details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

සොවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය


අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමයි.

සෝවාන්වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධාකාර අදහස්‌ දක්‌නට ලැබේ. සමහරු සෝවාන් වූ බවට ඔවුහුම කියා ගනිති. තවත් සමහරු තමන්ට අනුන් සෝවාන් මාර්ගඵලලාභියකු කළ හැකි යෑයිද කියති. මෙම උතුම් මාර්ගඵලලාභී තත්ත්වය ඇතමෙක්‌ වාණිජකරණය කළ අවස්‌ථාද පසුගිය කාලයේදී දක්‌නට ලැබිණි. එනිසාම සෝවාන් වීම යනු කුමක්‌ද? බුදුන් දවස සෝවාන් වූ චරිතවල ස්‌වභාවය කෙබඳුද? බොහෝ කෙළෙස්‌වලින් පිරි වත්මන් සමාජයේත් සෝවාන් මාර්ගඵලලාභීන් සිටිය හැකිද?… යනාදී මාතෘකා පිළිබඳව ධර්මානුකූල විවරණයක යෙදීමට අපි අදහස්‌ කළෙමු. මේ එහි පළමු පියවරයි සැදැහැවත් බෞද්ධයාගේ පරම අපේක්‌ෂාව, උතුම්ම අපේක්‌ෂාව වනුයේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි.නිර්වාණය අවබෝධ කර ගැනීමේදී සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හා අර්හත් යන මාර්ග ඵලලාභී තත්ත්වයන් සාක්‌ෂාත් කරගත යුතුයි.

 මෙම ක්‍රමවේදය අනුපූර්ව ශික්‌ෂා ප්‍රතිපත්තියක්‌. එනම් පිළිවෙළින් ක්‍රමානුකූලව ගමන් කළ යුතු අවස්‌ථාවක්‌. එය අනුපුබ්බ ශික්‌ඛා අනුපුබ්බ කිරියා, ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. ඇතැමෙක්‌ සෝවාන් වී, ඇතැමෙක්‌ සකෘදාගාමි වී ගිහි ජීවිත ගතකර තිබෙනවා. ඒ අය මාර්ගලාභී තත්ත්වයන්ට පත්වී භෞතික ජීවිත ගත කරමින් අධ්‍යාත්මික වශයෙන් පාරිශුද්ධභාවයට පත්වී උතුම් නිවන් සුවය ලබාගෙන තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ලොව පහළවී වසර 2600 ක්‌ ගතවී තිබෙනවා. මේ කාලය තුළදී දෙව්, මිනිසුන් සහිත අනන්ත අප්‍රමාණ සත්වයෙක්‌ උතුම් නිර්වාණ සුවය අත්පත් කරගෙනත් තිබෙනවා. ඒ වගේම සෝවාන් මාර්ගලාභී තත්ත්වයට පත්වූ අනන්ත අප්‍රමාණ සත්වයෙකුත් සිටිනවා. සෝවාන් වූ පුද්ගලයකුට එම භවයේදී සකෘදාගාමි, අනාගාමි අර්හත් යන මාර්ගඵල ලැබ නිර්වාණය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඊළඟ ආත්ම භාවයේදීත් උප්පත්තිය ලබනවා. එම ආත්ම භාවයේදීත් නිර්වාණය අවබෝධ කර ගැනීමට ඔහුට නොහැකි වුවහොත් තවත් ආත්මභාවයේදීත් උප්පත්තිය ලබනවා. මේ ආදී වශයෙන් සෝවාන් වූ පුද්ගලයකු උපරිම වශයෙන් නැවත උපදින්නේ ආත්මභාවයන් හතක පමණයි. අනිවාර්යයෙන්ම හත්වෙනි ආත්මයේදී ඔහු නිර්වාණාවබෝධය සාක්‌ෂාත් කර ගන්නවා. හත්වෙනි ආත්මභාවයේදී ඔහු මිනිසකු වුවත් දෙවියකු ලෙස උප්පත්තිය ලැබුවත් සකෘදාගාමී, අනාගාමී හා අර්හත් යන අනෙකුත් මාර්ගඵල ලබා නිවන් සුව ලබනවා. සත්තක්‌කත්තු පරම යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මෙම කාරණයයි. සෝවන් වූ පුද්ගලයකු මේ භවයේදී නිවන්සුව නොලබනවා කියන්නේ ඊළඟ ආත්මයේදී මවු කුසක හෝ පිළිසිඳ ගත යුතුයි. නමුත් සෝවාන් වූ උතුමෙකු කවදාවත් සතර අපායේ උප්පත්තිය ලබන්නේ නැහැ. අභව්‍ය ස්‌ථානවල උප්පත්තිය ලබන්නෙත් නැහැ. සෝවාන් වූ පුද්ගලයකු යළිත් මව් කුසක පිළිසිඳ යළි ඉපදීම ජාතසෝපන්න ලෙසයි බුදුදහමේ සඳහන් වන්නේ. මෙහි තේරුම සෝවාන්වීමෙන් උපන් යන්නයි. එහෙත් ඒ ආකාරයෙන් උපන් පුද්ගලයකුට ඇඟිල්ල දිගුකර ඔහු සෝවාන් වූ පුද්ගලයකු යෑයි අපට පෙන්විය නොහැකියි. මෙවැනි වටපිටාව නැතහොත් පසුබිම් පදනම් කරගෙන මේ සමාජයේත් තමන් සෝවන් වූ පුද්ගලයන් බව කියන පිරිසක්‌ ඉන්නවා. එනම් තමන් මාර්ගඵල ලාභී යෑයි කියා ගන්නා උදවිය ඉන්නවා. මෙය අසත්‍යක්‌, බොරුවක්‌. මෙසේ තමන් සෝවන් වූවා යෑයි කියන සෝවාන්වීම යනු කුමක්‌දැයි කියාවත් දන්නේ නැහැ. සෝවාන්වීම පිළිබඳව ඔවුන් කිසිවක්‌ නොදැනයි එලෙස ජනතාව නොමඟ යවන්නේ. මේවා අප නම් දකින්නේ සහාසික අපරාධ ලෙසයි. එලෙස හඳුන්වන පුද්ගලයන් තමන් පව් පුරවා ගන්නවා පමණක්‌ නොවෙයි සෙසු අයද පව්වලට පොළඹවා ගන්නවා. ජනතාව මුළා කරනවා. මේ අයගේ තියෙන්නේ වංචනික ධර්ම. නමුත් බුද්ධ දේශනාව අනුව ලෝකයේ රහතන් වහන්සේලාගෙන් එසේත් නැත්නම් මාර්ගඵල ලාභීන්ගෙන් ශූන්‍ය වන්නේ නැහැ. නමුත් අප ජන සමාජයේ මාර්ගඵල ලැබුවායි කියන ඔය කිසිකෙනෙක්‌ එවැනි තත්ත්වයන්ට පත්වූවන් නොවන බව නම් ඉතා පැහැදිලියි.  

