details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Monday, October 6, 2014

බ‍්‍රැඞ්මන්ගෙන් පසු විශිෂ්ටතමයා සංගක්කාරද

දෙවැනි ලෝක යුද්ධය පැවැති 1948 දී ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගත්දා පටන් ලෝ පුරා කි‍්‍රකට් විචාරකයන්ගේ නිමා නොවන සංවාදය වූයේ බ‍්‍රැඞ්මන්ගෙන් පසුව බිහිවූ හොඳම පිතිකරුවා කවුරුන්ද යන්නයි.

විවියන් රිචඞ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), බැරී රිචඞ්ස් (දකුණු අපි‍්‍රකාව), ග‍්‍රැහැම් ගූච් (එංගලන්තය) සහ ග්‍රෙග් චැපල් ( ඕස්ටේ‍්‍රලියාව) ආදී සියල්ලන්ම ඒ සඳහා සලකා බැලූන නමුත් කිසිවකුට බ‍්‍රැඞ්මන් අසළට ළංවීමට නොහැකි විය. 

කෙසේ වෙතත් ටෙස්ට් තරග 200 වාර්තාවත්, එතෙක් ලබා ගත් ලකුණු සංඛ්‍යාව සහ කි‍්‍රකට් කී‍්‍රඩකයකු වශයෙන් තිබූ ආත්ම ධෛර්යයත් සලකා බලන කල්හි බ‍්‍රැඞ්මන්ගෙන් පසුව ‘විශිෂ්ටතම පිතිකරුවාට’ හිමි කිරුළ සචින් තෙන්ඩුල්කාර්ට උරුම වෙතැයි බොහෝ දෙනාගේ නිගමනය විය.  

එහෙත් සිය 36 වැනි ටෙස්ට් ශතකය ලබාගනිමින්, ලෝකයේ වැඩිම ටෙස්ට් ශතක ලාභීන්ගේ ලයිස්තුවේ 6 වැනි ස්ථානය දක්වා ඉහළ නැග සිටින කුමාර් සංගක්කාරගේ නමත් මේ සංවාදය සඳහා ඇතුළත් කළ යුතු යයි කිසිවකු කියනු ඇසේ.

මේ අලංකාර වමත් පිතිකරුවා මේ වන විට ටෙස්ට් තරග 123 කදී ලකුණු 11,298 ක් ලබා සිටින අතර එහි ඉනිමක සාමාන්‍යය ලකුණු 58.53 කි. 

ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කර ඇති පිතිකරුවන්ගේ ඉනිමක සාමාන්‍යය ගෙනහැර බැලූවහොත් සංගක්කාරට වඩා ඉදිරියෙන් සිටින්නේ ශී‍්‍රමත් ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන්, එංගලන්තයේ හර්බට් සුට්ක්ලිෆ් සහ කෙන් බැරින්ටන් දෙදෙනාත්  සහ බටහිර ඉන්දීය කොදෙව් හි එවර්ටන් වීක්ස් පමණි.

ටෙස්ට් තරග 25 කට වැඩියෙන් කී‍්‍රඩා කළ පිතිකරුවන් අතරේ හොඳම සාමාන්‍යය හිමි කී‍්‍රඩකයෝ

ඉතාමත් පැහිදිළිව කියතොත් සංගක්කාර සිටින්නේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ වංශවතුන් අතරය. එහෙත් ඔහු විසින් පවත්වාගෙන එන ලද සංඛ්‍යාත්මක දත්ත මඳක් ගැඹුරට විශ්ලේෂණය කර බලන්න. 

මෙම ආකර්ශනීය වමත් පිතිකරුවා, කඩුලූ රකින්නාගේ භූමිකාවට පණපොවමින් සිටි තරග හැර, පිතිකරුවකු වශයෙන් කී‍්‍රඩා කළ තරගවල සංඛ්‍යාත්මක දත්ත විමසා බැලූවහොත් ඔබ මවිත වනු නිසැකය.

සංගක්කාරගේ ටෙස්ට් තරග වාර්තාව 
පිතිකරුවකු වශයෙන් ඔහුට කළහැකිව තිබුණ යමක් වේද, කඩුලූ රකින්නකු වශයෙන් කටයුතු කළ කාලයේදී ඊට බාධා ඇතිවූ බව ඉතාම පැහැදිළිය. එහෙත් කඩුලූ රැුකීමේ අත් ආවරණ ඔහුගෙන් ඉවත් කළහොත් ඔහුට මෙවැනි සාර්ථක පිතිකරුවකු විය හැකියයි කිසිවකු අනාවැකි නොකියන්නට ඇත.

