භාවනාව මගින් සිරුරේ ජාන සැකැස්ම වෙනස් වන බව හෙළිවේ

ඇමරිකාවේ විස්කොන්සින්හි, ස්පාඤ්ඤයේ සහ ප‍්‍රංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් විසින් අනාවරණය කර ඇත්තේ එළඹ සිටි සිහියෙන් යුක්තව සිටින භාවනාවක් අභ්‍යාස කරන පුද්ගලයෙකුගේ ශරීරයේ ජාන සැකැස්ම වෙනස් වන බවයි.
මෙම පර්යේෂණය සඳහා ඔවුන් පුහුණු භාවනානුයෝගීන් පිරිසක් දිනක කාලයක් තුළ භාවනාව අභ්‍යාස කිරීමට යොදවා ඇති අතර සාමාන්‍ය පිරිසක් නිහඬ සහ සන්සුන් කාර්යයන් සඳහා යොදවා තිබේ.
ආරම්භක අවස්ථාවේදී දෙපිරිසේ ජාන සැකැස්මේ වෙනසක් නොතිබී ඇති නමුත් භාවනාව කරගෙන යාමේදී ජාන නියාමනය කරන රසායනිකන්ගේ වෙනසක් සිදුවී ඇති අතර කෝපාවිෂ්ඨ බවට බලපාන ජානයන් අඩුවී ඇතැයි වාර්තා වේ.
මෙමගින් මානසික පීඩාකාරී තත්වයක සිට ඉක්මනින් යථා තත්වයට පත්වීමට අවකාශ සලසන බව පර්යේෂකයින් පවසති. පර්යේෂණ කණ්ඩායම් ප‍්‍රධානි රිචඞ් ජේ. ඬේවිඞ්සන් පවසා ඇත්තේ මෙය භාවනාව මුලින් ශරීරයේ රසායනික සංයුතිය වෙනස් වන බව තහවුරු කළ පළමු පර්යේෂණය බවයි.
මෙම පර්යේෂණ ප‍්‍රතිඵල ඉදිරි ප‍්‍රතිකාර ක‍්‍රම ගණනාවක් සඳහා භාවිතා කිරීමට හැකිවනු ඇතැයි ඔවුන් විශ්වාසය පළ කර තිබේ.
This comment has been removed by the author.
ReplyDelete