details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

ඇයි මීට කලින් වර්ල්ඩ් කප් එකක් දැකලා නැද්ද ?



දැකලා තියනවාය , ඒ අවුරුදු 18 කට කලින්ය . ෆයිනල් 4ක් පැරදීමෙන් පසුව , මැත කාලයේ භිතිකාවක්ව තිබු ඉන්දියාවටම ගසා 2011 රිවෙන්ජ් එකත් සමඟින් කප් එක ඉස්සීමේ ආතල් එක ගැන අටුවා ටිකා කියන්නට අවැසි වන්නේ නැය . ඒ නිසා මේ කියන්නට යන්නේ කප් එක ඉස්සීමේ අතුරු කථා කිහිපයක් ගැනය
අයි පි එල් විරෝධි ඕල්ඩ් ස්ටයිල් එකේ අර්ජුනගෙන් පසුව වර්ල්ඩ් කප් එකක් ලංකාවට ගෙනා නායකයා , ඔන්න මෙන්න දේශද්‍රෝහියෙක් වූ , අයි පි එල් සල්ලි වලට යට වුනා යැයි චෝදනා ලැබු මාලිංගයා වීමේ ආතල් එකද කප් එක ඉස්සිමෙ ආතල් එක තරම්ම  ලොකුය , මාලිංගට කුණු කථා කී එවුන් *ක මුට්ටු වී බලා සිටිත්දී උන්ගේ  අහවල් එකට මාලිංග යෝකරයක්ද දමා තිබුනාය ඒ අයි පි එල් නිසා ඉන්දියාවට ගහන්න ලේසි වුනා කියලාය . දෝනි ගේ ඇටෙම්ප්ටඩ් පොල් අඩි එකක්වත් හරි නොයන්නට මාලිංගට හේතු වුනේ අයි පි එල්මද , එපා වෙනකන් ඉන්දියාවත් එක්ක මැච් ගැහිල්ලද කියා දන්නේ නාථ දෙවියන් විතරය  හැබැයි , ඌ කියන එකට ප්‍රතිතර්ක ගෙන්න ට නම් ඉරිසියා කාර කුහකයින්ට බැරිය . බැරි වෙලා හෝ මැච් එක කැවා නම් මුන්ගේ පලවෙනිම ආඩාපාලිය වන්නේ කෝලියාගේ කැච් අතැරලා සල්ලි වලට තරඟය පාවා දුන්  එකා ගැන වීම නිසා මුන්ට ඔහොම වෙලා මදිය
කොයි තරම් කුණු කථා කියතත් අපේ එකාලා අපේ අසල් වැසි රටේ සමහර මී ගවයින්ට වඩා නම් සැහෙන ශිෂ්ටාචාරි බව  කිව යුතුමය . තරඟ ගොන්නක් තම රට වෙනුවෙන් දිනවා එක් දිනයක අසාර්ථකතක වූ  යුවරාජ්ගේ ගෙදරට ගල්ගැසූ ගස් කුට්ටන්ද , ශ්‍රි ලංකාවේ නම ගැසු මඩුවකට ගිනි තියන පාහරයින්ද ක්‍රිකට් වලට ගැලපෙන්නේ නැය , උන් ගැලපෙන්නේ ගිනි මැලය වටේ නැටීමට විතරය . මේ දේවල් කල උන් පිරිස සමස්ථ ජනඝහනයෙන් කුඩා කොටසක් විය හැක ,නමුත් රටක් අපකිරිතියට පත් කිරීමට දහ පහලොස් දෙනෙකුට වුවත් පුලුවන්ය .
කුණු කථා කී අපේ එකාලා හොඳ කීවේ ඉහත ගොබිලන්ට සාපේක්ෂවය , ඊලඟට කථා කල යුත්තේ  ඉන්දිය ක්‍රිකට් විචාරකයින් ගැනය . මිනිහෙක් විචාරයක් කරත්දී තමන්ගේ රටට ඩිංගක් ඇද්දාට කමක් නෑය , ඒත්  එලිපිට හිරිකිතකින් තොරව , අනෙක් පිල සහමුලින්ම අමතක කර දමා විචාරය දෙන්නට යාම ගවස්කාර්, ගංගුලි වැන්න වුන්ගේ දීප්තිමත් ක්‍රිකට් කැරියර් එකටත් නිගාවක්ය .
මෙවන් පිරිසක් අතරේ තනිවම ශ්‍රි ලංකාව වෙනුවෙන් පෙනි සිටි  රසල් ආනල්ඩ්ට මාගේ ගෞර්වය හිමි වන්නේ ඒ නිසාය 





අවසන් වශයෙන් කියන්නට තියෙන්නේ අවසන් තරඟයේදී ක්‍රිඩා ලොලියෙකු වශයෙන් සිත් ගත් සිදුවීමක්ය . ඒ ඉහත ඡායාරූපයේ සඳහන් මොහත ආශ්‍රිතව සිදුවු දැ සහ පරාජයෙන් කම්පනයට පත්වේ යැයි බොහෝ දෙනා සිතු විරාත් කෝලි තම පරාජය නිවැරදිව ඇනලයිස් කරමින් කල කථාවයි . අති දක්ෂයෙක් බවට අවිවාදිත විරාත් කෝලි යනු ශ්‍රි ලාංකිකයින් වඩාත් වෛර කල ක්‍රිඩකයා කිම අතිශෝක්තියක් වන්නේ නැත . මා ක්‍රිඩයින්ට වෛර නොකරත් ඉහත සිදුවීම දක්වාම මොහු සිටියේ මාගේ අප්‍රියතම ක්‍රිඩකයින් ලයිස්තුවේය . සිංහ පෝතක්යින්ට කුසලානය හිමි කරදුන් අවසන් තරඟය කෝලිට ශ්‍රි ලාංකාවෙන් අවම වශයෙන්  ඒක් ෆැන් කෙනෙක් එක් කල බවත් , ඔහුට වෛර කල  කිහිප දෙනෙකු හෝ තම සිතුවිලි වෙනස් කල බවත්  සඳහන් කල යුතුය !
කණ්ඩායම් දක්ෂතාවයෙන් ලබා ගත් ජයක් මිස කිසිදු දේව බලයක් හෝ බලපැමක් ශ්‍රි ලංකාවේ ජයග්‍රහණය පිටුපස ඇතැයි මා කිසිසේත්ම විශ්වාස කරන්නේ නැත . නමුත් සිය විශ්වාසයන් අනුව එවැනි සුන්දර අදහසක් පල කල ඩැරන් සැමීටත් මාගේ ගෞරවය පිරිනැමීමට කැමතිය ! 


P.S - 20 -20 න් සමුගත් ශ්‍රේෂ්ට ශ්‍රි ලාංකික පිතිකරු යුගලය සංගා- මහේල , රටට ලබා දුන් ත්‍යාගය මෙන්ම මාලිංග ඇතුලු සගයින්  නික්ම යන සහෘදයින්ට ලබා දුන් ත්‍යාගයද කිසිදා මේ කිසිවෙකුටත් අමතක නොවෙනා බැව් නිසැකය 

No comments:

Post a Comment

fb comments

Comment with Facebook