details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Monday, October 6, 2014

සචින් සහ බ්‍රැඩ්මන්





සියවසකට වඩා ඉපැරණි ක්‍රිකට් වංශකතාවේ විශිෂ්ටතම පිතිකරු කවුරුන්ද යන්න විවාදයට තුඩුදුන් මාතෘකාවකි.වරක ක්‍රිකට් බයිබලය වන විස්ඩන් සගරාව ලොව විශිෂ්ටතම පිතිකරු ලෙස ක්‍රිකට් ලොව පුරාවෘත්තයක් බදු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් නම් කරනු ලැබුවේය.එකී ලයිස්තුවේ දෙවෙනි ස්ථානය සුපිරි පිතිකරු සචින් රමේශ් ටෙන්ඩුල්කාර්ට හිමිවිය.සැබවින්ම විශිෂ්ටයා කවුරුන්ද?මේ වෑයම ලොව පිතිකරුවන්ගේ සුපිරිතමයා සොයායෑමටයි.

1. පිතිකරන සාමාන්‍යය 

වසර 126ක් පැරණි ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවෙකු සතු ඉහලම පිතිකරන සාමාන්‍යයට ශ්‍රීමත් දොන් බ්‍රැඩ්මන් හිමකම් කියයි.එය  99.94කි.ලොව අන් කිසිදු පිතිකරුවෙකුට ඔහු අසලට හෝ පැමිනීමට හැකි වී නැත.බ්‍රැඩ්මන්ගෙන් පසුව ඉහලතම පිතිකරන සාමාන්‍යය ලෙස සදහන් වනුයේ 60.73කි. බ්‍රැඩ්මන් ශතක 29ක් වාර්ථා කල ඇති අතර ඉන් 12ක් ද්විතව ශතකයන්ය.එය පිතිකරුවෙක් රැස්කල ඉහලතම ද්විත්ව ශතක ප්‍රමානයයි.ඔහු දෙවරක් ත්‍රිත්ව ශතක වාර්තා කල ඇති  අතර  1930දී එංගලන්තයේ හෙඩින්ග්ලි නුවරදී පෞද්ගලික ඉහලම ලකුනු ප්‍රමානය වන 334 ලබාගත්තේය.ඔහුගේ පලමු පෙල පිතිකරන සාමාන්‍යයද 95.14කි.    


ටෙන්ඩුල්කාර් පිලිබදව සැලකුවහොත් ඔහුගේ ටෙස්ට් පිතිකරන සාමාන්‍යය  53.48කි.එමෙන්ම 44.83ක එක්දින පිත්කරන සාමාන්‍යයකද සචින් සතුය.කෙසේ නමුත් පිතිකරන සාමාන්‍යය සලකන විට  ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉදිරියෙන් සිටී 

බ්‍රැඩ්මන් 1948 වසරෙදී ලෙස්ටෂයර් පිටියේ පිතිකරනයේ යෙදෙමින් 

 2.පිතිකරන සංඛ්‍යා ලේඛන  

පිතිකරන දක්ශතා සැලකීමෙදී සචින් සතුව විශ්වාසකල නොහැකි තරම් වන වාර්ථා රැසක් පවතී. වසර 16ක පාසල් සිසුවෙකු ලෙස 1989දී පාකිස්ථානයට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් සචින් තම 24වසරක ක්‍රිකට් දිවිය තුල ටෙස්ට් ලකුනු 16,000කට ආසන්න ලකුනු ප්‍රමානයක් ලබාගෙන ඇති අතර ඔහුට පසුපසින් වැඩිම ලකුනු ලබාගත් පිතිකරු වන රිකී පොන්ටින් සහ සචින් තර ටෙස්ට් ලකුනු පරතරය 2500ක් ඉක්මවා යයි. 

එමෙන්ම සචින් එක්දින ලකුනු 18,426ක් ද ඇතුලුව අන්තර්ජාතික ක්‍රිකට්  ලකුනු  34300ක් පමන ලබාගෙන ඇත.එකී දස්කම් අනුව සචින් තරම් වූ ලකුනු මැශිමක් ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් හමු නොවේ යන්න අවිවාදයෙන් තොරය.එමෙන්ම අන්තර්ජාතික ශතක 100ක්ද ඇතුලුව ක්‍රිකට් වාර්තා රැසකටද සචින් උරුමකම් කියයි. 

