details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, October 7, 2014

ඔබට ආයුබෝවන් !!!!!!

ඔහු ආරම්භ ක පිතිකරුවෙකි,ලොව විශිෂ්ට ගනයේ පන්දු රකින්නෙකි,විටක ඔහු පන්දු යවන්නෙකි, නායකයෙකි, කඩුලු රකින්නෙකි මෙකී නොකී  ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම දිශාවන්  ස්පර්ශ කල ඔහු සෑම අතින්ම විශිෂ්ටයෙකි.සනත් ජයසූරිය හැරුනු විට ලක්මව ලොවට දායාද කල සුපිරිතම ආරම්භක පිතිකරු ඔහුය. සනත් මෙන් දැවැන්ත හයේ පහරවල් එල්ල නොකලද කල් යල් බලා ඔහුගෙන් එල්ලවන පහරවල් හතරේ සීමාව පසු කර යන්නෙ පන්දුරකින්නන් ප්‍රේක්ශකයන් බවට පත්කරවමිනි.ඒ ඔහුටම සුවිශේශීවූ පිතිහරබ රටාවකිනි, පිටියේ සතර දිශාවටම ගිනිකෙලි පෙන්වූ ඔහු අවසන කඩුලු රකින්නටද තම පිත්තේ හැකියාව පෙන්නුම් කරේ   කඩුල්ල පිටුපසින්ද පන්දුව හතරේ සීමවට යොමුකරමින්ය.

ඔහු පිටදග පන්දුයවන්නෙකි.ඔහුගේ පන්දු අභියස ලොව සුපිරිතම පිතිකරුවන් පවා අසරන විය.වෙසෙසින්ම වමත් පිතිකරුවන්ට ඔහු මාරකයක්ම විය.පන්දු රකින විට ඔහු පියාපත් ලද්දෙකු විය.ගුවනේ පියබා ගොස් අසීරු උඩපන්දුවක් රැකගැනීමට ඔහු තුල පැවතියේ නිසග හැකියාවකි.ඔහු නමින් තිලකරත්න මුදියන්සේලාගේ දිල්ශාන් එසේ නැතිනම් ලොවම හදුනන පරිදි තිලකරත්න දිල්ශාන්ය. 

නවකයෙකු වෙනුවෙන් තම ස්ථානය පිරිනමමින් මින් දින කීපයකට පෙර ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදුන් ඔහු ලක්මව වෙනුවෙන් පුරා දාහතර වසරක් හෙලූ දා බිදු උදෙසා ඔහුට ගරුකරනු වස් ඔහුගෙ ටෙස්ට් ක්‍රිකට් දිවිය පිලිබද මතක ආවර්ජනාවකි මේ. 

මින් වසර දාහතරකට පෙර සිම්බාබ්වේ කන්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් ලැබූ මැද පෙල පිතිකරුවෙකු ලෙස තම දෙවෙනි ටෙස්ට් තරගයේදීම ලකුනු 162ක් ලබමින් පැහැදිලි අනාගතයක පෙරමන් පිලිබිබු කලේය.තමා  ගැන නොසිතා තම කන්ඩායමේ අවශ්‍යතාව වෙනුවෙන් ඔහු ඕනෑම ස්ථානයක පන්දුවට පහර දීමට පැමිනියේය.විටක ඔහු කඩුලු රකින්නාගේ භූමිකාවටද පන පෙව්වේය.

නමුත් ඔහුට ටෙස්ට් ක්‍රිකට් කන්ඩායම තුල  නිශ්චිත ස්ථානයක් මෙන්ම බොහෝ අවස්තාවලදී අවසන් ක්‍රීඩකයන් එකොලහ තුලට පිවිසීමේ අවස්තාවද අහිමි විය.නමුත් ඉන් නොසැලුනු ඔහු තමන්ට ලැබෙන සීමිත අවස්තාවන්දී තම උපරිමය කන්ඩායම වෙනුවෙන් ලබාදුන්නේය.

