details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

ආතර් (King Arthur) යන නම ඇසුණ සැනින් අප හට මතක් වන්නේ එංගලන්තයේ ඇති පුරාවෘත්තයකි. නමුත් ආතර් යනු හෙළයේ සිටි රකුසෙක් බව ඔබ දන්නවාද? ආතර් යන්නෙහි නිරුක්තිය වනාහී, ආ=ආපු, තර්=තර=විශාල, එනම් "විශාලව ආ" යන්නයි. එදා රවිශෛලාස වංශයේ දීප්තිමත් යුගයේදී සොලෝකී බිසවගේ දෙ‍ටු පුත් වූ ආතර් රජතුමා හෙළයේ දීප්තිමත් වෙන බව හෙළ වේද වලින් දැනගත් බමුණන් ඔහුට "ආතර්" යන නම තැබූ බව "නවකාශපාශාදකවලපසකය" නැමැති යක්ෂ ගෝත්‍රික පුස්කොළපොතේ™ දැක්වෙයි.

ආතර් රජතුමා සිටියේ ශ්‍රී ලංකාවේ රාක්ෂ හෙළයේ බව සෙල් ලිපි™ වලින් පැහැදිළිවම ඔප්පු කර ඇත. "අතර රජර විතර හෙතර නගර ශ ශ ප" ලෙස පෞරාණික සෙල් ලිපි™ වල දැක්වෙන්නේ "ආතර් රජතුම විය හෙළයේ නායකයා" බවයි. මේ සෙල් ලිපි තියෙන තැන් අපිට එකින් එක පෙන්වලා අතටම ගෙනල්ල දෙන්න බෑ. සැබෑ හෙළ ඉතිහාසය හොයාගන්න මහන්සි වෙන්න වෙනව. කැමති අය මේවා හොයාගන්න™.

ආතර් රජතුමා ගැන සඳහන් කිසිදු සෙල් ලිපියක්™ එංගලන්තයේ කොතනකවත් නොමැති බව නිර්භයව මා කියමි. පුළුවන්නම් එවැනි සෙල් ලිපියක්™ එංගලන්තයෙන් පෙන්වන ලෙසත් අභියෝග කරමි. ඒ අනුව හෙළ ආතර් රජතුමාව සුද්දන් වීසින් උන්ගේ කරගෙන ඇති බව පෙනෙයි.

සීගිරි කුරු‍ටු ගී වලින්ද පැහැදිළිවම පෙනෙන්නේ ඒ අතීතයයි. 
"යහෙ ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී 
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු" 
ගීතයේ අග අති "අත්මය් වුයු" යන්නෙන් දැක්වෙන්නේ "ආතර් මයා විය" යන අරුතයි. ඒ අන් කවරෙක්වත් නොව හෙළයින්ගේ ආතර් රජතුමා ය.

පර සුද්දන්™ විසින් අපගේ ආතර් රජතුමාගේ නාමය පැහැර නොගන්නට අපත් ආතර් රජතුමා අපේ හෙළයෙක් යැයි කට පුරා ලොවට කියමු.

අදත් අපේ සුදු සිංහලයන් විසින් "ආතර්" යන නාමය ගෞරවයකින් යුතුව භාවිතා කරන්නේ එදවස සිටි ආතර් රජතුමාට ගෞරවයක් වශයෙනි.

එදා ආතර් රජතුමාගෙන් පැරදුන "සොක්කන්" ව සිහි වීමට අදත් පරදින නිවටයින්ව සොක්කන් ලෙස හඳුන්වයි. පහත රූපයේ දැක්වෙන්නේ සොක්කන් ය. නමුත් සුද්දන් විසින් උන්ගේ ලේසියට මොවුන්ව සැක්සන් ලෙස හඳුන්වයි.
"හෙළ ආතර මාතර වියැ එබසට නම් කෙරුණැ" ලෙස වර්ගපූර්ණිකාවේ™ දැක්වෙන්නේ ඒ හෙළාතර් රජතුමා ගැනයි.

ආතර් රජතුමා ගැන වර්ගපූර්ණිකාවේ වෙනම පරිච්ඡේදයක් තිබුණි. නමුත් බමුණන් විසින් වර්ගපූර්ණිකාව ගිණිතැබුවාට™ පසුව ආතර් රජතුමා ගැන අපේ හෙළයින්ගේ හිත් වලින් මැකී ගොස් ඇත. නමුත් ඒ අතීතය කවදා හෝ මතු වේවි.

වර්තමානයේදී හැඳින්වෙන ඇතුගල්පුර යනු ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ තැනයි. ඇතු=ආතර්, ගල්=ගුහා=මාළිගාව, පුර=පුරය, ඒ අනුව ආතර් රජතුමාගේ මාළිගාව තිබුණ පුරවරය එහි තිබුණ බව ඔප්පු වෙයි.

ආතර් රජතුමා කිසිදා නොමියන බවට සියුස්ගෙන් වරයක් ලබාගෙන ඇත. (සියුස් යනු සක්‍රයාට යුරෝපයේදී භාවිතා වුණ නමයි, සි=සියයක්, යුස්= ඇස්, ඒ අනුව සියැස් හෙවත් සක්‍ර යන හෙළ නිරුක්තියෙන් සියුස් යනු සක්‍රයා බව පැහැදිළි වෙයි). ආතර් රජතුමා තවමත් ඇතාගල කඳු වැටියේ නිදාසිටී™. ඔහු නැගිටින දිනය වැඩි ඈතක නොවේ.

මේවා ණුවනින් විමසා බලන්න, පොතක තිබුණ පළියට කිසිම දෙයක් පිළිගන්න එපා.


No comments:

Post a Comment

fb comments

Comment with Facebook