ඇයි කෙනෙක්‌ සෝවන් වූ බව කියන්න අපහසු. ඊට හේතු තියෙනවා. ඒ ගැන සොයා බැලිය යුතුයි. යම්කිසි කෙනෙක්‌ සසරේ ගමන් කරන්නේ කෙළෙස්‌ නිසා. කෙළෙස්‌ කොපමණ තිබේදැයි අපි දන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තිබූ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල් මූල තමයි අදත් තියෙන්නේ. නමුත් ඒ දේවල් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. සමහර විට ඒ ආකල්ප වැඩිවන්නත් පුළුවන්. කෙනෙක්‌ කියන්න පුළුවන් කෙළෙස්‌ තියෙන්නේ 1500 ක්‌ කියලා. එසේ කියන්න හේතුවක්‌ තියෙනවා. මහාචාර්ය රේණුකානේ චන්දවිමල නායක හාමුදුරුවෝ කෙළෙස්‌ එක්‌දහස්‌ පන්සීය කියලා පොතක්‌ ලියුවා. එය ඉතාමත් නිවැරැදි ධර්මානුකූල විවරණයක්‌. එය බුදුදහමට අනුගතයි. වැරැද්දක්‌ නැහැ. උන්වහන්සේ අභිධර්ම පිටකය, විශේෂයෙන් ධම්ම සංගනීප්පකරණය, විභංගප්පකරණය උපයෝගී කරගෙන මෙම විවරණයන් ප්‍රකාශ කර තිබෙනවා. එම පොතේ ප්‍රස්‌ථාවනාවේ කෙළෙස්‌ 1500 ලැබෙන්නේ කොහොමද කියල දක්‌වනවා. නමුත් තියෙන්නේ කෙළෙස්‌ 1500 කියලා බුද්ධ දේශනාවේ කොහේවත් සඳහන් කර නැහැ. කෙළෙස්‌ 84000 ක්‌ පවතින බව සංස්‌කෘත මහායාන දර්ශනයේ සඳහන් වෙනවා. කෙළෙස්‌ 84000 ක්‌ තියෙන නිසයි ධර්මස්‌කන්ධ 84000 ක්‌ තියෙන්නේ. කෙළෙස්‌ 84000 ක්‌ යන සංකල්පය මුල් බුදුදහමේ නැති වුණත් ථෙරවාදී සම්ප්‍රදාය තුළත් පසුකාලීනවත් කෙළෙස්‌ 84000 සංකල්පය ගොඩනැගුණා. ඒකට හේතුවුණේ මහායාන අදහස්‌. මහායානය යනු බුදුදහමේම විවරණයන්. නමුත් මහායාන දර්ශනය ඇතැම් අවස්‌ථාවලදී සීමාව ඉක්‌මවා ගිය ස්‌වභාවයකුත් පෙනෙනවා. ධර්මස්‌කන්ධ 84000 ක්‌ ඇති නිසා අශෝක රජතුමා වෙහෙර විහාර 84000 ක්‌ කරපු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. “චරිත ප්‍රතිපක්‌ෂස්‌තු ධර්මස්‌කන්ධෝනු වර්ණිතඃ” යනුවෙන් තමයි මෙහි අර්ථ දක්‌වා ඇත්තේ. එහි සරල තේරුම වන්නේ චරිත 84000 ක්‌ තියෙනවා. එනිසා පණ්‌චස්‌කන්ධ 8400 ක්‌ පවතින බවයි. එනම් කෙළෙස්‌ ස්‌වභාවයන් 84000 ක්‌ පවතින බවයි. එක එක කෙළෙස්‌ නැති කිරීමට එක එක ධර්ම ස්‌කන්ධ අවශ්‍යයි. මුල් බුදු සමයේදී කෙළෙස්‌ 84000 ක්‌ පවතින බව සඳහන් වන්නේ නැති වුවත් මෙම විවරණය නිවැරැදියි. එය ධර්ම විරෝධී විවරණයක්‌ නොවේ.නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කෙළෙස්‌වල මූලධර්ම තුනක්‌ පවතින බවයි. ලෝභ, දේවේෂ මෝහ යනු එම කෙළෙස්‌ මූලධර්මයි. සූත්‍ර, අභිධර්ම සහ විනය යන පිටකවලදී මේ බව දේශනා කර තිබෙනවා. ලෝභය සඳහා වචන 100 ක්‌ ධම්මසංගනීප්පකරණය නමැති ග්‍රන්ථයේ සඳහන් කර තිබෙනවා. ඒවගේම ද්වේෂය සඳහා වචන 26 ක්‌ තියෙනවා. මෝහය සඳහා වචන 25 ක්‌ තියෙනවා. ධම්මසංගනීප්පකරණයේ නික්‌ෙ€ප කාණ්‌ඩයේ රගෝ, සරාගෝ, අනුසා, අනුරාධා, නන්දි, නන්දි රාගෝ, ඉච්ඡා, මුච්ඡා යනාදී වශයෙන් ලෝභය සඳහා වචන 100 ක්‌ සඳහන් වෙනවා. මේ වන විට ලෝභය වැඩිවීමේ හේතූන් වැඩියි. ද්වේෂය වැඩිවීමේ හේතුන් වැඩියි. ඒ වගේම මෝහය වැඩිවීමේ හේතූන් වැඩියි. එනිසා තමයි අපට සක්‌විති රජකමටත් වඩා අපහසු, කිසිසේත් ඊට සමාන කළ නොහැකි උත්තරීතර තත්ත්වයක්‌ වන සෝවාන් මාර්ගඵලලාභී තත්ත්වයටවත් පත්වීමට අපහසු වී තිබෙන්නේ. කෙළෙස්‌ ධර්ම පිළිබඳව විවරණයක්‌ ලබාගැනීමෙන් අපට පැහැදිලි වේවි සෝවාන් මාර්ගඵලලාභියකු වෙන්න පුළුවන් වෙයිද? බැරිද කියා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම අනුපුබ්බ ශික්‌ෂා අනුපුබ්බ කිරියා, අනුපුබ්ව පටිපදා, ලෙසයි දැක්‌වෙන්නේ. 

