකේ. මෙම යුගයේ උච්චකාල සීමාව තුළ ලංකාවේ ගිනිකොණ දිග බවුමෙන් රාවණ ශක්තියෙන් මතුවන නායකත්වයක් බිහිවෙයි. මේ හරහා ලෝක බැමි බිඳවැටී ලොවම පිළිගන්නා නායකත්වයක් අප රටෙන් බිහිවෙයි.
මහා රාවණ රජු බොහෝ රටවල් තම පාලනයට යටත්කොට ගත්තේ යුද්ධයෙන් නොවන අතර, තම නායකත්වයේ ශක්තිය හරහාය. ඉදිරි යුගයේදි සිදුවනුයේද එයයි. දේශීය සම්පත් උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගැනීමටත්, ආසියාවම බල ගැන්විය හැකි රාවණ රජුගේ බල ශක්ති කේන්ද්‍රය ඉදිරි කාල සීමාවේදී කඳුකරයෙන් සොයාගත හැකිවනු ඇත. කඳුකරයේ නිරිතදිග බෑවුමට වන්නට ඇති රන් නිධි පිළිබඳ තොරතුරු ලැබෙනු ඇත මැණික් නිධි තවතවත් සමුවනු ඇත. මේ වූ කලී රාවණ ශක්තිය නැගී සිටින විට නැතහොත් පරිවර්තන යුගයේ සිදුවන පොදු සිදුවීම්ය. මෙය දැනුම පහළ වන යුගයකි.

හෙළයන් තුළ ප‍්‍රබල මානසික පරිවර්තනයක් සිදුවනු ඇත. මෙතෙක් ආගන්තුක වූ විශ්වඥාන ශක්තිය එළිවීම මෙන්ම නව තාක්ෂණික ක‍්‍රමවේද මෙම පරිවර්තන යුගයේදී බිහිGවීම සිදුවෙයි.

මෙය හොඳින් තේරEුම්ගත යුතුය. මෙය රාවණ නිධාන, රාවණ අසිපත් සොයා යෑම හෝ නිදන් කැඞීමම හරහා ලබාගත නොහැක්කකි. කෞතුකාගාරෙ කැමරා විසන්ධි කොට කඩු මංකොල්ල කා ලබාගත නොහැක්කකි..මෙය පරපුරෙන් උරුම වන්නාට හිමිවන්නක් මිස උත්සහයෙන් ලබාගත හැක්කක් නොවේ. නොඑසේනම් මේ වනවිට රාවණ ශක්තියද බි‍්‍රතාන්‍යයට හෝ ඇමෙරිකාවට ගෙනගොස් අවසානය.
Read more...

Tuesday, May 5, 2015

වැදගත් වින්ඩෝ'ස් කමාන්ඩ් කීපයක්


කවුරුත් දන්නව නේ Run dialog box එක.

Run dialog box ගන්ඩ පුලුවං “Win + R” ටයිප් කරල
නැත්තං “Win + X” ටයිප් කළාම එනව මෙනු එකක්. ඒකෙ හැමදෙයක්ම තියෙනව

මෙන්න වැදගත් කමාන්ඩ්ස් කීපයක්

1. “\” මේකෙන් සී ඩ්‍රයිව් එකට යන්ඩ පුලුවං 

2. “.” ඔයාලගෙපෞද්ගලික යූසර් ෆෝල්ඩරේට යනව

3. “..” ඉන්න ඔක්කොම යූසර්ලගෙ ෆෝල්ඩරේට යනව..

4. mrt මේක ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්. ටයිප් කරල රන් කරල බලන්ඩ. පොඩි මැල්වෙයා ස්කෑන් එකක්.. හැබැයි වින්ඩෝස් අප්ඩේට් සක්‍රීය කරල තියෙනවනං තමා ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. වින්ඩෝස් අප්ඩේට් චෙක් කරද්දි දැකල තියෙනව නේ, Malicious Software Removal Tool කියල. මේක තමා මේ සකෑන් එකට උදව් වෙන්නෙ.. හරියට වයිරස් ගාඩ් එකක ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙනව වගේ...

5. regedit මේකනං ගොඩක් අය දන්නව. වින්ඩෝස් රෙජිස්ට්‍රියට කෙළින්ම යන්ඩ පුලුවං

6. msconfig මේකත් ගොඩක් වැදගත් වෙන කමාන්ඩ් එකක්.. ට්‍රයි කරලම බලන්ඩ.

7. msinfo32 ගොඩක්ම වැදගත් කමාන්ඩ් එකක්. සමහරක් අයගෙන කම්පියුටරේ ගැන විස්තර ඇහුවම උඩ බිම බලනව.. මෙතනට ගියාම ඔයාලගෙ කම්පියුටරේ ගැන සියලුම විස්තර බලාගන්ඩ පුලුවං..

8. DxDiag ට්‍රයි කරලම බලන්ඩ 

9. wuapp කන්ට්‍රෝල් පැනල් එකේ වින්ඩෝස් අප්ඩේට් 

10. sysdm.cpl – System Properties window එකට යන්ඩ පුලුවං

වැඩිය දන්නෙ නැති, ගොඩක් වැදගත් වෙන රන් කමාන්ඩ්ස් කීපයක් තමා මම ඔය දැම්මෙ..
Read more...

