details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

sinhala jokes

මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා

ඇමෙරිකා ගියපු අපේ පොරක් බාර් එකේ පොඩි
ඩ්‍රින්ක් එකක් දාන ගමන් ඇමෙරිකන් කාරයෙක් එක්ක සෙට් උනා.ටික වෙලාවක් කතා කර කර හිටපු දෙන්න අතර ‍ෆිට් එකක් ඇති උනා.
අපේ එකා:-”ඔයා දන්නවද???අපේ අම්මයි තාත්තයි ගෙදරින් එලියට බැහැලා නැති…මම එකම එක දවසක් දෙකපු කෙල්ලෙක්ව බන්දලා දුන්නා.ඒකි ආදරේ තියා මෙලෝ මලදානයක් දන්නේ නැහැ.මේ මගුල මට දැන් එපා වෙලා තියෙන්නේ..”
ඇමෙරිකන් කාරයා:-”ඔහේ මගුලක් කතා කරනවා.ආදරේ කොරල කරන මගුල් ගැන.මම බැන්දේ අවුරුදු 3ක් ආස්සරේ කරලා මිනිහා මැරිච්ච ගෑනියෙක්. ටික කාලෙකට පස්සේ අපේ තාත්තා මේ ගෑනිගේ දුවත් එක්ක යාලු වෙලා ඒ දෙන්නත් කසාද බැන්දා.”
“දැන් තාත්තා මගේ බෑනා..මං තාත්තගේ මාමා.තාත්තා බැන්ද කෙල්ල මගේ අම්මා.මගේ ගෑනි මගේ ආච්චී.”
“ප්‍රශ්නේ තවත් වැඩි උනා මටයි ගෑනිටයි පුතෙක් ලැබුනම.මගේ පුතා මගේ තාත්තගේ මල්ලී ඒ නිසා පුතා මගේ බාප්පා.”
“තත්වේ තවත් දරුණු උනේ අපෙ තාත්තගේ නෝනට දුවෙක් ලැබුනම දැන් මගේ තාත්තගේ දුව මගේ නංගී.මගෙයි නෝනගෙයි මිණිබිරී.”
“බලාගෙන ගියාම යකෝ මම මගේම සීයා වෙලා මගේම මුණුබුරා වෙලා..උබ මේ පවුල් ප්‍රශ්න කතා කරනවා.”

මෝඩයා සහ ලෙඩා

ඔන්න එක මානසික රෝහලකට ආපු අමුත්තෙක්
තමන්ගේ වාහනේ රථ ගා‍ලේ නවත්වලා රෝහලට ගිහින් එනකොට ඒකේ එක රෝදෙක හුළං ගිහින්. දැන් ඉතින් මොකද කරන්නේ, මිනිහා වාහනේ තිබුණු ස්පෙයාවීල් එකත් ළඟ තියාගෙන අර හුළං බැහැපු රෝදෙ ගලවන්න පටන් ගත්තා.
මෙහෙම ගලවලා ඒක වාහනෙන් ඉවත් කරන කොටම මෙන්න ඊට කළින් ගලවලා පැත්තකින් තිබ්බ මුරිච්චි හතරම එතන තිබුණු කාණුවට වැටුණා. ඒක රෝහ‍ලේ අපද්‍රව්‍ය සහිත ජලය ගලාගෙන යන කාණුවක්. ඒ වගේම වතුරේ අපිරිසිදුකම හින්දා පතුල පේන්නෙත් නැහැ. දැන් අමුත්තා නිකටට අතකුත් තියාගෙන මොකක්ද කරන්නේ කියලා දහ අතේ කල්පනා කරනවා,
එතකොටම එතැනින් යන්න ආපු රෝගියෙකුට තේරුණා අමුත්තා වැටිලා ඉන්න කරදරේ.
“මං දෙන්නම් සර් ඕකට පුංචි උපදෙසක්. සර්ට පහසුවෙන්ම පුළුවන්නේ වාහනේ අනිත් රෝදවලින් එක මුරිච්චිය ගානේ ගලවලා ඔය රෝදෙ හයි කරගන්න. ඊට පස්සේ බොහොම හිමින් මෝටර් ස්පෙයා පාට්ස් කඩේකට ගිහින් මුරිච්චි හතරක් අරගෙන ඒවා රෝද හතරට හයි කරගන්න පුළුවන්. එතකොට අර වැඩේ ඉවරයි

