details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

නාසි ආඥාදායක හිට්ලර් යනු රාවණ ගේ අනුගාමික ලංකාවේ ඉපදුන හෙළයෙකි

ජර්මානු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් ගැන ඔබ අසා නැතිවාට සැක නැතිය. සුද්දන් විසින් අපට ලියා දුන් විකෘති කරන ලද ඉතිහාසයට අනුව ඔහු දරුණු ඒකාධිපතියෙක්ය, ජන ඝාතකයෙක්ය, වර්ගවාදියෙක්ය. සුද්දන් විසින් කියපු දේවල් ඒ ලෙසම පිළිගැනීමට අපගේ මනස හැඩගස්වා ඇති නිසා ඔබ මෙතෙක් කල් එහෙම හිතුවත් ඔබට මම දොස් නොකියමි. වර්ගපූර්ණිකාව බ්ලොගයෙන් මේ හෙළිදරව් කරන්නට යන දෙයින් ඔබගේ ඒ අදහස වෙනස් වේවි යැයි පතමි.

මීට මාස කීපයකට පෙර මා මධ්‍යම කඳුකර ප්‍රදේශයේ රහසිගත ලෙනක සිට කුණ්ඩලීනී යෝගයේ විමංභා ශක්තියට සම වැදී සිටිමින් රාවනා ශක්තියට අනුලෝම වන්නට හදමින් හෙළ ඉතිහාසය ගැන විමසද්දී පෙනී ගියේ ඇඩොල්ෆ් හිට්ලර් යනු හෙළ රකුසෙක් බවත් ඔහු රාවණා රජතුමාගේ අනුගාමිකයෙක් බවත්ය. එහිදී මා හට ප්‍රත්‍යක්ෂ වූ කරුණු එකින් එක මෙලෙස දක්වන්නම්.

ඇඩොල්ෆ් හිට්ලර්ගේ පියාගේ නම අලෝයස් හිට්ලර් ය. අලෝයස් හිට්ලර්ගේ මව හෙවත් ඇඩොල්ෆ් හිට්ලර් ගේ ආච්චීගේ නම මරියා ඈනා ස්චික්ල්ගෘබර් ය. නමුත් අලෝයස් හිට්ලර්ගේ පියාගේ නම ඔහුගේ උප්පැන්න සහතිකයේ දැක්වෙන්නේ නැති නිසා අලෝයස්ට කුඩා කාලයේ සිටම තම මව වූ මරියාගේ වාසගම වන ස්චික්ල්ගෘබර් භාවිතා කරන ලදී. ඒ අනුව ඔහු කුඩා කල අලෝයස් ස්චික්ල්ගෘබර් නම් විය. නමුත් 1842 දී ජොහාන් නෙපොමුක් හීඩ්ලර් සමග මරියා විවාහ වූ අතර එතැන් සිට අලෝයස් තම වාසගම ලෙස හීඩ්ලර් යන්න භාවිතා කරන ලදී. අවුරුදු 39 සපිරුන තැන අලෝයස් විසින් තම වාසගම හීඩ්ලර් වෙනුවට හිට්ලර් ලෙස භාවිතා කරන ලදී, ඒ අනුව ඔහු එතැන් සිට අලෝයස් හිට්ලර් නම් විය. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් ගේ වාසගමද හිට්ලර් නම් වී ඇඩොල්ෆ් හිට්ලර් බිහි විය.
දැන් අප හෙළගවේශකයින්ට ප්‍රශ්නයක් මතු වෙනවා අලෝයස් හිට්ලර්ගේ ඇත්තම තාත්තා හෙවත් හිට්ලර්ගේ සීයා කවුද බව. මන්ද යත් ඒ නම ඉතිහාසයෙන් සැඟවී(සඟවා) තිබෙන නිසයි. ඉතින් මේ ගැන දිගින් දිගටම මෙනෙහි කරමින් කුණ්ඩලීනී යෝගයට සමවැදී සිටිය පසු ටික දවසකින් මා හට පෙන්නුම් කෙරුණ ලකුණක් අනුව නිගමනයකට බැස්සෙමි. එනම් මහරගම නීලම්මහර පන්සලට ගොස් මේ ගැන යම් කටයුත්තක් කර බැලීමයි. එහිදී හමුවූ දහ නව වන සියවසට අයත් පෞරණික පුස්කොළපොතක සඳහන් වුණ ආකාරය අනුව මට දෑස් අදහාගන්න නොහැකි වුණි. එනම් වරක් මරියා ඈනා ස්චික්ල්ගෘබර් හෙලදිවට පැමිණි අතර එහිදී ඇය රාක්ෂ ගෝත්‍රයෙන් පැවත එන රනවීරලාගේ හිතලයා නැමැති තරුණයා සමග විවාහ වී සිට ඔහු අතින් ගැබ් ගත්තාය. නමුත් තම දරුවා ලැබීමෙන් පසුව නොවැළැක්විය හැකි හේතුවක් නිසා ඇයට නැවතත් ජර්මනියට යාමට වූ අතර එහිදී හිතලයා පර රට යාමට අකමැති බැවින් ඔහුව හෙළදිවේ තබා යාමට සිදුවිය. ඉතින් මරියාට දාව උපන් අලෝයස් යනු රකුස් ලේ ධාතුව ඇති හෙළයෙකි. අලෝයස්ට වයස 39 වන විට ඔහුගේ පියා වූ රනවීරලාගේ හිතලයා ගැන දැනගන්නට ලැබුණ අතර "හිතලයා" යන නමට ගැලපෙන පරිදි "හිට්ලර්" ලෙස තම වාසගම සකසාගන්නා ලදී. අලෝයස්ගේ පුතා වූ ඇඩොල්ෆ් හිට්ලර්ද හෙළ රකුසෙක් බව දැන් පැහැදිළියි නේද?

මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක්‌ ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්‌කම ක්‌ෂේත්‍රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්‌වලම ජර්මන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක්‌ ආවා. එක්‌කෙනෙකුගෙ නම ආචාර්ය හීකෲච්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා. එදා පටන්ගත්ත ඒ ප්‍රශ්න කිරීම තවමත් නැවතිලා නෑ. ගිය සතියෙත් පේරාදෙණිය සරසවියෙන් දෙන්නෙක්‌ ඇවිත් මේ පුස්කොළපොත ඇත්තක්‌ද ඇහුවා. ඒත් මේ ප්‍රශ්නය දැන් නිරාකරණය වෙලා ඉවරයි.

ආර්යයන් යනු අප හෙලුවන්ම බව දන්නෝ දනිති. හිට්ලර් තුමා තමන් ඇතුළු ජර්මානු ජනතාවම ආර්යයන්ගෙන් පැවත එන බව දැඩි ලෙස විශ්වාස කළේය. ඒ අනුව ආර්යයන් ලොව පාලනය කළ යුතු යැයි ඔහු ජනමතයක් සෑදීය. හෙළුවන්ට නැවතත් ලොව දිනා දීමට ගිය චක්‍රවර්තී රාජ්‍යයක ඔ‍ටුනු නොපළන් කුමාරයාගේ කතාව එලෙස ඇරඹින.

හිට්ලර් තුමාගේ පක්ෂය වූයේ නාසි (Nazi) පක්ෂයයි. හිට්ලර් තුමා එවැනි නමක් යොදා ගත්තේ ඇයි කියා ඔබ මොහොතකට හෝ හිතුවාද? සාමාන්‍යයෙන් සුද්දන් දැන සිටියේ Nazi යනු National Socialism බවයි. නමුත් ඇත්තෙන්ම නාසි යනු නා=නායක, සි=සිංහල යන්නයි. එනම් "සිංහලයේ නායක" යන අරුත එහි ඇත. හිට්ලර් තුමාගේ අරමුණ වූයේ මුලින්ම කිසිවක් හෙළි නොකර මුළු ලොවම සිංහල අධිරාජ්‍යයට එකතු කිරීමයි. නමුත් එය නොදැන අපගේ සමහරක් නාසිවාදියා කියමින් හිට්ලර් නම් හෙළ රකුසාට ගරහයි.

