බ්‍රිතාන්‍ය ජාතික ලේඛක H.G. Wells විසින් 1895දී රචනා කරන ලද කාල තරණය තේමා කොටගත් විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් වන "The Time Machine" ප්‍රකාශයට පත් වීමත් සමගම මිනිසාට කාලය හරහා අතීතයට හෝ අනාගතයට ගමන් කල හැකිදැයි යන්න ගැන බොහෝ දෙනාගේ අවධානය යොමු වන්නට පටන් ගත්තා. මෙසේ ඇරඹුණු කාල තරණ සංකල්පය පසුගිය සියවසේදී වැඩි වශයෙන්ම කතාබහට ලක්වූ මාතෘකා වලින් එකක්.

ඔබ වයස අවුරුදු 20දී ආලෝකයේ වේගය මෙන් 99.5% වේගයකින් ගමන් කරන අභ්‍යවකාශ යානයක ගමන් ආරම්භ කලේ යයි සිතන්න. අභ්‍යවකාශ යානයේ ඇති ඔරලෝසුවක් භාවිතයෙන් කාලය මනිනා ඔබ හරියටම වසර 5කට පසුව නැවතත් පෘථිවියට පැමිණේ. එවිට ඔබගේ වයස අවුරුදු 25ක් වන අතර ඔබ ගමන් ආරම්භ කරන විට ඔබගේ සම වයසේ සිටියෙකු ඔබ නැවත පැමිණෙන විට වයස්ගත පුද්ගලයෙකු බවට පත්ව ඇති ආකාරය ඔබට දැකගත හැකිවනු ඇත. (නැතහොත් ඔවුන් මියගොස් පරම්පරා ගණනක් ගතවී තිබෙන්නටද පුලුවන.) එනම් ඔබ අභ්‍යවකාශ යානය හරහා පෘථිවියේ අනාගතයට ගමන් කර ඇත.
බොහෝ දුරට අතීතයට ගමන් කිරීම කල නොහැක්කක් තරම් වන තත්වයකි ඇත්තේ. කළු කුහර හරහා අතීතයට යා හැකි බවට මතයක් පවතී. කළු කුහර අවකාශ-කාල තත්ව දෙකක් සම්බන්ධ කරන උමං මාර්ග ලෙස ක්‍රියාකරන බවට මතයක් ඇත. නමුත් මේවා තවමත් ඇත්තේ සංකල්ප තත්වයේය. මෙම මතවාද නිවැරදි බවට පිළිගත හැකි සාක්ෂි තවමත් ඉදිරිපත් වී නොමැත.
විද්‍යාවේ දියුණුවත් සමග ආලෝකයේ වේගයට ආසන්න වේගයෙන් ගමන් කල හැකි අභ්‍යවකාශ යානයක් නිපදවුවත් එහි ගමන් කිරීමට කෙනෙකු ඉදිරිපත් වීමට තීරණය කරයි නම් ඔහුට ඒ තීරණය අතිශය අපහසු තීරණයක් වනු ඇත. මන්දයත් මෙම මූලධර්මයට අනුව කාලයේ ආපසු ගමන් කිරීම සිදු කල නොහැක්කක් බැවිනි. එනම් අනාගතයට ගමන් කරනා කෙනෙකුට ආපසු ඒමක් නැත. අනාගතයේ ඇත්තේ කුමන ආකාරයේ තත්වයක් වුවත් එය පිළිගැනීමට ඔහුට සිදු වෙනවා ඇත.
No comments:
Post a Comment