එහෙම කිව්වා විතරයි රෝගියා අර අමුත්තට සන්තෝසෙ ඉහිලුම් නැහැ.
“මට නම් පුදුමෙනුත් පුදුමයි ඔහේ වගේ ලෙඩෙකුට ඔච්චර හොඳ මොළයක් තියන එක ගැන”

අමුත්තා ඒ සතුට අතරින්ම කිව්වා.
“මම ලෙඩෙක් නම් තමයි සර්.”
ඒ රෝගියා අර අමුත්තාට තවත් ටිකක් කිට්ටු වුණා.
“ඒත් සර් වගේ මෝඩයෙක් ‍නෙවෙයි.”

කෙල්ලෝ ගැන තේරුම්කරදීම.

සුරංග මුහුදු වෙරළක ඇවිදිනකොට කකුලේ වැදුනු
ලාම්පුවක් ඇහිඳලා ගත්තලු.. මේක පිරිමදිනකොට වෙනදා වගේම භූතයෙක් මතු උනා…
භූතයා : මාව නිදහස් කළාට මල්ලිට ගොඩක් thanks.. ඉතිං මම මල්ලිට එක වරමක් දෙනවා… හොඳට කල්පනා කරලා මල්ලි කැමති දෙයක් ඉල්ලන්න…
ඉතිං සුරාත් දැන් හොඳට කල්පනා කරලා මෙහෙම ඉල්ලුවා….
සුරංග : භූතයා අයියා…. පොඩි කාලේ ඉඳලා මට ආසාවක් තියෙනවා හවායි දූපත් වලට යන්න… ඒ උනාට මම ප්ලේන් එකේ යන්න හරි බයයි… මුහුදෙන් යනවා කියන එක හිතනකොටත් මම වෙව්ලනවා… ඉතිං භූතයා අයියට බැරිද.. මට මෙහෙ ඉඳලා එහාට car එකේ යන්න පුළුවන් වෙන්න පාලමක් හදලා දෙන්න….
මේක අහපු භූතයාට මළ පැන්නා…..
භූතයා : මල්ලි මඟුලක් කථා කරනවා…. මෙහෙ ඉඳලා හවායි වලට පාලමක් හදන්න පුළුවන් මොන භූතයාටද…? කොච්චර දුරද..? මුහුද මැදින්.. අනික කොන්ක්‍රීට්, යකඩ, සිමෙන්ති… මේවට කොච්චර සල්ලි ඕනෙද… ඒකනම් කරනවා තියා හිතන්නවත් බෑ,…. වෙන එකක් ඉල්ලන්න….
ඉතිං අප්සෙට් වෙච්චි සුරංගයා ආයෙත් කල්පනා කරලා මෙහෙම ඉල්ලුවා….
සුරංග : අනේ එහෙමද භූතයා අයියා… එහෙනම් මොනවා කරන්නද… එහෙනම් මේක කරලා දෙන්නකො…. මොකද මාත් එක්ක කෙල්ලෝ හතර පස් දෙනෙක්ම යාළු වෙලා හිටියනේ… උන් හැමෝම අන්තිමට මාව දාලා ගියේ.. මට එයාලව තේරුම් ගන්න බෑ කියලනේ…. අනේ ඉතිං මට ඔය කෙල්ලන්ව තේරුම් ගන්න පුළුවන් හැකියාව ලබා දෙන්නකෝ…..
ඉතිං භූතයා ඒ පාර සෑහෙන්න වෙලාවක් යනකම් කල්පනා කළා… අන්තිමේදී….
භූතයා : කමක් නෑ මල්ලි…. මල්ලි කියන්නකෝ මල්ලි කැමති lane 4 ක් තියෙන පාලමකටද…? නැත්තම් lane 2 ක් තිබුනොත් ඇත්ද…?

No comments:

Post a Comment

fb comments

Comment with Facebook