details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

පුලස්ථි සෘෂිගේ පර්යේෂණාගාරයක් ලග්ගල කදු මුදුනේ

රාවණ යනු වසර දෙදහස් පන්සියයකට වරක් හෙළ දෙරණ මත ඇතිවන ශක්තියක් බව අපි වරින් වර පෙන්වා දුන්නෙමු. වසර දස දහසකට පෙර තරු රාවණද, වසර හත්දහස් පන්සියයකට පෙර බලි රාවණද, අවසානයේ වසර පන්දහසකට පෙර දසිස් රාවණ ශක්තියද අප හෙළ දෙරණ ලෝකයට ඔසවා තැබීය. වසර දෙදහස් පන්සියයකට පසුවද අප හෙළ දෙරණ තුළ මෙම පරිවර්තනීය ශක්තිය ක‍්‍රියාත්මක වූ අතර එය අපි බුද්ධ ශක්තිය ලෙස හඳුන්වන්නෙමු. රාවණ ශක්තිය හෝ බුද්ධ ශක්තිය ආදී කුමණ නමකින් අප පැහැදිලි කළද ලංකාව තුළ එකම රටාවක් දිගින් දිගට ක‍්‍රියාත්මක වන බව පෙනීයයි. අපි අවසන් රාවණ රජු ලෙස කතා කරන දසිස් රාවණ නැතහොත් ‘යගු කෞරාණ මන්ඨක’ගේ පරපුර පිළිබඳ අවබෝධයක් ලබාගැනීමට උත්සහ දරමු. 
ලෝකය පාලනය කිරීම උදෙසා බ‍්‍රහ්මයා විසින් පුතුන් සත් දෙනකු නිර්මාණය කළේය. මෙහිදී බ‍්‍රහ්මයා යනු අප කලින් කතාකළ පිටසක්වළ ජීවී රජෙකු හෝ යම් තනතුරක් විය යුතුය. ඔහුගේ පුතුන් යනු පෘතිවියේ නිර්මාණය කළ ජනපද හත පාලනය කිරීම උදෙසා පත්කළ පාලකයන් හත් දෙනා විය යුතුය.

පුලස්ථි, වශිෂ්ඨ මෙසේ බ‍්‍රහ්මයාගේ පුතුන් ලෙස පොළොවේ පාලනයට දායක වෙයි. එහිදී වශිෂ්ඨ ඉන්දු ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත්, පුලස්ථි හෙළ ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික නායකයා ලෙසත් ස්ථානගත විය. මෙහිදී අප තේරුම්ගත යුත්තේ මෙම ජනාවාස හත තුළ එකකට එකක් වෙනස් තත්ත්වයන් ක‍්‍රියාත්මක වීමයි. එහිදී එම ශිෂ්ටාචාරවල ආරම්භක ස්වභාවය මත ශිෂ්ටාචාර වර්ධනය වීම සිදුවුණි.

පුලස්ථි ඍෂි හෙළ ශිෂ්ටාචාරයේ පාලන තන්ත‍්‍රය පිහිටුවීම උදෙසා තෝරාගනු ලබන්නේ වර්තමාන පොළොන්නරුවයි. පුලතිසි පුරවරය ලෙස එය හැඳින්වුණි. පුලස්ථි මහ ඍෂි උපරිම ලෙස ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කළ ඍෂිවරයකු වුවත්, ඔහු තුළ පැවති විශේෂත්වය වනුයේ භෞතික සංවර්ධනය උදෙසා නව තාක්ෂණික ක‍්‍රමවේදයන් නිර්මාණය කිරීමට තම ආධ්‍යාත්මික ශක්තීන් උපයෝගී කර ගැනීමයි.

ලෝකයේ සියලූම දැණුම එක්තැන්කර ඇතැයි සැලකෙන චතුර්වේදයෙහි පළමු වේද ග‍්‍රන්ථ තුන සම්පාදනය කරනුයේද පුලස්ථි ඍෂි විසිනි. පුලස්ථි ඍෂි වර්තමාන වසරවලින් අවුරුදු දෙසීය හතරක් ජීවත් විය.

පුලතිසි පුරය ආධ්‍යාත්මික ශක්ති වර්ධනය කිරීමේ මධ්‍යස්ථානයක් මෙන්ම පාලන ඒකකයක් ලෙසද පවත්වා ගෙන ගියේය. වර්තමාන පරාක‍්‍රම සමුද්‍රය මැද ඇති සීත මාලිගය පුලස්ථි මාලිගාවේ කොටසක් ලෙසින් සැලකේ.

