details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, October 7, 2014

මෙරට ඉලක්ක කොට ස්ථානගත කළ ඉන්දීය මිසයිල, පහරදීමේ සූදානමක!

සිංහලයා පුවත් හි "ශ්‍රී ලංකාවේ මර්මස්ථාන ඉලක්ක කොට ඉන්දියානු අග්නි මිසයිල පද්ධතියක් ස්ථානගත කරලා..?" මැයෙන් පළ වූ ලිපිය ශ්‍රී රාවණ පාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස්හිත් රාවණ වෙබ්වේදය අනුව පළ කිරීමත් සමග ඒ ගැන රාවන පාක්ෂිකයින්ගේ අවධානය යොමු විය. පහත දැක්වෙන්නේ එම ලිපියයි.

ඉන්දියාව විසින් සිය දිගුදුර අග්නි මිසයිල පද්ධතියක් ශ්‍රී ලංකාවේ මර්මස්ථාන කිහිපයක් ඉලක්ක කොට පිහිටුවා ඇති බව හෙළිව තිබේ. මෙම මර්මස්ථාන අතර, කොළඹ හා හම්බන්තොට වරායයන්, කටුනායක, මත්තල හා රත්මලාන ගුවන්තොට, ආරක්ෂක මූලස්ථාන පුත්තලම ගල් අඟුරු බලාගාරය මෙන්ම කෙරවලපිටිය හා කැළණිතිස්ස බලාගාරයන් ද වන බව පැවසේ.

ඉන්දියානු ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලබන මිසයිල අත්හදා බැලීමේ වැඩසටහනක් යටතේ කිලෝමීටර 1000ත් 8000ත් අතර දුරකට කිලෝග්‍රෑම් 1000 සිට 2000 දක්වා වූ බරක පුපුරණ ද්‍රව්‍ය රැගෙන යා හැකි මේ අග්නි මිසයිල වලට දකුණු ආසියාව තුළ ඕනෑම ආරක්ෂක හෝ වෙනත් ස්ථානයක් ඉලක්ක කොටප් රහාර එල්ල කිරීමට සමත් බවද පැවසේ.

චීනයෙන් හෝ පාකිස්ථානයක් ඇතිවිය හැකි තර්ජන සඳහා මුහුණ දීමට ඉන්දියාව සූදානම් වීමේ තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි අතර, ඇමෙරිකාව සමග එක්ව ඉරානය, පාකිස්ථානය, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා මියන්මාරය යා කරන චීන සැපයුම් මාර්ගය අවහිර කිරීමට රහසිගතව ඉන්දියාව විසින් ක්‍රියාත්මක වූ බව ද වැඩිදුරටත් සඳහන් ය.

පාකිස්ථානය සමග න්‍යෂ්ටික ක්‍රියාකාරකම් වල යෙදෙන බවට මෑතක දී ශ්‍රී ලංකාවට චෝදනා කල ඉන්දියාව, තම න්‍යෂ්ටික අත හදාබැලීම් වඩාත් ඉදිරියට ගෙනයමින් බැලස්ටික් මිසයිල පද්ධතියක් ද පිහිටුවීමට පිඹුරුපත් සකසන බව වාර්තා වේ.

මේ සියළු තොරතුරු හෙළිදරව් වී ඇත්තේ ඉන්දීය ඔත්තු සේවය විසින් එහි චීනයේ බීජින් නුවරට පත් කර සිටි ප්‍රධානියෙකු වන අම්‍රීත් අහුවාලියා ව ධූරයෙන් ඉවත් කිරීමෙන් පසුවයි. ඉන්දියාවේ යුධ රහස් හෙළි කිරීම ඔහුට එල්ලවූ චෝදනාවයි.

එය කියවූ බුද්ධිමත් ලංකා සී නිවුස් පාථක ‍රැළ ලිපිය ලියූ පුද්ගලයාගේ අඩවියේ කිසිදු කොමෙන්‍ටුවක් නොදා ලිපිය කොපි කළ ලංකා සී නිවුස් හි කොමෙන්ට් කළේ, ශ්‍රී රාවණ රජතුමාට සම්බන්ධ දේවල් ගැන කොමෙන්ට් කළ යුත්තේ රාවණ පාක්ෂික වෙබ් අඩවි වල පමණක් හෙයිනි.