තිලකරත්න දිල්ශාන් යනු කවරෙකුදැයි ලොව හදුනාගන්නේ 2009වසරේදීය.ඒ ඔහුට ආරම්භ ක පිතිකරුවෙකු ලෙස උසස්වීමක් ලැබීමත් සමගය.එක්දින හා විස්සයි විස්ස තරග රටාවේ පිතිහරබය උඩුයටිකුරු කිරීම හා එහිදී දැක්වූ සුවිශේශී සාර්තකත්වය  හේතුවෙන් ඔහුට එම වසරේ නවසීලන්ත කන්ඩායම සමග ආරම්භවුනු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට අවස්තාව උදාවිය. ඉන් පසු ඇරබුනේ දිල්ශාන්ගේ යුගයයි. 

එතෙක් ටෙස්ට් ක්‍රිකට් පිටියේ මැද පෙල පිතිකරුවෙකු ලෙස වසර දහයක් ක්‍රීඩා කරමින් ශතක අටක් පමනක් ලබා තිබුනු ඔහු ආරම්භක පිතිකරුවෙකු ලෙස තරග 29කට පමනක් සහබාගී වී තවත් ශතක අටක් තම ශතක ගොන්නට එක්කර ගනු ලැබුවේය.වරක් බංගලාදේශයට එරෙහිව ඉනිම් දෙකේදීම ශතක ලබමින් ඔහු දියත් කල පිතිහරබය සුවිශේෂී විය.

අර්බුද රැසක් මැද ශ්‍රී ලංකා ක්‍රිකට්  නායකත්වය  බාරගත් දිල්ශාන්ගේ  ටෙස්ට් නායකත්වය ඔහුට එතරම් සුබදායි නොවීය.නමුත් දකුනු  අප්‍රිකාවට ඔවුන්ගේ බිමේදීම එරෙහිව ඔහුගේ නයකත්වය යටතේ  ලබාගත් ටෙස්ට් ජයග්‍රහනය වාර්ථා පොතට එක්වන්නේ ලංකාව ලකුනු අප්‍රිකා භූමියේ ලැබූ පලමු ටෙස්ට් ක්‍රිකට් ජයග්‍රහනය ලෙසය.ක්‍රිකට් මහගෙදර වූ එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ඔහු රැස් කල 193 දිල්ශාන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ විශිෂ්ටතම ඉනිම ලෙස අවිවාදයෙන් සදහන් කල හැක. 

අර්බුද හමුවේ නායකත්වයේ කටු ඔටුන්නට සමුදුන් දිල්ශාන් ඉන්පසුව තවත් ටෙස්ට් ක්‍රිකට් තරග 10කට ක්‍රීඩාකරමින් ටෙස්ට් ශතක 4ක් රැස්කලේ නායකත්වය,රට වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමෙදී සලකාබැලෙන සාධකයක් නොවන බව පසක් කරමිනි. 

ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියට තිත තබන දා මාධ්‍ය හමුවේදී නවකයන්ට දුන් උපදෙස වූයේ තිලකරත්න දිල්ශාන් එක රැයකින් බිහිවූ පිතිකරුවෙකු නොවන බවත්, තම සාර්තකත්වය පිටිපස  කැපකිරීම් හා අසීමිත  පුහුනුවක් ඇති බවයි.  

කෙසේ නමුත් ඔහු ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගෙන අවසන්ය.ඔහුගේ සමුගැනීමෙන්  ශ්‍රී ලංකා ටෙස්ට් කන්ඩායම තුල,අග්‍රගන්‍ය ආරම්භක පිතිකරුවෙකුගේ හා ලක් මව බිහිකර සුපිරිතම පන්දු රකින්නාගේ හිඩැසක් ඇති කරයි.  තිලකරත්න දිල්ශාන් ........ඔබට ආයුබෝවන්

No comments:

Post a Comment

fb comments

Comment with Facebook