details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Monday, October 6, 2014

ලොවම සසල කළ සංගාගේ සංවේදී කතාව


ලෝඩ්ස් හි කොලින් කවුඩ්‍රි දේශනය පවත්වමින් කුමාර් සංගක්කාර මේ වනවිට ලාංකීය ඉතිහාසයේ අමරණිය නාමයක් බවට පත්වි හමාරය. ශ්‍රි ලංකාවේ ක්‍රිකට ගැන සිය දේශනය සිදුකරන මේ අපූර්ව ක්‍රිඩකයා ශ්‍රි ලංකාව වෙනුවෙන් මෙම දේශනය සදහා සහභාගිවන ප්‍රථමයා ය. පැයකටත් එහා ගිය කාලසිමාවක් තුල ව්‍යක්ත කතිකයකු ලෙස සිය දේශනය සිදුකරන සන්ගා, එතුල ලාංකීය ජනජීවිතය, සිරිත් විරිත්, ඉතිහාසය, ආගන්තුකසත්කාරය යන සියල්ල එකතුකරමින් වියත් ඉංගිරිසි භාෂාවෙන් සාහිත්‍යානුකුලව සිය දේශනය සිදු කරනුයේ සියල්ලන්ම මවිතයට පත්කරමින්ය.
සංගක්කාර සිය කථාව පටන් ගන්නේ හරි අපූර්ව ආකාරයට ය වසර 2500කට එහා ගිය ඉතිහාසයේ සිට වර්ථමානය දක්වා ඔහු මනා අයුරින් විස්තර කරමින් ඒ සමග ක්‍රිකට ආගමනය මනාව මුසුකර ගනි. යුරෝපියන් මෙරටට පැමින ක්‍රිකට් හදුන්වාදුන් ආකාරය එකළ ලංකාවේ පැවති සාමාජිය  රටාව සමගින් ඔහු පැහැදිලි කරයි, කෙසේ වුවද ධනපති පන්තියේ පාසල් අතික්‍රමනය කරමින් ආනන්දය ක්‍රිකට පිටිය ආක්‍රමනයකල ආකරය සහ ආනන්දයේ අර්ජුණ රණතුංග ලංකා ක්‍රිකට වෙනස්කල ආකරය පිලිබද ඔහු සිය දේශනයේ මනාව පැහැදිලි කරයි. මුරලි වෙනුවෙන් අභීතව නැගිසිටිමින්, මිලියන විස්සක ජනතා පැතුම් ද ඒහා සමග එකතුකරගනිමි අර්ජුණ නවතිනුයේ ලෝක කුසලානයද ලංකාවට රැගෙන එමිනි.
එලෙස මෙරට ක්‍රිකට් විරයන් පිලිබද සදහන් කල ඔහු ජාතිවාදි අරගල, තරුණ විප්ලවයන් මෙන්ම ලාහෝර් ප්‍රහාරයෙන් පසුව නැගි සිටි ආකරයත්, තමනට මුණගැසුනු හමුදා සෙබලකු සිදුකල කතාවක් මෙලෙස පවසයි "මම මැරුණට කමක් නෑ ඒක මගේ රස්සාව නමුත් ඔබ රටට වීරයෙක් ඔබ නැතිවුනොත් එක රටට පාඩුවක්" තමන් සුළු මොහොතක මුහුන දුන් අත්දැකීමට් සැම වෙලාවේම මුහුණදෙන අයකු සිදුකල මෙම ප්‍රකාශය නිසා මෙරටේ ජනතාව තුල ක්‍රිකට ක්‍රිඩාවට තිබෙන ආදරය කෙතරම්ද යැයි තමනට හැගුනු ආකාරය සංගක්කාර විස්තර කලේ එලෙසය.
වසර ගණනාවක යුරෝපීය පාලනයට ශ්‍රි ලාංකීය අභිමානය ශක්තිය බිද හෙලිය නොහැකිවු බවද ඔහු සිය කථාව තුල පසක්කරදුනි. තම නිවසට පැමිනෙන ආගන්තුකයනට සීනි දැමු තේ කෝප්පයක් ලබා දෙමින් තමන් කහට කෝප්පයක රස බැලීමට තරම් අව්‍යාජ ආගන්තුක සත්කාරයක් ශ්‍රි ලාංකිකයන්තුල ඇතිබව ඔහු එහිදි සදහන් කරනු ලැබීය. මේ ආකාරයෙන් තම රට ජාතිය පිළිබදව මහා ඉහලින් වර්ණනාකරමින් සිය දේශනය අවසන් කල සංගක්කාරට එහිදි ම්හත් උනුසුම් පිලිගැනීමක් ලැබින. ඔහුගේ කථාව අවසන සියලු දෙනා සිය අසුන්වලින් නැගිට අත්පොලසන් ලබා දෙමින් ඔහුට සිය ග්‍රර්වය පුදකර තිබින. මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ අභීතව සිය රට වෙනුවෙන් නැගි සිටිම වෙනුවෙන් සංගාට රජයෙන් ලැබෙන ප්‍රතිචාරය කෙලෙසක දැයි කිව නොහැකිමුත් ශ්‍රි ලාංකිකයන් ලෙස අප හැම දෙනාගේම ගෞරවය සංගක්කාරට හිමිවිය යුතුය.

No comments:

Post a Comment

fb comments

Comment with Facebook