එනම් පිළිවෙළින් ක්‍රමානුකූලව ගමන් කළ යුතු බවයි මින් අදහස්‌ කරන්නේ. ශීල, සමාධි, ප්‍රඥ යනුවෙන් ත්‍රිශික්‌ෂාවක්‌ තියෙනවා. මෙම ත්‍රිශික්‌ෂාව ඔස්‌සේ තමයි අප ගමන් කළ යුත්තේ. නමුත් ඇතැමෙක්‌ කියන විදිහට ක්‌ෂණිකව සෝවාන් වීමට නොහැකියි. එනිසා බොහොම පැහැදිලියි සෝවාන් වූ බව ප්‍රසිද්ධියේ පවසන අය මෙන්ම සෝවාන් වූ බවට මෙතරම් සංඛ්‍යාවක්‌ සිටිනවා කියා සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන අය කරන්නේ බොරුවක්‌. නමුත් මේ සමාජයේත් සෝවාන් වූ පුද්ගලයන් සිටින්න පුළුවන්. කලින් ආත්මභවයකදී සෝවාන් වී මේ භවයේදී උප්පත්තිය ලැබූ අය සිටින්න පුළුවන්. ඒ වගේම මේ භවයේදී සෝවාන් මාර්ගඵල ලැබූ අය සිටින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ මේ ලෝකයේ මාර්ගඵල ලාභීන්ගෙන් ශුන්‍ය වෙන්නේ නැහැ කියා. කෙසේ නමුත් පෘථග්ජන අපට සෝවාන් වූ අය හඳුනාගන්න බැහැ. සෝවාන් වූ අයෙක්‌ තමන් එවැනි මාර්ග ඵලලාභියකු යෑයි ජනප්‍රියතාව උදෙසා කීමට තරම් බොළෙඳ වෙන්නෙත් නැහැ. බුදුදහම කියන්නේ ආධ්‍යාත්මික විමුක්‌තිය සොයා යන දහමක්‌ මිස ප්‍රදර්ශනාත්මක දහමක්‌ නොවේ. කෙසේ වෙතත් ධර්මානුකූල ජීවිතයක්‌ ගතකරන කෙළෙස්‌ ප්‍රහීන කරමින් සිටින අයකුට තමන් සෝවාන් වූ අයෙක්‌ද? නැද්ද? යන්න පරීක්‍ෂා කර ගැනීමට පුළුවන්. බුදු දහමේදී ඒ පිළිබඳව දේශනා කළ විවිධ සූත්‍ර තියෙනවා. (ඒ පිළිබඳව පසුව සාකච්ඡා කෙරේ) සෝවාන්වීමේදී නැතිවෙන ප්‍රධාන සංයෝජක තුනක්‌ තියෙනවා. සක්‌ඛාය දිට්‌ඨි, විචිකිච්ඡා, හා සීලබ්බත පරාමාස යනු එම සංයෝජන තුනයි.සක්‌ඛාය දිට්‌ඨිය යනු සක්‌කායයි. එහි තේරුම් කීපයක්‌ම තිබේ. (ඉදිරි ලිපි වලදී අප මේ පිළිබඳව වැඩිදුරටත් කතා කරමු)