ලග්ගල කඳු මුදුනේ මෙතුමාගේ විශේෂිත පරීක්ෂණ මධ්‍යස්ථානයක් පිහිටා තිබුණි. ලග්ගල අහස් සිතියම හොඳින්ම අධ්‍යනය කළ හැකි ස්ථානය ලෙසින් සැලකේ. පුලස්ථි ඍෂි විශ්වය හා සබඳතා පැවැත්වූයේ මෙහි සිටය. යුරෝපීය චිත‍්‍රපට බොහොමයක වස්තු බීජ හෙළ පොළොව තුළින් උකහා ගත් ඒවා වන බව අතීතය සොයා යෑමේදී අපට අවබෝධ වන කරුණකි. එනම් අපට පෙර අපේ අතීතය ඉතා සියුම්ව යුරෝපීය ජාතීහු අධ්‍යනය කොට අවසානය. එහෙත් ඔවුහු ඒවා හෙළි නොකරති. පුලස්ථි ඍෂි මියයෑමෙන් පසු ආදාහනය කළ ස්ථානය මත නාලන්දා ගෙඩිගෙය නිර්මාණය කළ බවට විශ්වාසයක් පවතියි.

පුලස්ථි ඍෂිගේ යළි ඉපදීම රාවණ යුගයේදී සිදු වූ අතර මහා කාල ඍෂි ලෙස ඔහු හැඳින්වුණි. රාම රාවණ යුද්ධයට පුලස්ථි ඍෂිගේ දායකත්වය ලැබෙන්නේ එලෙසය. මහා කාල ඍෂිද අසීමිත දැනුමකින් සපිරි ඍෂිවරයකු වන අතර රාවණ යුගයේ හෙළ අසුර ව්‍යාප්තියට ඔහුගේ දැනුම බොහෝ සෙයින් හේතුවිය. විශේෂයෙන්ම රාවණ යුගය බලගැන්වූ පළිඟු තාක්ෂණය පුලස්ථි ඍෂිගේ සොයා ගැනීමකි. පුලස්ථි ඍෂි ඇරඹූ රොහල් ගණනාවක්ම එකල හෙළයේ පැවතියේය.

පුලස්ථි ඍෂිගේ වැඩිමහල් පුත‍්‍රයා වනුයේ වෙසමුණි නැතහොත් වෛශ‍්‍රවණ මුණිවරයාය. පුලස්ථි ඍෂිගෙන් පසු හෙළ රාජ්‍යයේ පාලනය හිමිවනුයේ ඔහුටය. වෛශ‍්‍රවණ මුණි යනු තුන් ලොව සිටි බලවත්ම පුද්ගලයාය. එකල බලවත් රජෙකුව සිටි සුමලින් හට තම දියණිය සරණ පාවා දීමට සුමලින්ට වඩා බලවත් රජෙකු සොයාගත නොහැකි වූ විට අවසානයේ ලොව බලවත්ම මුණිවරයාට තම දියණිය සරණ පාවා දීමට තීරණය කළේය. රාවණ රජුගේ මව වූ කෛකේෂි සුමලින්ගේ දියණියයි. එසේ බලන කල මහා රාවණ බලවත් රජෙකු වනුයේ පරපුරු දෙකේහිම උරුමයක් ලෙසිණි.

රාවණ රජු උපත ලබනුයේ වර්තමාන මතුගම ප‍්‍රදේශයට ආසන්න ප‍්‍රදේශයක විශ‍්‍රවස් මුණිගේ ග‍්‍රාමයේ යක් විල නම් ප‍්‍රදේශයේ පිහිටි මාලිගාවකදී. මෙම මාලිගය කෛකේෂි මාලිගය ලෙස හැඳින්වුණි. කෙසේ වෙතත් අප ලංකාවේ අධිශක්ති කලාප දෙකක් පෙන්වා දුන් අතර දකුණු ප‍්‍රදේශයේ පිහිටි කලාපය (මෙය භීම මණ්ඩලය ලෙසද සමහර තැනක සඳහන් වේ) මාධ්‍යයේ මෙම මාලිගය පිහිටා ඇත.

රාවණ කුමරු තුළ බ‍්‍රාහ්මණ ස්වභාවයක් හා රාක්ෂ ස්වභාවයක් යන ස්වභාවයන් දෙකම පවතී. එයට හේතු වනුයේ මාපිය සම්මිශ‍්‍රණය සමගම අධිශක්ති කලාපය හරහා ලැබෙන ශක්තියයි. උපතේ සිටම බලවත් චරිතයක් බවට රාවණ පත්වනුයේ එබැවිණි. රාවණ රජුට සහෝදර සහෝදරියන් කිහිපදෙනකු විය. කුවේර, විභීෂණ, කුම්භකර්ණ, සුපර්ණිකා, කරන්, දුෂණන් ආදී නම්වලින් ඔවුන් හැඳින්වුණි.