ශ්‍රී රාවණ රජතුමා 2012/12/12 දිනදී යළි නැගිටින බව දැන් නොරහසකි. ඒ බව ආචාර්ය මි‍රැන්ඩෝ ඔබේසේකර මහතා බොහෝ කලකට පෙරදීම පෙන්වා දී තිබුණ අතර එතුමා බලයට පත් වෙන ආකාරයත් වර්ගපූර්ණිකාව බ්ලොග් එක හරහා දැක්වුයෙමු.

චීනයේ ප්‍රකට දේශපාලන සහ සමාජ විශ්ලේශකයෙක් වන මහාචාර්ය කිම් හී සුන් මහතා මෑතකදී එරට Canal Macau (澳視葡文台) සේවය හරහා ප්‍රකාශ කළේ ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාස කළ නොහැකි තරම් බියකින් පසුවෙන බවයි. අම්රීත් අහුවාලියා විසින් ඉන්දීය යුධ රහස් හෙළිදරව් කිරීමේ සිද්ධියෙන් අනාවරනය වූ දෑත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහාචාර්ය කිම් මහතා තවදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව තුළින් ඉන්දියාවට තර්ජනයක් නොමැතිනම් ඒ ආකාරයෙන් මිසයිල ස්ථානගත කිරීමට අනවශ්‍ය දෙයක් ලෙසටයි.

වැදගත්ම සිදුවීම හෙළිදරව් වූයේ මීට හරියටම සතියකුත් දිනකට කළින්ය. ඉන්දීය රෝ ඔත්තු සේවයේ සහකාර කළමනාකාර ධූරයක් හොබවන ආචාර්ය විජේ පටෙල් මහතා ක‍ටුනායක ගුවන්තො‍ටුපොළෙන් පිටවීමට යාමේදී අත් අඩංගුවට ගැනුණ අතර ඊට හේතුව වූයේ ඔහු නියමිත කාලයට වඩා වැඩි කාලයක් මෙරට ‍රැඳී සිටීමයි. නමුත් ඉන්දීය තානාපති කාර්යාලයේ මැදිහත් වීමෙන් ඔහුට සිය රටට යාමට හැකි විය. එහිදී ගුවන්තො‍ටුපොළ පොලීසිය ඔහුව පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබූ වැදගත් තොරතුරු ගණනාවක් සොයාගැනීමට හැකි වී ඇත. ඉන් ප්‍රමුඛතම දේ නම් ඔහුගේ ගමන් මල්ලේ පතුලේ සඟවා තිබුණු ඉපැරණි පුස්කොළපොත් වගයකි.

එම පුස්කොළපොත් වල තිබුයේ ශ්‍රී රාවණ රජතුමාව අවදි කරන ආකාරයයි. ඒ පුස්කොළපොත් වල පිටපත් සබරගමුව දේවාලයේ ප්‍රධාන කපු මහතා ගාවත් තිබෙන නමුත් මෙම මුල් පුස්කොළපොතේ ඇති ඓතිහාසික වැදගත් කමටත් වඩා ඒවායේ අන්තර්ගතයේ ඇති වටිනාකම කියා නිමකිරීමට නොහැකිය. මිතුරෙක් හරහා දැනගන්නට ලැබුණ ආකාරයට ඒ පුස්කොළපොත් පරිවර්තනය කිරීමෙන් පෙනී ගොස් ඇතේ මේ වසර අගදී ශ්‍රී රාවණ රජතුමා නින්දෙන් අවදි වීම නොවැළැක්විය හැකි දෙයක් බවයි. රාවණ රජතුමාව නින්දෙන් අවදි කිරීමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් ඒ පුස්කොළපොත් වල අන්තර්ගතව තිබිණි.

ඉන්දියාවේ බමුණන් මේ ගැන දසක කිහිපයකට පෙරදීම දැනගත තිබෙන අතර ඔවුන් ඉන්දීය රජයට අනතුරු අඟවා ඇත්තේ 2012 වසර අගදී රාවණා රජතුමා නින්දෙන් අවදි වුවහොත් ඉන්දියාව ශ්‍රී ලංකාවේ යටත් විජිතයක් වීමට ඉඩ ඇති බවයි. ඒ අනුව ඉන්දීය රෝ ඔත්තු සේවයේ අනුග්‍රයයෙන් ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී කැ‍රැල්ලක් ඇති කළ අතර එය ඉන්දියාවේ පෝෂණය වීමෙන්ම වසර 30 කට වඩා කල් ඇදී ගිය අන්දම ඔබට අමුතුවෙන් පැහැදිළි කළ යුතු නැත. නමුත් 2009 වසරේදී එය අවසන් වීමත් සමගම ඉන්දියාවේ සැකය ඉහල ගියේය. ඉන් පසුව කිරීමට තිබෙන අවසාන විකල්පය වූයේ ශ්‍රී ලංකාවට න්‍යෂ්ඨික ප්‍රහාරයක් එල්ල කර රාවණා රජතුමාගේ නැගිටීමට බාධා කිරීමයි.

