details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Friday, October 10, 2014

විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය


 
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු. 


ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා. 

සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌. 

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා. 

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි. 

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා. 

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි. 

සමන් කළුආරච්චි
 2014 ජනවාරි 26 ඉරිදා දිවයින 

No comments:

Post a Comment

fb comments

Comment with Facebook