හිට්ලර් තුමාගේ සිංහලයේ නායක පක්ෂයේ පක්ෂ ලාංඡනය වූයේ ස්වස්තිකයයි. ස්වස්තිකය යනු හෙළ රකුසන්ගේ ලාංඡනය බව හෙළ ඉතිහාසය දන්නෝ හොඳින් දනී. චක්‍රවර්තී රාජ්‍යයක් උදෙසා දික් විජය තුළින් ලෝකය එක් සේසත් කිරීමට ගිය ගමනේදී තම සීයාගෙන් උරුම වූරකුස් ලේ ධාතුවට ගෞරවයක් වශයෙන් හෙළ රකුසන්ගේ ස්වස්තිකය තම "සිංහලයේ නායක" (Nazi) ධජයේ කොටසක් කරගැනීමටත්, එතැනින් නොනැවතී ස්වස්තිකය හැම විටම තමාගේ සහ අතවැසියන්ගේ අතේ ගහගැනීමටත් මේ හෙළැ පුතු කටයුතු යෙදීය.බලන්න ඔහු අප හෙළයට දක්වන ගෞරවය...
හිට්ලර් තුමාට තිබූ විශේෂ ආත්මාරක්ෂක හමුදාව වනුයේ SS යන්නයි. අංගම්පොර යුද මායා ශාස්ත්‍රය පරතෙරටම හැදෑරූ යුද්ධයේ අති දක්ශයෙක් වූ හිට්ලර් තුමා විසින් එම හමුදාව ජර්මානු බසින් "Shutzstaffel" හෙවත් "ප්‍රීටෝරියන් ආරක්ෂකයින්" (ප්‍රිටෝරියන් යනු ප්‍රිඩේටර් ලාව හඳුන්වන නමයි, ආදි හෙළුවන් ප්‍රිඩේටර්ලාගෙන් පැවතෙන හැටි ඉදිරි ලිපියකින් වර්ගපූර්ණිකාව බ්ලොගයේ ලියන්නම්) ලෙස හඳුවන ලදී, එලෙස හැඳින්වූයේ එතුමාගේ යුද රහස් පර සුද්දන්ගෙන් ‍රැක ගැනීමටය. 

නමුත් හිට්ලර් තුමා විසින්ම රචිත "Mein Kampf" නැමැති පොතේ දැක්වෙන්නේ, SS හි සැබෑ අරුත වනාහී "සිංහල සේනා" (Sinhala Sena = SS) යන්නයි. එය ජර්මානු බසින් මේන් කම්ෆ් පොතේ මෙලෙස ලියා ඇත. Meine persönliche Leibwächter sind SS. Seine Bedeutung ist "Sinhalese Sena". 

සුද්දන් විසින් විකෘති කරන ලද Mein Kampf පොතයි අන්තර්ජාලයේත් පොත් සාප්පු වලත් බෙදා ඇත්තේ. ඔබ හිතනවාද නාසි (නායක සිංහල) වාදයට උඩගෙඩි දෙන පොතක් ඒ ආකාරයෙන්ම බෙදා හැරීමට පර සුද්දන් ඉඩ දේවි කියල? නියම මේන් කාම්ෆ් පොත අදත් Deutsches Museum හි ඉතාමත් රහසිගතව ආරක්ෂා කර තිබෙනව. අන්න ඒකෙ තමයි ඔය දේ තිබෙන්නෙ. අපට එහි අන්තර්ගතය ගැන දැනගත හැකි වූ ආහාරය මෙහෙම හෙළි කිරීමට නොහැකියි.

පහත රූපයේ දැක්වෙන්නේ "හෙළ ස්වස්තිකය" පෙර‍ටු කොටගත් "සිංහලේ සේනාව" (SS) ඔස්ට්‍රියාවට ගමන් කරන ආකාරයයි.

බලන්න පහතින් පෙනෙන හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමණ වන සිංහලේ සේනාව (SS) පෙර‍ටුකොට ඇති ස්වස්තික තුනක් අති විශාල කොඩි තුන. ඉන් පෙන්වන්නේ තුන් සිංහලයයි. හිට්ලර් තුමාට සෙන්පති වරුන් තුන් දෙනෙක් සිටි අතර ඒ සෙන්පති තුන් දෙනාගෙන්ද රුහුණු මායා පිහිටි යන තුන් සිංහලය නියෝජනය කිරීමට කටයුතු කළේය.බලන්න ඒ හෙළ පුතු අප තුන් සිංහලයට ගරු කළ හැටි. හෙළයෙනි, තොපට මෙය අහිමානයක් නොවේද? හෙළයෙනි, මේ ඔබ දකින්නේ සක්විති රජෙක් වීමට සිටි අප හෙළ පුත් හිට්ලර් තුමාගේ දශ ලක්ෂයක් පමන වන චතුරාංගනී සේනාවයි. 

