details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, October 7, 2014

පින්තූර මුර පද යෙදීම...

මුර පද නැත්නම් password කියන්නේ පරිගණක භාවිතයේදී ඉතා සංවේදීම මාතෘකාවක්. මෙම මුරපද ආරක්‍ෂනය වෙනුවෙන් දැන් දැන් යෙදෙන උපක්‍රම අනුව කොයිමොහොතේ මුරපද අනතුරකට ලක්වෙනවාද කියන එක ගැන තිබෙන සැකය අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් සාම්ප්‍රධායිකව යෙදෙන අකුරු හෝ ඉලක්කම් හෝ යතුරු පුවරුවේ අනෙකුත් සංකේතයන් වෙනුවට කැමති පින්තූරයක අපවිසින් සලකුණු කරන සරළ රේඛාවෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි ආකාරයක් Windows 8 වලදී හදුන්වාදී තිබෙනවා.
මේ සදහා Windows 8 Charms bar හිදී More PC Settings  තෝරන්න,

දැන් Users හිදී Picture password තෝරන්න,
ඉක්බිති වර්ථමානයේ ඔබ භාවිතා කරන මුරපදය
යෙදිය යුතු අතර ඉන්පසු කැමති පින්තූරයක් තේරීමේ අවස්ථාව සලසා දෙන අතර තෝරාගන්නා පින්තූරයේ mouse එක හෝ Touch screen පහසුකම් තිබේනම් Finger Taps මගින් සරළ රේඛා,වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි අතර අවස්ථා සම්බන්ධයන් තුනක් මෙහිදී ලබා දෙයි. සැලකිය යුතු වන්නේ එකම ආකාරයකට නොවන වෙනස් සම්බන්ධතාවයන් තුනක් සලකුනු කිරීමයි.

ඊලඟ වතාවේදී පරිගණකයට පිවිසීමේදී Picture password ලෙස තේරීමෙන් ඔබට ඒ ආකාරයට පරිගණකයට පිවිසීමේ අවස්ථාව උදා කර ගත හැකිය.


No comments:

Post a Comment

fb comments

Comment with Facebook