details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Tuesday, October 7, 2014

Vista හා Windows 7 වල Compatible නොවන මෘදුකාංග ඒ ගැන සැලකිල්ලක් නොකර භාවිතා කරන්නට යාමෙන් වන අකරතැබ්බ...

කාලෙකට පස්සේ පරිගණක තීරය යටතේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ වෙනදා වගේ තවත් මෘදුකාංගයක් පිළිබදවම නම් නෙමෙයි. පසුගිය සතියේ මම මුහුණදුන්න පොඩි අකරතැබ්බයක් පිළිබදවයි. සමහර විට ඔබත් මෙයට මුහුණ දීල තිබෙනවා වුනත් අනාගතයේ කෙනෙක් මෙයට බදුන්විය හැකි නිසා ඒ ගැන දැනුවත් කරන්නට තමයි සිතුවේ. මා සතුව තියෙන අතිමහත් දත්ත සමුදාය ගබඩා කරගන්න හිතාගෙන වගේම අනාගතයේදී නැවතත් දෘඩ තැටියක් ගන්නටවට වඩා ටිකක් මිල වුනත් 1 TB දෘඩ තැටියක් ගත්තයි කියමුකෝ. හැබැයි මේක ගත්ත දවසේ තිබ්බ තදියමට ඒක Partition කරල Format කරපු විදිය පස්සේ එච්චර හිතට ඇල්ලුවෙත් නැහැ. ඊට පස්සේ මේක ආයෙමත් වෙනස් කරගන්න Windows disk management වලට වඩා ඉස්සර භාවිතා කල Partition Magic v8.0, Vista වල භාවිතා කරන්නට සිතුනා.

ඉතින් මේක install කරන්න ඉස්සෙල්ලත් Partition Magic v8.0  not compatible with Vistaකියන එකත් දන්නවා. ඒත් වෙන මෘදුකාංගත් compatible නොවුනත් Vista වල  install කරන නිසා ගානක් නැතුවම install කරා. ඊට පස්සේ Partition Magic Start ගිහිල්ල open කරන කොටත් තව පොඩි පොඩි message වගයක් ආවා. එකත් ගණන් ගන්නේ නැතුව ඉස්සරහට ගියාම මෙන්න තව message එකක් එනවා කලින් තිබුන values වගයක් වැරදියි. මෙන්න හරි ඒවා, නිවැරදි කරන්නද? එපාද? කියලා. වෙනදා වගේම පුරුද්දටම ඕන එකක් වෙන්න කියලyes කරා. පස්සේ ආයිමත් වෙන වෙන වැඩවගයක් කරලා Restart කරාට පස්සේ OS එක තියෙන Partition එක ඇරෙන්න අනිත් ඒවා පෙන්නන්නෙත් නැහැ. ඒවගේම Windows disk management වලට ගිහිල්ල බැළුවහමත් Capacity එක ඇරෙන්න අනිත් මොනවත් details දක්වන්නෙත් නැහැ. Drive Letter එකවත් වෙනස් කරල නැවත hard disk partition එක ඇතුලට යන්න හැකිවේදැයි බලන්න එය කරන්න ගියත් එන්නේ මෙන්න මේ වගේ message  එකක් ඒ ව‍‍ගේම Partition එක පෙන්වන්නෙත් මේ විදියටයි. (හැබැයි මේ පින්තූරය මගේ පරිගණකයේ hard disk එකේ 

නම් නෙමෙයි.)
පරිගණකයේ Vista වලට අමතරව Windows  7 install කර තිබූ නිසා එහිදීවත් මෙය යථාතත්වයට පත්වී ඇත්දැයි බැළුවත් එහි තත්වය මීටත් නරක බව තමයි කියන්න වෙන්නේ. මොකද Vista වල එක Partition එකක් පෙන්නුවත්, මෙහිදී Partition දෙකක්ම පෙන්නුවේ නැහැ. ඉන්පසුව Linux Live version එකකින් බැළුවත් එක Partition එකක් පමණයි පෙන්නුවේ. ඉන්පසු‍ව මේ ගැන අන්තර්ජාලයේ සොයන කොට http://answers.microsoft.com/en-us/windows/forum/windows_vista-performance/disk-management-console-view-is-not-up-to-date/42b1ebc3-edaf-4c3f-93cd-beda4bab2671 අඩවියේ මේ හා සමාන ගැටළුවලට විසදුම් තිබෙනු දක්නට ලැබුනා. එහි පළමුවෙන්ම තිබූ ගැටළුවත් මා මුහුණ පා තිබෙන ගැටළුවට සමානයි. එය තමයි මේ.

මෙන්න එයට ලබා දී තිබූ විසදුම,
හැබැයි මෙහි දක්වා තිබෙන පරිදි  list volume වලත් දක්නට නොලැබුන නිසා ඒ විසදුම හරිගියෙත් නැති නිසා තවත් මෙහදීම වෙනත් විසදුමක් සොයා බැළුවා.

තව මෙහි තිබූ විසදුමක් තමයි  Acronis Disk Director Suite කියන මෘදුකාංගය ඇසුරෙන් මෙය නිවැරදි කර ගත හැකිය යන්න. නමුත් එය ස්ථාපනය කල විට අඩුම තරමේ එයට තිබෙන Partition හදුනා ගන්නට හැකියාවක් තිබුනෙත් නැහැ.

ඉතින් තව තව විසදුම් ඉහත ‍වෙබ් අඩවියේ දක්වා තිබුනත් ඒවා කරන්නට යාමෙන් මෙම Partition වල ඇති දත්ත මැකී යයිදෝ යන සැකය නිසා Windows XP වලදී වත් අඩුම තරමෙන් මෙය විසදා ගැනීමට එය ස්ථාපනය කල අතර එහිදී නම් කිසිදු කරදරයකින් තොරව සියළු  Partition වලට ප්‍රවිශ්ඨ වීමේ හැකියාව ලැබුනා. ඉන්පසුව එහිදී දත්ත වෙනත් දෘඩ තැටියකට මාරුකර Format කරත් Vista වලදී පෙරසේම එම Partition එක නොපෙන්වන බව තමයි තිබුනේ. ඒනිසා නැවත එම Volume එක Delete කර Vista වලදීම Format කර පසුව තමයි මා මුහුණ පා සිටි තත්වයෙන් අස්වැසිල්ලක් ලබා ගැනීමට හැකිවුනේ.

සමහර විට ඔබත් මෙම තත්වයටම මුහුණ දීලා ඇති. එයට මෙයට වඩා වෙනස් විසදුම් තිබෙන්නත් ඇති. කොහොමවුනත් Compatibility බව නැති මෘදුකාංග භාවිතයේදී දෙවරක් සිතා බැලීමට මෙය හොද අත්දැකීමක් බව තමයි අවසාන වශයෙන් නම් කියන්නට තිබෙන්නේ.


No comments:

Post a Comment

fb comments

Comment with Facebook