විචිකිච්ඡා යන බුද්ධාදී අටතැන සැකයයි. සීලබ්බත පරාමාස යනු සීල සහ වෘතවල ඇලීමයි. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සුනඛ වෘත, කුක්‌කුරුවෘත ආදී වශයෙන් වෘත රකින අය සිටියා. තිරිසන් සතුන් මෙන් සරලව ජීවිතය ගත කළ විට කෙළෙස්‌ ප්‍රහීන වී නිවන් දකින්න පුළුවන් වෙයි කියා මේ අය විශ්වාස කළා. නමුත් කුක්‌කුරවතිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ වෘත සමාදන් අය ඒ හා සමාන තිරිසන් ආත්මවල උප්පත්තිය ලබන බවයි.යමෙක්‌ තිරිසන් ආත්මයක උප්පත්තිය ලබන්නේ පෙර කළ අකුසල කර්මයක්‌ නිසා. මෙය නිවැරදිව තේරුම් නොගත් නිසයි එදා සමහරු මෙවැනි වෘත රැක්‌කේ. අද සමාජයේත් මෙවැනි වෘත රකින පිරිසක්‌ සිටිනවා. මෙම වෘත රකින අය විවාහක අයට කියන්නේ සම්භෝගී ජීවිතයෙන් ඈත් වෙන්න කියලයි. ඒ වගේම මෛථුන, සේවනයේ යෙදෙන්න එපාෘ රාත්‍රි 12.00 න් පසු ආහාර ගන්න එපා. නාට්‍ය බලන්න එපාෘ සිංදු අහන්න එපා ෘ ආදී වශයෙන් මෙම වෘත රකින පිරිස්‌ වැරදි ආදර්ශ ගිහි පිංවතුනට දෙනවා. මෙම ගිහියන් කෘතීම ජීවිතවලට හුරු කිරීමක්‌. වත්මන් සමාජයේ වෘත රකින්නන් කරන්නේ. කමටහන් දෙනවා කියා මෙම කෘතීම ජීවිතවලට ගිහි පිංවතුන් හුරුකිරීමයි. මෙම උපදෙස්‌ නිසා ඔවුන්ගේ පවුල් ජීවිත අවුල් වෙලා තියෙනවා. පසුගිය කාලයේදී අපි එක්‌තරා ග්‍රන්ථයක දැක්‌කා නිවන් දකින්න ඕනෑ නම් ගත යුතු ආහාර ලැයිස්‌තුවක්‌. නිදාගන්නෙ මොන ක්‍රමයටද කියලා. බුදුරජාණන් වහන්සේ මේ කිසි දෙයක්‌ දේශනා කර නැහැ. මේ කරන්නේ අහිංසක ගිහි පින්වතුන් රැවටීමක්‌. සෝවාන් වීමට, නිවන් දැකීමට කියා ටියුෂන් දෙන වෘත රකින්නන්ගෙන් අපගේ ගිහි පින්වතුන් බේරාගත යුතු කාලය එළඹී තිබෙනවා. පසුගිය කාලයේදී එක්‌තරා පුවත්පතක දැන්වීමක්‌ තිබුණා. සෝවාන් වූ බව කියන පුද්ගලයකුයි මෙම දැන්වීම දාල තිබුණේ. ඉන් කියවුණේ රුපියල් 4000 ක්‌ ගිණුමකට බැර කළ විට සෝවාන් කරවන බවයි. පසුව අපි මේ ගැන විමර්ශනයක්‌ කළා. මෙය මෙහෙයවූයේ ගුරුතුමා කියලා කෙනෙක්‌. ඒ ගුරුතුමාට සම්බන්ධ තැරව්කාරයන් දෙදෙනෙක්‌ හා තැරැව්කාරියක්‌ ඉන්නවා. ඒ තුන් දෙනාගෙන් තැරැව්කාරිය තමයි අවසානයේදී මෙම මුදල් ගනුදෙනුවට සම්බන්ධ වන්නේ. කාලයක්‌ මේ අයට රැවටුණු පිරිසකුත් සමාජයේ සිටියා.