බ්‍රැඩ්මන් ටෙස්ට් තරග 52කදී ශතක 29ක්ද සමග ලකුනු 6996ක් රැස්කලේය.එමෙන්ම එවකට ලොව ඉහලම පලමු පෙල ලකුනු සංඛ්‍යාව වන නොදැවී ලකුනු 452ක් සමග පලමු පෙල ලකුනු 28,067ක් බ්‍රැඩ්මන් සතුව පවතී.කෙසේ නමුත් පිතිකරන සංඛ්‍යාලේඛන සලකන විට සචින් ඉදිරියෙන් සිටී 

3. පිතිකරන තත්වයන් 

බ්‍රැඩ්මන් තම ක්‍රිකට් දිවිය පුරාවටම වේගපන්දුයවන්නන්ට හිතකර එමෙන්ම ආවරනය නොකල තනතීරු වල ක්‍රීඩා කල අතර බොඩිලයින් වැනි ප්‍රකට පන්දුකරන හමුවේ ලකුනු රැස්කිරීම පසකට තබා තම සිරුර පන්දුවෙන්  ආරක්ශා කර ගැනීම එවකට පිතිකරුවන්ගේ ප්‍රධාන කාර්‍යයක් වී තිබුනි,මන්ද එවකට පිතිකරුවනට හිස්වැසුම් වැනි ආරක්ෂක උපකරන හදුන්වාදී තිබුනේ නැත.

කෙසේ නමුත් සචින් පිතිකරන තත්වයන්ගේ වාසිය උපරිමයෙන් ලබාගත් අතර පිතිකරුවනට උචිත මන්දගාමී ඉන්දියානු උප මහද්වීපයේ තණතිලි තුල සචින්ගේ ටෙස්ට් තරග 200න් 123ක්ම පැවැත්විනි.බ්‍රැඩ්මන් එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ පමනක ක්‍රීඩා කර ඇති අතර සචින් ලොව ලොව පුරා රටවල් විශාල සංඛ්‍යාවක ක්‍රීඩාකර ඇත.කෙසේ නමුත් පිතිකරන තත්වයන් අනුව ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉදිරියෙන් සිටී 


1948දී මෙල්බෝර් පිටියේදී තම අවසන් ඉනිම සදහා පිටියට පිවිසෙමින් 

4. ප්‍රතිවාදීන් 

බ්‍රැඩ්මන් එංගලන්තය,ඕස්ට්‍රේලියාව,දකුනු අප්‍රිකාව,ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට එරෙහිව පමනක ක්‍රීඩා කල ඇති අතර ඔහුගේ තරග 52න් 37ක්ම එංගලන්තයට එරෙහිව  වීම සුවිශේෂීය.එංගලන්ත කන්ඩායම් දක්ශතා අතින් ඉදිරියෙන් සිටි අතර, එවකට තරග ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රිකට ක්‍රීඩාවේ මහත්මා ගුනයට උචිත නොවන  ක්‍රීඩා කෞශලයන්ද ඔවුන්ගෙන් පිලිබිබුවිය.

1932-33 සුප්‍රකට බොඩිලයින් තරග මාලාව බ්‍රැඩ්මන් ඉලක්ක කොට සැලසුම් කල අතර එම වසරේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කල එංගලන්ත කන්ඩායමේ නායක ඩග්ලස් ජාඩින් සියලුම පන්දු රකින්නන් පාඉන්න අසල රදවා පිතිකරුවන්ගේ සිරුරට බවුන්සර් පන්දු එවන ලෙස  තම පන්දුයවන්නන්ට පැවසුවේය.සියලුම ඕස්ට්‍රේලියනු පිතිකරුවන් අසාර්ථක වනවිට බ්‍රැඩ්මන් එම තරග මාලවා තුල 56.57ක සාමාන්‍යයක් රදවා ගත්තේ ශතකයක් සහ අර්ධ ශතක තුනක් ලබමිනි. 

සචින් ටෙස්ට් පිටියේ ප්‍රතිවාදී රටවල් 9කට එරෙහිව ක්‍රීඩාකර ඇති අතර ලොව විශිටතම ටෙස්ට් කන්ඩායම් වන මාර්ක් ටේලර්,ස්ටීව් වෝ,රිකී පොන්ටින් නායකත්ව දැරූ ඕස්ට්‍රේලියානු කන්ඩායමට එරෙහිව 55.00ක සාමාන්‍යයක් රදවාගනිමින් ලකුනු 3630ක්ද, ටෙස්ට් පිටියේ දුබලයන් වන බංගලිදේශයට එරෙහිව 136.66ක සාමන්‍යයක්ද [ ලකුනු 820] සම්බාබ්වේට එරෙහිව 76.50 [ ලකුනු 918] ද ලබාගෙන ඇත. 

