![]() |
ග්‍රැහැම් පෝලොක් |
වර්නභේදය හේතුවෙන් දකුනු අප්‍රිකාවට ක්‍රිකට් ක්‍රීඩව තහනම් කල යුගයක් විය. එම කාල සීමව තුල තම ක්‍රිකට් කන්ඩායමේ ක්‍රීඩාශීලීත්වය රදවා ( keep the game alive in South Africa ) ගනු පිනිස සහ තම රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කිරීමට විරෝධය පානු පිනිස දකුනු අප්‍රිකානු ක්‍රිකට් මන්ඩලය හා එවකට රජය එක්ව ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන කල අතර එනම් 1982 සිට 1990 වසර දක්වා එවකට ටෙස්ට් ක්‍රීඩාකල රටවල් අතුරින් වසරකට එක කන්ඩායම බැගින් තම රටට ගෙන්වාගෙන කැරලිකාර තරගාවලියක් පැවැත්වීමයි.එකල ලොව ප්‍රමුක පෙලේ ක්‍රීඩකයන් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයට අවනත නොවී මෙම තරගාවලියට එක්වූ බැවින් මෙම තරගාවලිය එකල ක්‍රිකට් ලොව තුල මතභේදයට තුඩුදුන්නක් විය.
අප්‍රිකානු ක්‍රිකට් සම්මේලනයේ උගුලට පලමුවෙන්ම හසුවූයේ ගැහැම් ගුච් ප්‍රමුඛ එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම නියෝජනය කල ක්‍රීඩකයන්ය. ජෙෆ් බෝයිකොට්, ඇලන් නොට්,මයික් හෙන්ඩ්‍රිකස්, බොබ් වුල්මර් වැනි ක්‍රිකට් ලොව විශිටයන් රැසකට තම අන්තර්ජාතික ක්‍රිකට් දිවිය නිමාවීමට 1982 වසරේ මාර්තු මස ආරම්බ වූ අප්‍රිකානු කැරලිකාර සංචාරය හේතු විය.
මීට අමතරව 1982/83 හා 1983/84 තරගවාරය සදහා ලෝරන්ස් රෝව්ගේ නායකත්වයෙන් යුතු කැරලිකාර බටහිර ඉන්දීය කොදෙව් කන්ඩායමද, 1985/86 හා 1986/87 තරගවාර සදහා එවකට ලෝක ශූරයන් වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කන්ඩායමක් කිම් හියුග් ගෙ නායකත්වයෙන් යුතුවද ( මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට කේප්ලර් වේල්ස් ඇතුලත් වූ අතර , අප්‍රිකානු කන්ඩායම නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනාගත් පසු ඔවුන්ගේ පලමු ක්‍රිකට් නායකයා වූයේ තහනම් තරගාවලියේ ඕස්ට්‍රේලියානු කන්ඩායම නියෝජනය කල වේල්සස් ය ) .මෙම ඕස්ට්‍රේලියානු කන්ඩායමට ජෝන් ඩයිසන්ද ක්‍රීඩාකල තර පසුකලක ඔහු ශ්‍රී ලංකා කන්ඩායමේ පුහුනුකරු බවට පත්විය.
මෙම තහනම් තරගාවලියේ අවසන් තරගාවලිය නැවත් එංගලන්තය සමග සංවිධානය වූ අතර එංගලන්ත කන්ඩායමේ නායකත්වය මයික් ගැටින්ට හිමිවිය.ඔහු 1987 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ එංගලන්ත කන්ඩායම ක්‍රිකට් අනුශූරතාව දක්වා මෙහෙයවූ නායකයා විය.
1991 වසරේ දකුනු අප්‍රිකාවට නැවත අන්තර්ජාතික ක්‍රිකට් වරම් ලැබුනු අතර, 2007 වසරේදී අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය විසින් අප්‍රිකානු තහනම් තරාගවලියේ සියලු තරග සදහා පලමු පෙල ක්‍රිකට් තත්වය ලබාදීමට තීරනය කලේය.
No comments:
Post a Comment