Sunday, May 3, 2015

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා...


මොහදුර තිමිර පට විනිවිද විවරකර
තිවිදු නැණින් එලිකර භවදුර අදුර...
සුගත මුනි දිනු දින මොක්පුර සසර
සැනසුම ලැබේවා ඔබ පතනා මිතුර...
Read more...

Wednesday, April 29, 2015

ඇතුගල වෙහෙර




මාස ගානකට පස්සේ හම්බුන නිවාඩුවට පස්සේ මන් ගමට ආවේ මහා ලොකු බලපොරොත්තු ගොඩක් පුරවගෙන නොවුනත් ඔයාගෙ ඔය අහින්සක මූන බලල, ටික වෙලාවක් හරි ඔයත් එක්ක ඉන්ඩ මගේ හිත සති ගානක් තිස්සේ පෙරුපුම්පුරන්න ඇති..නිවාඩුවේ එක දවසක්වත් නාස්තිකරන්නේ නැතිව, පලවෙනි දවසෙම උදෙ මන් ගෙදර ආවේ කාලයක් එකතු කරගත්තු ලස්සන හීන හුගක් ලන්කරගෙන..ඒ හැම හීනයක්ම පිරිලා තිබුනේ ඔයාගෙයි මගෙයි ආදරෙන්.
කොටුවෙන් උදේම කෝච්චියට නැගපු හින්දා විඩින් විඩේට ඇස් දෙක පියවුනේ මටත් නොදැනීමයි.ඒත් නින්ද වැඩි වෙලාවක් තියෙන්න නොදී මාව ඇහරුනේ ඔයාව මං ඉස්සරහා ඉන්නව වගේ පෙනුනු හින්දයි.බලන බලන අතේ පෙනුනේ ඔයාවමයි ,ඔයගේ හිනාවයි..ඒක හීනයක් වුනත් ගෙදර එන ටිකට හරි ඔයාගෙ ඔය ලස්සන හිනාව, කතාකරන ඇස් මගේ ලගින්ම දකින්න ආසවුන හින්දා තව ටික වෙලාවකට හරි ඇස් පියාගන්න මන් හැදුවේ..කොච්චර වෙලාවක්ද කියලා නොදැනුනත් , තව ටික වෙලාවක් එහෙමම නින්ද යන්න ඇති.තවත් ටික වෙලාවකින් මට ඉබේටම වගේ ඇහරුනේ කුරුණෑගලට ආවට පස්සේ..

හැමතැනම ඉස්සර වගේමයි, අපි ඉස්සර ඇවිදන් ගියපු පාරවල් දැකපු ගස් කොලන් තාමත් එහෙම්මමයි.අපේ ජීවිත එක තැනක නොතිබුනත්, අපේ ජීවිතවල මතක රැදිලා තිබුන තැන් එහෙම්මම තිබුනේ හරියට කවදාවත් මැකිලා යන්නැති සමරු සටහන් වගේ.ඒ තැන්වල අපි ගෙවපු ලස්සන අතීතෙ ,කතාකරපු දේවල් අකුරක් ගානේ ලියවිලා ඒ විදිහටම පරිස්සම් වෙලා ඇති.ගෙදරට ආවත් වැඩිවෙලාවක් ගේ ඇතුලටම වෙලා ඉන්ඩ හිත ඉඩ නොදුන්නේ.ඔයා ගැනම මතකයන්ගෙන් හිත පිරිලා තිබුන හින්දා.ඇත්තටම මටම මගේ හිත අවනත නෑ කියලා වෙලාවකට හිතුනා..හැම තැනම අවුරුද්දට කලින්ම ලෑස්ති වෙවී තිබුනේ.මිනිස්සු විතරක් නෙවේ ගස් කොලනුත්. ලා කොල පාටට දලු දාල තිබුන ගස් වල පාට, හැමදාම මේ කාලෙට තියෙන අවුරුද්දේ පාට පරිසරේට ගෙනල්ල දීල තිබුනා.ඉතින් හැම දෙනාටම අවුරුද්දට ලෑස්තිවෙන්න ඉඩදීල, මන් ගෙදාරින් එලියට ආවේ මගේ අවුරුද්ද.. හැම්දේම ඔයා නිසා...