ලෝක ආධිපත්‍යය සඳහා තම සිංහල සේනාවෝ (SS) මෙහෙයවූ හිට්ලර් තුමාණෝ, පිරිසිදු බුදු දහමින් බබළන ජපානය ආක්‍රමණය නොකිරීමට තීරණය කළේය. ඒ වෙනුවට කවදත් කෙළෙහිගුණ දන්නා ජපානය තම මිත්‍ර පාර්ශවය ලෙස යොදා ගත්තේය. වරක් ජපනුන් ලංකාවට බෝම්බ දැමීම ගැන කුපිත වූ හිට්ලර් තුමා ඒ ගැන ජපන් අධිරාජ්‍යයාට අධිකව දෝශාරෝපණය කළාලු.

හිට්ලර් තුමාගේ ප්‍රචාරක ලේකම් වුණේ ජෝෂෆ් ගොබෙල්ස් නැමැති අයෙකි. ඔබ දන්නවාද ගොබෙල්ස් අප හෙළ බිමේ දැන් ඉපදී සිටින බව?

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව විසි වන සියවසේ මුල් භාගයේදී මුළු ලොවම හොල්ලන හෙළ රකුසෙක් උපදී. වර්ගපූර්ණිකාවේ දැක්වුණ පරිදි හිට්ලර් තුමා යනු "හෙලය දිනවන්නා" නැමති අරුතේ පූර්ව බ්‍රාහ්මීය අරුතකි. බමුණන් විසින් ඒවාට ගිණි තබා ඇත. ඊට අමතරව හිට්ලර් තුමා හෙළයේ උපන් කුමරෙක් බවට සෙල් ලිපි පවා අප රටෙන් හමුවී ඇත.(මේවා එකින් එක ගෙනල්ල පෙන්වන්න බෑ, ඉතිහාසය යනු අතටම ගෙනත් දෙනන් පුළුවන් දෙයක් නොවෙයි, ඉතිහාසයට කැමති අය මහන්සි වී මේවා හොයාගන්න ඕනැ)

හිට්ලර් තුමා යුධ යාත්‍රා සහ ප්‍රහාරක අවි ගැන පර්යේෂණ කෙරුවෙකි. රාවනා අධිරාජ්‍යයාගේ වෛමානික ශ්‍රාස්ත්‍රය නැමති පොතට අනුව පර්යේශණ කළ ඔහු රාක‍ටු(රොකට්) තාක්ෂණය සොයා ගත්තේය. ඊට අමතරව හෙළසබ්මැරීන් තාක්ෂණයත් නැවත සොයාගෙන ඇමරිකන් නැව් වලට මරු කැඳවූයේය. වම් පස දැක්වෙන්නේ හිට්ලර් තුමාගේ V2 හෙළ රොකට් තාක්ෂණය ගැන ලියවී ඇති පොතකි. මේ ගැන මෑතක් වෙන තුරුම නාසා වෙබ් අඩවියේත් තිබුණි.

සකල ලෝකයම සිංහල සේනාවන් (SS) යොදා එක් සේසත් කර හෙළ රාක්ෂ ස්වස්තික ධජය යටතේ මුළු ලොවම පාලනය කිරීමට සිටි ඔ‍ටුනු නොපළන් ඒ හෙළ පුතුට, 1945 බක් මස 30 වන දා දෙවන ලෝක යුද්ධය අවසානයේදී බ්‍රැන්බර්ග් හි රහසිගත උමගකදී ප්‍රාත්‍රීර්භූත වූ ශ්‍රී රාවනා රජතුමාව මුණගැසුණි. එහිදී ශ්‍රී රාවණයන් ඉදිරියේදී දණ නැමූ හිට්ලර් තුමා කළින් කතා කරගත් පරිදි දිවි පිදීම සඳහා, රාවණ රජතුමාගේ "පිසින තලයෙන්" තම හිසට වෙඩි තබා ගනිමින් තම ආත්මය රාවණ අධිරාජ්‍යයාගේ අනාගත චක්‍රවර්තී රාජ්‍යය වෙනුවෙන් පූජා කළේය. ඔ‍ටුනු නොපළන් හෙළ සක්විති රජෙකුගේ අවසන් ගමන එසේ විය.