එක්‌තරා ස්‌වාමීන් වහන්සේ නමක්‌ සිටිනවා. උන්වහන්සේ තමන්ගේ පොතේ ලියනවා අද වන විට මෙන්න මෙපමණ ප්‍රමාණයක්‌ සෝවාන් වෙලා සිටිනවා කියා. එහි සෝවාන් වූ ගැහැණු සහ පිරිමි ප්‍රමාණය වෙන වෙනම දක්‌වා තිබෙනවා. එම ස්‌වාමීන් වහන්සේ ඊළඟ ආත්මයේදී බුදුවන බවත් පවසනවා. බුදුවීමෙන් පසුව අවශ්‍ය ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස තමයි මේ දැන් එකතු කරගෙන යන්නේ. තවත් කණ්‌ඩායමක්‌ ඉන්නවා. මේ අය ඇස්‌, කන් ආදී වූ ඉන්ද්‍රයන් වධකයන් ලෙස හඳුන්වනවා. වැරදි ධර්ම දේශනාවක්‌ දෙනවා. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ බවත් පවසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤaඤdණ යන පංචස්‌කන්දය වධකයකු ලෙස දකින ලෙසයි. නමුත් මේ අය සම්මුතිය ඉක්‌මවා විසම්මුතිය තුළින් ඉදිරිපත් කරන්නේ වැරදි ධර්ම කරුණුයි. අනාගතයේදී බුදුවීමට සිටින මෛත්‍රී, බෝසතාණන් වහන්සේට පිංදෙන කණ්‌ඩායමකුත් සිටිනවා. මෛත්‍රී බෝසතාණන් වහන්සේට බුදුවීමට විවිධ පූජා පවත්වමින් මේ අය පිංදෙනවා. එක පූජාවක්‌ රුපියල් පන්දහසක්‌ පමණ වෙනවා. එහෙම පිංදෙන්න පුළුවන්ද?