පාක් එක හරියෙන් ඇවිදගෙන යද්දි හිතට දැනෙන්නේ පුදුමාකර හිත සැනසිලා යන හැගීමක්.මේ හැමදේම ඉස්සර වගේමයි.අපි කොච්චර නන් අත් අල්ලගෙන මේ හරියේ එහා මෙහා යන්න ඇත්ද.ටික දුරක් ඇවිදගෙන එද්දී ඇග සීතලකරගෙන යන හුලග, වැව රවුමේ ඉස්සර ගෙවපු කාලේ මතක ආපහු අරන් එනව.පාරවල් පොඩ්ඩක් වෙනස්වෙලා තිබුනත් හැමදේම ඉස්සර වගේමයි.අපි ඉස්සර ඉදගෙන හිටපු තැන්වල හුගක් ලන්වෙලා, ඉර බැහැලා කලුවර වෙනකන් තුරුල්වෙලා හිටපු තැන්වල තවමත් ආදරේ අඩුවක් නෑ..ස්වභාවධර්මේ හැම පෙම්වතෙකුටම තමන්ගේ සිසිලේ ආදරේ විදගන්න එක වගේ ඉඩ දීල තිබුන.ටික වෙලාවකින් ඔයාලගේ ගෙදර ගාවට ආවත් කවුරුවත්ම පේන්න හිටියේ නැති හින්දයි. මං කීප පාරක් එහාට මෙහාට ගිහිල්ලා ගේ වටේ බැලුවේ.සෑහෙන වෙලාවක් හිටියත් කව්රුවත් ආවේ නෑ, ගේ ගාව පන්සලක් තිබුන හින්දා මන් ටිකක් එහාට ගියේ කාගෙන් හරි ඔයා ගැන දැනගන්න....හා......මේ දේවල් කොහොමද වුනේ...ඔයාලා ගමෙන් ගිහිල්ලා..ලග ගෙදරකින් මන් අහලා දැනගත්ත විදිහට ඔයාල දැනට මාසෙකට විතර කලින් වෙන දිහාවක පදින්චියට ගිහින්..ඒත් ඇයි ඔයා මට මෙහෙම දෙයක් කලින් නොකීවේ.ඔයා හොදටම දන්නව මන් ඔයාට කොච්චර ආදරේද කියල..ඒත්.... ඇයි මේ...............................

ටික වෙලාවකට මගේ හිතට හුගක් දේවල් එක පිට එක එන්න ඇති.හරියට පොතක පිටු එක දිගට පෙරලගෙන යනවා වගේ...ඔයාගේ නම්බර් එකක් මගේ ලග තිබුනත් ටික කාලෙක ඉදන් ඒකත් වැඩ නෑ.. හ්ම්ම්....කතාකරන්න වැඩි වෙලාවක් තිබුනෙත් නැති හින්දා මන් හිතුවේ ඔෆ් කරලා කියලයි.දැන් එකෙනුත් වැඩක් නෑ...තව කීප දෙනෙක්ගෙන් අහලා බැලුවත් ඒ කව්රුවත් ඔයාල ගිය දිහාවක්වත් හරි තොරතුරක්වත් දැනන් හිටියේ නෑ..කාගෙන්වත් සතුටු වෙන්න පුලුවන් කිසිම තොරතුරක් හම්බුනේ නෑ..ඇයි ඔයා අඩුම තරමේ මටවත්...........වටේම කරුවල වැටීගෙන එනව..ඔයා ගැන හිත හිතා හිටපුහින්දා මට කිසිම දෙයක් ගැන ගානක් තිබුනෙ නෑ.ඇතා ගල උඩින් ටික ටික හද පායගෙන ආවත් මට දැනුනේ ,ඒ හදේ ඉස්සර තරන් එලියක් නෑ වගේ.ගල උඩට යන පාරේ වෙනදා වගේම මල් පිපිලා තිබුනත්,මගේ හිතේ හැම තැනක්ම පිරිලා තිබුනේ ඔයගෙනුයි, ඔයාගෙ මතක වලිනුයි.මං ටික දුරක් ඇවිදගෙන ආවේ කිසිම හැගීමක් නැතුව ඔහේ ඉබාගාතේ.පන්සලේ ඝන්ටාර සද්දේ ඉදලා හිටලා ඇහුනත් වෙන කිසිම සද්දයක් නැතුව හැම තැනක්ම මහා නිහඩියාවක ගිලිලා තිබුනේ..සමහර විට මට වෙන මොකුත් ඇහෙන්න නැතුව ඇති.......මම ගල මුදුනටම වගේ එන්න ඇති'කව්රුවත් නැති හරියකට ඇවිල්ලා පැත්තකට වෙලා ඉදගෙන, අත් දෙකට ඔලුව බරකරන් සෑහෙන වෙලාවක් අපේ මතකවල ගිලිලා හිටිය....එන්න එන්න මුදුන් වෙන හදේ එලිය ගල උඩට හොදටම වැටිල..ඒ එලියේ බොද වුනු කදුලු කැට අස්සෙන් යාන්තමට පෙනුනු ඔය ඇස් දෙක හොදටම බලාගන්නයි මං හෙමින් සැරේ තවත් ඇස් දෙක පියා ගත්තේ............

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිනි  රෑන්//
නුබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කද වෙහෙර මලුවෙ මන්
හැඩුවේ දුකට රත්තරන්.....//

රන්තාලිය වැව ලග උන් කාලය මතකද 
අතීත මතක අරන් නුබ ගිය දුරක තරම
වැව පාමුල ඉදගෙන මන්
හැඩුවේ දුකට රත්තරන්.....

ඇතුගල කන්ද කන්ද තවම සද සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හද ගිනිවැදුනම
කුරුනෑගල අහසත් දැන් ......
හඩාවි දුකට රත්තරන්.....

download song...      
Read more...

fb comments

Comment with Facebook