ඇත්තටම හිට්ලර් තුමා සටනින් පැරදුනේ නැත. ඔහු ඒ ලෝක යුද්ධය කළේ අවසානයේදී ඊශ්‍රායල් නැමැති දේශය අරාබිය මධ්‍යයේ බිහි වෙන තැනට වැඩේ හදන්නයි. ඊශ්‍රායල් යනු ඊස්=ඊසානදිග, රා=රාවනාගේ, යෙල්=දේශය (ජර්බෲ බසින්) හෙවත් ඊසාන දිග රාව්ණාගේ දේශයයි. අද මුස්ලීම් රටවල් මැද තනිව හිට ගනිමින් හතර වටේටම නෙලමින් ලොව හොල්ලන්නේත්, රාවන රජතුමාගේ වෛමානික ශාස්ත්‍රය නැමති පොතේ දැක්වෙන ආකාරයට පර්යේෂණ කර සාදන ලද කෆීර් (වැලි කතරේ සිංහලයා) නැමැති ගුවන් යානා පවා අප හෙළ දිවට ලබා දුන්නේත් ඒ "ඊසාන දිග රාවණාගේ දේශයෙනි"...! බලන්න ඊශ්‍රායල් කොඩිය තුළින් හෙල රකුස් ස්වස්තිකය මතු වෙන හැටි...!!!



හිට්ලර් නම් ඒ හෙළ පුතුව අප හෙළයින්ගේ සිත් වලින් මකා දැමීමට පර සුද්දන් විසින් නොකළ දෙයක් නැත. වර්තමානයේදී පවා ශ්‍රී ලංකාව තුළ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර් තුමාගේ සිංහලේ නායක (නාසි) හමුදා සහ සිංහල සේනාවෝ (SS) දරුණු පරාජයන්ට පත් වෙන බව පෙන්වන , පරිගණක ක්‍රීඩකයා විසින් නායක සිංහලයන්ව (නාසීන්ව) මරණයට පත් කරවන Call Of Duty, Medal Of Honor: Airborne, Commandos: Behind Enemy Lines, Indiana Jones And The Staff Of Kings, Day Of Defeat: Source, Wolfenstein 3D, Brothers In Arms: Road To Hill 30, Battlefield 1942, Company Of Heroes ආදී ඉතා මිල අධික පරිගණක ක්‍රීඩා බෙදා හරින්නේ ඇයි කියා ඔබ මොහොතකට හිතුවාද? පයිරේට් කිරීම් වලට විරුද්ධව ඇයි සුද්දන්ගේ පරිගණක ක්‍රීඩා සමාගම් මගින් ඒවාට විරුද්ධව නඩු නොදමන්නේ? මේක පැහැදිළිවම හිට්ලර් තුමාට අප අතින්ම අපහාස කරවීමේ අන්ත්ර්ජාතික කුමන්ත්‍රණයකි. අපි එම පරිගණක ක්‍රීඩා සියල්ලම දැන් සිටම වර්ජනය කළ යුතුයි.

නමුත් හෙළයෙනි, කිසිදා නොමැරනෙ ශ්‍රී රාවනා රජතුමා ඔබ වෙනුවෙන් යළිත් නින්දෙන් පිබිදීමට බලා සිටී. එදාට ශ්‍රී රාවනයන්ගේ සිංහල සේනාවෝ (SS) හිට්ලර් තුමාගේ මෙහෙයවීම යටතේ බටහිර යටත් කරනු ඇත. ඒ දිනය වැඩි ඈතක නොවේ.

පහත වීඩියෝවේ හිට්ලර් තුමා ගැන වාර්තාමය වැඩසටහනක් දැක්වෙයි. එහිදී යම් යම් අවස්ථා වල එතුමාට අපහාස කර තිබුණත් ඒ රාක්ෂ හෙළ පුතු ගැන ඔබව පුදුමයට පත් කරවන තවත් බොහෝ රහස්‍ය දෑ මේ වීඩියෝවෙන් දැනගන හැකි වේවි.

1 comment:

  1. neddakin kaalakanni heththa... kiyana kebara wala siimaawak thiyaganilla eheta dekka wage kiyana lassana.. munta yanda aluthin apaayak hadanna wenawa

    ReplyDelete

fb comments

Comment with Facebook