කෙසේ නමුත් සචින් ඉන්දියාව තුලදී වඩා (7132 @ 52.82) ඉන්දියාවෙන් පිටතදී (8705 @ 54.74) වැඩි දස්කම් දක්වා ඇත. ප්‍රතිවාදීන් සහ දක්ශතා සලකන විට බ්‍රැඩ්මන් සහ සචින් සමාන තත්වයකසිටී. 

5. ක්‍රීඩා කාලය 

සචින් වසර 24කට ආසන්න ප්‍රමනයක් ක්‍රීඩාකර ඇති අතර ඔහු වැඩිම ටෙස්ට් තරග සංඛ්‍යාවකට ක්‍රීඩාකල ක්‍රීඩකයා ලෙසද ඉතිහාස ගතවේ.එමෙන්ම සචින්ගේ පලමු පෙල තරග සංඛ්‍යාව 307කි.බ්‍රැඩ්මන්ද වසර 20ක් පමන ක්‍රීඩාකර නමුත් දෙවන ලෝකයුද්ධය ඔහුගේ ක්‍රිකට දිවිය වසර කීපයක් නතර කර තැබීය.තවද සචින්ට මෙන්  තරගද සංවිදානය නොවූ අතර විසි වසරක් පුරා ඔහු ක්‍රීඩකලේ ටෙස්ට් තරග 52කට හා පලමු පෙල තරග 234කට පමනි.ඒ අනුව ක්‍රීඩා  කාලය අනුව සචින් ඉදිරියෙන් සිටී. 

6. වෘත්තීමය තත්වයන් 

සචින් ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තියක් ලෙස සලකන සමයක ක්‍රීඩාකලේය. ෆෝර්බස් සගරාව අනුව ඔහු ලොව පුරා ධනවත් ක්‍රීඩකයන් [ සියලුම ක්‍රීඩා] අතුරින් 51වන ස්ථානයේ පසුවේ.ඔහු මේ වසරේ පමනක් ඩොලර් මිලියන 22ක අධායමක් ඉපයූ අතර ඉන් මිලියන 4ක් ක්‍රීඩා ගිවිසුම් ලෙසද ඉතිරි මිලියන 18  වෙලද දැන්වීම් මතද ඉපයුවේය.  

බ්‍රැඩ්මන්ගේ තත්වයන් මීට හාත්පසින්ම වෙනස් වන අතර එවකට ක්‍රිකට් ක්‍රීඩාවට වෘත්තීමය තත්වයක් නොතිබුනි.ඔහුගේ සම්පූර්න අදායම ඇඩිලේහි දෙවන හෝල්ඩන් මාවතේ රතු ගඩොල් නිවසක් මිලදී ගැනීමට යන්තමින් සෑහුනි. 

7. බ්‍රැඩ්මන්, සචින්ගේ ඇසින් 

"මා ජීවිතයේ ලද විශාලතම තාග්‍යය වනුයේ ශ්‍රීමත් බ්‍රැඩ්මන් ඔහුගේ සර්වකාලීන ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම නම් කලවිට මාද එයට ඇතුලත් වී තිබීමයි. " - සචින් ටෙන්ඩුල්කාර් 

8. සචින්, බ්‍රැඩ්මන්ගේ ඇසින් 

" මම ඔහු පන්දුවට පහරදෙන අකාරය රූපවාහිනියෙන් දුටුවා.ඒ වෙලාවෙම මම මගේ බිරිදට කිව්වා ඇවිත් ඔහුගේ පිතිහරබය බලන්න කියලා.මම කවදාවත් මගේ පිතිහරබය දැකලා නෑ.ඒත් මට දැනුනා ඔහ් පන්දුවට පහර දෙන ආකාරය  මට සමානයි කියලා.එය මගේ බිරිදත් අනුමත කලා "- ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්

සචින්ගේ 24 වසරක ක්‍රීඩා දිවියේ අවසන් ඉනිම

විශිටයන් දෙදෙනුකු අතුරින් විශිෂ්ටයා තේරීම සැබවින්ම අසීරු කරුනකි.ඔවුන්ගේ දක්ශතා එකිනෙකට වෙනස් වන අතර  ක්‍රීඩා කාලය,දක්ශතා,වෘත්තීමය තත්වයන් අනුව දෙදෙනාම එකිනෙකාට නොදෙවෙනි තරගයක නිරතවෙයි.මෙම කරුනු පදනම්ව ලොව පිතිකරුවන්ගේ සුපිරිතමයා තෝරගැනීම ඔබට බාරයි. 
 

No comments:

Post a Comment

fb comments

Comment with Facebook