සංඛ්‍යාත්මක වශයෙන් ගෙනහැර බැලූවහොත්, තර්කානුකූලව මෙන්ම ප‍්‍රායෝගිකව පිතිකරුවකු වශයෙන් පමණක් සංසන්දනය කිරීමේදී, බ‍්‍රැඞ්මන්ට පමණක් දෙවැනි වන්නා සංගක්කාරය. 

එමෙන්ම පසුගිය වසර 15 ක කාලය පුරා අප අතරේ කතාබහට ලක්වූ සචින් තෙන්ඩුල්කාර් (53.78), රිකී පොන්ටිං (51.85), ජැක් කලිස් (55.37), බ‍්‍රයන් ලාරා (52.88), රාහුල් ද්‍රාවිඞ් (52.31), මොහොමඞ් යූසුෆ් (52.29), ෂිව්නරීන් චන්ද්‍රපෝල් (52.19) සහ තවත් එවැනි කි‍්‍රකට් කී‍්‍රඩාවේ මෑත කාලීන දැවැන්තයන්ට වඩා සංගක්කාර ඉදිරියෙන් සිටී.

පිතිකරුවකු වශයෙන් පමණක් කී‍්‍රඩා කිරීමේදී සංගක්කාර තමාගේ සියලූම ප‍්‍රතිවාදීන් කෙරෙහි අනුකම්පා විරහිතව කටයුතු කර තිබේ. සිය මවුබිමේදීද නැතහොත් විදේශයකදීද කියා එහි වෙනසක් නැත.

එංගලන්ත පිල හමුවේ (සාමාන්‍යය ලකුණු 43.80 කි) ඔහු තරමක් දුර්මුඛ වූවද ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ අඩුවෙන් හඳුනන පසුපෙළ සාමාජිකයන් වන බංග්ලාදේශය (124.00) සහ සිම්බාබ්වේ (140.50) කෙරෙහි ඔහු කිසිදු අනුකම්පාවක් දක්වා නැත.

ඒ අතරවාරයේදී සිය මවුබිමේ පමණක් ඇති, ලෝකයේ වෙනත් කොතැනක හෝ දක්නට නොමැති, ද`ග කැවෙන සුළු තණතීරු ඔහු වඩාත් පි‍්‍රයකරන ස්ථාන වී ඇති බවද නොරහසකි.

පිතිකරුවකු වශයෙන් ඒ ඒ ප‍්‍රතිවාදීන් හමුවේ සංගක්කාරගේ ලකුණු ලබාගැනීම්
පිතිකරුවකු වශයෙන් ශී‍්‍ර ලංකාවේදී සහ ඉන් පිටතදී සංගක්කාරගේ ටෙස්ට් දස්කම්   

පිතිකරුවකු වශයෙන්  ඕනෑම අකාරයේ ලෝක කණ්ඩායමකට සංගක්කාර තෝරා ගැනෙන්නේ කිසිදු විවාදයකින් තොරවය. එහෙත් බොහෝ අවස්ථාවන්හිදී සංගක්කාර දෙස බැලෙන්නේ කඩුලූ රකින පිතිකරුවකු දෙස බැලෙන දෘෂ්ටිකෝණයෙනි.

විවිධ අවස්ථාවන්හිදී තෝරාගන්නා ලද ලෝක කණ්ඩායම් වලට සංගක්කාර එක්නොවූ හේතුවත්,  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩම් ගිල්කි‍්‍රස්ට් එක්වූ හේතුවත් පහත වගුවෙන් පැහැදිළි වනු ඇත. ඇරත් ගිල්කි‍්‍රස්ට් පන්දු 100 කින් ලකුණු 81.95 ක් ලබාගන්නා හෙයින් ප‍්‍රතිවාදී පිල පීඩනය පත්කිරීමේදී එය ඉහළ වටිනාකමක් ගනී.  

සෑම් ෆෙරිස් විසින්  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් ආයතනයේ නිල වෙබ්අඩවියට සපයන ලද ලිපියක පරිවර්ථනයකි.

No comments:

Post a Comment

fb comments

Comment with Facebook