කොස්සක් මත නැගී අහසින් ගමන් කරන බටකොල ආච්චීව ඔබට මතකද? ශ්‍රී රාවණ රජතුමාගේ ලොකු අම්මා වන බට්ඨිකාලි යක්ෂණිය හෙවත් බටකොල ආච්චී විසින් ලොවට මුල් වට හඳුන්වා දුන් ඉන්ධන රහිත ප්‍රවාහන තාක්ෂණයක් හෙළයින් සතුව තිබුණ බව ඉපැරණි හෙළ පුස්කොළපොතක දැක්වෙයි. ඊට අනුව මායා කොසු හතක් තෝන් ලණු වලින් හෙළ බස් එකකට ("හෙළ බස" කියල තාමත් අප අතර පවතින්නේ එම වහරයි) ගැට ගසා බසය ඇද්දවීමට හැකියාව තිබුණි. හඳ පායා ඇති දින වලදී හෙළ පුස්කොළපොත් කියවූ අපිට බසයකට ගොඩ වුණ ගමන් සිතෙන්නේ, බස් එක කොහුවලින් දුවන බවයි. බටකොල ආච්චී හෙළ යකිනිය විසින් "කොහුවලින්" ධාවනය වන හෙළබස් තාක්ෂණය මුල් වරට හඳුන්වා දුන් ගම්මානය අදටත් "කොහුවල" ලෙස හැඳින්වෙයි. රාවණ රජ සමයේ කොහුවල ප්‍රධානතම බස් නැවතුම් පොළ බවට පත් විය.
![]() |
පින්තූරය උපුටා ගත්තේ "Chat Room" වත්පොත් පිටුවෙනි. |
අනිවා අනිවා...ඵකෙන්ම
ReplyDelete