~බීසක වික්‍රමගේ~
Xiaomi Mobile චීන ඉලෙක්ට්‍රොනික දැවැන්තයා දැන් තරගකාරී පෙනුමක් සහ විශිෂ්ට විශේෂාංග සමග වෙළඳපොළ නිම්වළලු පුළුල් කරමින් සිටිනවා. අවුරුදුපතා ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව ශීඝ්‍රෙයන් ඉහළ යන අතර එහි ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටිනවා. මෑතකදී, ඔවුන් Xiaomi Mi4 හඳුන්වා දුන්නා. සිත්ගන්නාසුළු පෙනුමකින්යුත් ඉහළම විශේෂාංගයන්ගෙන්යුත් මේ අගනා දුරකථනයට ලොව වැඩි පිරිසකගේ අවධනාය දැන් යොමුවී තිබෙනවා. ඊට ඇති ඉහළ ඉල්ලුම නිසාම බොහෝ වෙළඳසැල් ඉහළ තොග ප්‍රමාණ රඳවා ගෙන ඇති බව වාර්තා වෙනවා. එසේ ම මෙය මාර්ගගත වෙළඳසැල් වන Amazon, EBay, Kaymu සහ Dialcom කරට කර සිටිමින් මේ Xiaomi දුරකථනය අලෙවි කරනවා.
ඔබට Xiaomi Mi4 ගුණදොස් විචාරයක් cnet.com හරහා බැලිය හැකියි. මෙම දුරකථනය ඊට පෙර පැමිණි Xiaomi Mi3 දුරකථනය සමඟ සංසන්දනය කිරීමෙන් මෙය පූර්ණව වෙනස්, නවතම පෙනුමකින් හා ජවයකින් යුතු බව කියන්නට පුළුවන්. මෑතදී සැම්සුන්ග් සහ ඇපල් සමාගම් හඳුන්වාදුන් පෙනුම අභිබවා යන ඊටම ආවේණික පෙනුමක් මෙම දුරකථනයේ තිබෙනවා. දුරකථනයේ ඉහළ සමාගම් නාමය ඇති අතර ඒ දෙපස සංවේදක සහ ඉදිරිපස කැමරාව තිබෙනවා. පාලක බොත්තම්වල පසුබිම් ආලෝකනයක් ඇති අතර පැති ලෝහමය බවකින් ඇසට ප්‍රිය නිමාවක් ලබා දෙනවා. මෙහි පසුපස කවරය ඉවත් කළ නොහැකි අතර එක් පසෙක මතකපත් දැමීමට කවුළුවක් තිබෙන නිසා ඔබට අවශ්‍ය නම් ධාරිතාවය උත්ශ්‍රේණි ගත කරගන්නට පුළුවන්. මෙහි තිරය අඟල් 5ක Full HD (පික්සල 1920x1080) එකක්.
මෙම Xiaomi Mi4 දුරකථනයේ සවිබලය බැලුවොත්, එහි Qualcomm's Snapdragon 801 processorයක් වේගය 2.5GHz සහිතව ද 3 GB RAM ධාරිතාවක් සහ මතකය 16 හෝ 64 GB ප්‍රමාණවලින් ලබාගත හැකියි. මෙහි අධෝරක්ත, වයිෆයි සහ බ්ලූටූත් මෙන්ම 4G පහසුකමින් ද ජවසම්පන්නයි. කැමරා සඳහා Xiaomi විශේෂාංග ලෙස පසුපස 13 Megapixel ද ඉදිරිපස 8 Megapixel සහිතව ඉහළ ගුණාත්මක බවින් යුත් ඡායාරූප සහ සෙල්ෆි සඳහා ද පහසුකම් සපයනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.4.2 (කිට් කැට්) වෙනවා.
මෙහි ඇති පොඩි උපක්‍රමයක් දන්නවාද? ඔබ අගුළු තිරය මත දෙවරක් තට්ටු කළාම අගුළු හරින්නේ නැතිවම ඔබට පහසුවෙන් ගීත ධාවනය කරන්නට පුළුවන්. එසේම සාක්කුවේ තිබියදී ඔබ නොදැනුවත්ව දුරකථන ඇමතුම් ඇතිවීම වැනි අත්වැරදීම් වළක්වන්නට මේ සතුව නැණවත් හැකියාවක් පවතිනවා. ජංගම දත්ත වේගය බලාගන්නත්, ටෝච් හැකියාවත් මෙහි වැඩිදුර මෘදුකාංගමය විශේෂාංග ලෙස තිබෙනවා.
මේ Xiaomi Mi4 නිකුතු දිනය 2014 අගෝස්තු මාසයේදීවූ අතර Xiaomi Mi4 මිළ රුපියල් 34,900 පමණ වෙනවා. ඉතින් අතේ ඇති ගානට හොඳ විශේෂාංග ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ දුරකථනය ඔබට හොඳින්ම ගැලපෙනු නොඅනුමානයි.