මේවා ජාවාරම්.
මෛත්‍රී බෝසතාණන් වහන්සේ පාරමී, උප පාරමී, පරමත්ත පාරමී වශයෙන් පාරමී ධර්මයන් සම්පූර්ණ කළ යුතුයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ සාරාසංඛ කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ පාරමී, උප පාරමී, පරමත්ත පාරමී කියන පාරමී ධර්මයෙන් පූරණය කළා. කල්ප ලක්‍ෂයක්‌ කියන්නේ ඇවග්‍රාඩෝ සංඛ්‍යාවක්‌. එනම් කොනක්‌ මිම්sමක්‌ නැති එකක්‌. කල්පයක්‌ කියන්නේ කොයි වාගේ සංඛ්‍යාවක්‌ද? යොදුනක්‌ (සැතපුම් 16) දිග, යොදුනත් පළල, යොදුනක්‌ ගැඹුරු මංජුසාවක්‌ (පෙට්‌ටියක්‌) සාදා එම පෙට්‌ටිය අඹ ඇටවලින් පුරවා එක්‌ අවුරුද්දකට එක්‌ අබ ඇටයක්‌ ඉවත් කරනවා. එසේ අබ ඇට ඉවත් කිරීමේදී යම් දිනෙක එම අබ ඇට ඉවර වෙයිද එදින තමයි කල්පය කියන කාලය සම්පූර්ණ වෙන්නේ. ඒ අනුව අපට පෙනෙනවා කල්පය කියන්නෙත් මොන තරම් දීර්ඝ කාලයක්‌ද කියලා. ඒ වාගේ සාරසංඛ කල්ප ලක්‍ෂයක්‌ පාරමී පුරලයි සිද්ධාර්ථ බෝසතාණෝ බුද්ධත්වයට පත්වන්නේ. එසේම පසේ බුදුවරු, රහතන් වහන්සේලා, ඊට අඩු කාලවල පෙරුම් දම් පුරන්න ඕනෑ. මේක සංසාරිකව මානසිකව පුහුණුවක්‌ ලබා ඇතිවන තත්ත්වයක්‌.
එනිසා ඇතැමෙක්‌ තමන්ගේ බඩ වඩා ගැනීමට, අහිංසක සැදැහැවතුන්ගේ මුදල් සූරා ගැනීමට සිදුකරන්නේ විශාල ජාවාරමක්‌. අන්තර්ජාලය බැලූ විට තවත් බුදුවුණු අය ගැන දකින්න ලැබෙනවා. දකුණු පළාතෙත් එවැනි අයෙක්‌ දකින්නට ලැබෙනවා. වටා පිටාවේ තවත් මේ වගේ කණ්‌ඩායම් ඉන්නවා. මේ අය බුදුදහමට කරන්නේ කෙතරම් නිග්‍රහක්‌ද? විනාශයක්‌ද? අපි අහිංසක සැදැහැවතුන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම කෛරාටිකයන්ට රැවටෙන්න එපා කියලයි. අපිට සෝවාන් වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා ෘ අප හැම කෙනෙක්‌ම නිවන් දකින්නට කැමැතියි. නමුත් එය දවසකින්, දෙකකින් කළ හැකි දෙයක්‌ නොවේ. කළබල නොවී සංසාරිකව, මානසික වශයෙන් පුහුණු කරගෙන ගිය විට අපට සෝවාන් වෙන්න පුළුවන්. කරුණාව පෙරදැරිව විවිධ විලාශයෙන් ඉදිරිපත් කරන වංචනික ධර්මවලට හසුවන්න එපා                                                                                                                                                                                  
හෑගොඩ විපස්සි හිමි

No comments:

Post a Comment

fb comments

Comment with Facebook