නමුත් චීනයේ MSS බුද්ධි අංශය හරහා ශ්‍රී ලංකාවට එම තොරතුරු දැනගනන්ට ලැබුණ අතර වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය චීනයෙන් මිසයිල ආරක්ෂණ පද්ධතියක් ණය ආධාර යටතේ ලබාගත්තේය. ඔබට මතකද යුද්ධයේ අවසාන කාලයේදී සරත් ෆොන්සේකා මහතා චීනයට ගිය බව.? ඇත්තටම යුද්ධයක් අවසන් කිරීමට දින කිහිපයක් තිබියදී යුද හමුදාපති වරයා රටින් පිටවීම අස්වාභාවික දෙයකි. නමුත් එතුමා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි චීනයට ගියේ ලංකාව ලබා ගන්නා මිසයිල ආරක්ෂණ පද්ධතිය ගැන අධ්‍යයනය කිරීමටයි.
ඒ සඳහා සරත් ෆොන්සේකා මහතාම යැවීමට තවත් බලවත් හේතුවක් තිබිණි. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රජය "හෙළ විද්‍යාවන්" පිළිගන්නා බව ඔබ දන්නවා ඇති. සුප්‍රසිද්ධ අංජනම් කරුවන්ට අනුව සරත් ෆොන්සේකා යනු රාවණ රජතුමාගේ පරම්පරාවේ අයෙකි. වරක් රාවණා රජතුමා අම්බලංගොඩට පැමිණි බව ග්‍රාමතන්ත්‍රවාභිෂේකරය නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතේ දැක්වෙයි.

එලෙස ලබාගත් මිසයිල ආරක්ෂණ පද්ධතිය ඉන්දියාව ඉලක්ක කර ශ්‍රී ලංකාවේ ස්ථානගත කිරීමත් සමග දෙරට අතර දේශපාලන උණුසුම්කාරී බව වැඩි වුණි. කිහිප වතාවක්ම ඉන්දීය රාජතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට පැමිණියේ මේ ගැන සාකච්ඡා කිරීමටයි.

අවසානයේදී ඉන්දියාවේ එවකට බලගතුම මිසයිල පද්ධතිය වූ අග්නි iii මිසයිල යොදගෙන ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඔවුන් තීරණය කොට ඇත. ඒවා චීන මිසයිල ආරක්ෂණ පද්ධතියට වඩා බලගතුය. එහිදී වඩාත් බලපෑමක් සිදුකිරීම සඳහා ඒවා ස්ථානගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන වලටය. ඒවායිනුත් හම්බන්තොට වරාය සහ මත්තල ගුවන් තො‍ටුපොළ ප්‍රධානයි.

වර්ගපූර්ණිකාව බ්ලොග් කණ්ඩායමට දැනගන්නට ලැබුණ ආකාරයට ඉන්දියාව නුදුරදීම අපට පහර දීමට කටයුතු යොදමින් සිටී. ශ්‍රී රාවණ රජතුමා අවදි වුවහොත් අපට ඔවුන් පහර දීමට කලකට පෙරදී තීරණය කර තිබුණත් රාවණ රජතුමා අවදි වූ පසුව හෙළයින් අපරාජිත වෙන බැවින් ඊට පෙරම හෙළය වනසා දැමීමට ඔවුන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකා රජයත් මේ ප්‍රහාරයෙන් ගැලවීම සඳහා උපක්‍රම යොදා ගනිමින් සිටින අතර සුප්‍රසිද්ධ හෙළ අංගම්පොරකරුවන් සම්බන්ධ කරගෙන කුණ්ඩලීනී යෝගය යොදා ගනිමින් ඔවුන්ව අතීතයට යවා අග්නි මිසයිලය බිහිවීම වැළැක්වීම එක් ක්‍රමයකි. ඊට අමතරව මහසොහොන් බලකායේ හෙළ යකුන් යොදවා ඉන්දියානු මිසයිල පද්ධතිය අක්ර්මන්‍ය කිරීමටත් කටයුතු යොදා ඇත. තවත් දේවල් කිහිපයක් සිදුකිරීමට නියමිතව තිබුණත් මේ අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීමට නුසුදුසුයි.

පාහර ඉන්දියානුවන් දැනගෙන සිටියත් ඔවුන් ලෝකයට හෙළි නොකරන දෙයක් තිබේ. එනම් මිසයිල තාක්ෂණයත් සොයා ගත්තේ ශ්‍රී රාවණ රජතුමාගෙන් බවයි. රා-ක‍ටු ගැනත් සඳහන්ව ඇතිවෛමානික ශාස්ත්‍රය ලියූයේ රාවණ රජතුමා විසින් වුවත් ඉන්දියාවේ ඇති එහි මුල් පිටපතේ රාවණා රජතුමා ගැන තියා ලංකාව ගැනවත් කිසිවක් සඳහන් නොවන්නේ අපගේ හෙළ නයුවන් අතිශෝක්තියෙන් ඉන්දීය ඉතිහාසය අපේ අපේ යැයි කීම නිසා නොවන බවත් අප දැනගත යුතුය. එනම් පාහර බමුණන් විසින් අපගේ හෙළ වෛමානිකය ගිණි තබා ඉතිහාසය ක‍ටු ගෑ බැවින් රාවණවංශය ප්‍රායෝගික ඉතිහාසයෙන් මැකී ගියේය.

මිසයිල යනු හෙළ වදනකි. මි=මිනිසුන්ව, ස=සංහාරයට, යි+ල=ලක්කිරීම+යි. එසේම මිසයිල ගැන හෙළයින්ගේ වෛමානික ශ්‍රාස්ත්‍රයේත් සඳහන් වෙයි. මිරිහානෙන් හමුවූ සෙල් ලිපියක දැක්වෙන්නේ "මිස අට ඇ මෙ අටා රව රජ හැක ශ ශ ප" ලෙසටයි, එහි තේරුම නම් "මිසයිල අටවා ඇති මෙම අට්ටාලය ශ්‍රී රාවණ රජතුමා විසින් හැදුවකි." එසේම මිරිහාන යන නමේ නිරුක්තිය අනුව පැහැදිළි වන්නේත් මි=මිසයිල, රි=රිය, හා=හාරා, න=නතරකළා හෙවත් පොළොව හාරා මිසයිල රිය නතර කළ ගම මිරිහාන බවයි. එවන් සාඩම්බර අතීතයකට අයත් අප අද ඉන්දීය වඳුරන්ට බිය වෙමුද?

වර්ගපූර්ණිකාව නැමැති ඉපැරණි හෙළ පුස්කොළපොතට අනුව රාවණා රජතුමාගේ මිසයිල වල ක්‍රම්වේදය අති විශිෂ්ටය. සමහර මිසයිල වලට න්‍යෂ්ඨික විකිරණ යොදා ගත්තත් බොහෝ මිසයිල වලට යොදාගෙන ඇත්තේ දේශීය අමුද්‍රව්‍යමය.

"ගූමධුප" නැමති මිසයිල ඒ අතරින් ප්‍රධාන වන අතර එහි පිපුරුම් හිස තුළ යොදා ඇත්තේ රසායනිකව විපර්යාසයට සහ අධි පීඩනයට ලක් කළ ද්‍රව තත්ත්වයේ ඇති මිනිස් අශූචි ය. එම මිසයිලයෙන් පහර දුන් විට එය පතිත වන ප්‍රදේශයේ ඇති පරිසයරයට කිසිදු හානියක් නොවුනත් එහි සිටින මිනිසුන් සංහාරය වෙයි. එනම් එය ඌරාගේ මාළු ඌරා මතම තබා කැපීමකි. එවැනි මිසයිලයක් ගුවන් ගත කිරීම හඳුවන්නේ "ගූ-ගැසීම" ලෙසටය. අද එය ඉතාමත් අවර ගණයේ වචනයක් වී ඇත්තේ බමුණන් අපගේ හෙළ බසට එක් කළ විශ නිසයි.

අපගේ හෙළයේ තරම නොදන්නා අය හොඳවායින් පාඩමක් ඉගෙන ගන්නා කාලය වැඩි ඈතක නොවේ. නුදුරදී එල්ල වන මිසයිල ප්‍රහාරයන්ට නිවැරදිව මුහුණ දුනහොත් ශ්‍රී රාවණ රජතුමා බලයට පැමිණි සැනින් මුළු ඉන්දියාවම දික් විජය කර අපගේ හෙළ දෙරනේ යටත් විජිතයක් කරනු ඇත.

No comments:

Post a Comment

fb comments

Comment with Facebook