පියාවූ විශ‍්‍රව මුණිගේ බිරින්දෑවරු පස්දෙනකු පිළිබඳ තොරතුරු පවතින අතර මෙම විවාහ සියල්ලේ දරුවන්, සොහෝදර සහෝදරියන් ලෙස සැලකෙයි.

කුවේරගෙන් රාජ්‍ය අල්ලා ගැනීමෙන් පසු රාවණ රජුගේ රාජ්‍ය පාලනය උදෙසා සහෝදර සහෝදරියන් සියල්ලම සහයෝගය ලබාදුන් අතර, පසුකාලීනව විභීෂණ බල තණ්හාව නිසා රාජ්‍යය පාවා දුන්නේය.
අපි රාවණ පරපුර පිළිබඳ කතාකරන බැවින් සහෝදරයන්ගේ සබඳතාවලින් ඉදිරියට ගමන් කිරීමට උත්සහ දරමු. රාවණ රජුගේ මවු පෙළපත වත්මන් ඉරානය පවතින ප‍්‍රදේශය පාලනය කළ ඉරණි රජ පෙළපතින් පැවත එන්නකි. එම පරපුරේ සුකේෂ රජුගේ පුත‍්‍රයා වූ සුමාලි හා කේතුමතී කුමරියට දාව ඇය උපදියි.

රාවණ රජුගේ බිසව වනුයේ මන්දෝදරි කුමරියයි. මන්දෝදරි යනු නාග ගෝත‍්‍රික තරුණියක් ලෙස යම් තැනක සඳහන්ව ඇත. එහෙත් ඒ පිළිබඳ ස්ථීරව සඳහනක් කිරීමට නොහැකිය. මන්දෝදරි යනු ලොව රූපශී‍්‍රයෙන් අගතැන්පත් කුමරියක් ලෙස රාමායනයේද සඳහන් වෙයි. රාවණ හා මන්දෝදරියට දරුවන් දෙදෙනකු ලැබුණි. ඔවුන් නිවුන් දරුවන්ය. රාවණ රජුට දරුවන් උපදින දිනය පිළිබඳ අනාවැකියක් පැවසූ මහ ඍෂිවරයකු පැවසුවේ එදින රාත‍්‍රී දොළහට පෙර උපදින දරුවා රාවණ රාජ්‍යය රකින බවත්, දොළහට පසු උපදින දරුවා නිසා රාජ්‍ය විනාශ වී යන බවත්ය. මේඝ පළමු දරුවා විය. ඉන්ද්‍රජිත් නමින් අප දන්නේ රාවණගේ පිරිමි දරුවාය. ශොහිලි (සීතා* රාවණගේ දියණියයි. එහෙත් දොළහෙන් පසු ඉපදීම නිසා උපතේදීම ඇයට මාලිගයෙන් පිටව යන්නට සිදුවිය. රාවණ පුත් ඉන්ද්‍රජිත් විවාහවූයේ සුලෝචනා සමගය. ඉන්ද්‍රජිත්ට දරුවන් දෙදෙනකු වූ අතර ඔවුන් රවිශෛලාෂ හා කොවේසස්ථය. රාවණ රාජ්‍යය විභීෂණ අතට පත්වීමෙන් පසු ඉන්ද්‍රජිත් පුතුත් විසින් යළි කැලණියේ පිහිටි විභීෂණ රාජ්‍යයට පහරදී රාවණ පරපුරට බලය නතුකර ගනු ලැබුණි.

රාවණ රජු බුද්ධෝත්පත්ති දෙකකට පසු බුදුවන බවට රාවණ පරපුරේ පැරැුණ්ණෝ විශ්වාස කරති. එයට හේතු වනුයේ රාවණ රජු කාශ්‍යප බුදුන්ගෙන් බණ අසා බුදුබව ප‍්‍රාර්ථනා කිරීම යැයි ඔවුහු පවසති. මංජු ශී‍්‍ර බෝධිසත්වයෝ නමින් බුදුවනුයේ රාවණ රජු යැයි විශ්වාසයක් පවතී.

ඉන්ද්‍රජිත්ගේ පුතුන්ගෙන් ව්‍යාප්ත වූ පරපුර ව්‍යාප්ත වීමේදී ඉන්ද්‍ර යන නම මුල් කර ගනිමින් ව්‍යාප්ත වූ බව පෙනීයයි. දේවේන්ද්‍ර, මහේන්ද්‍ර, සුරේන්ද්‍ර ආදී ලොවින් පවතින පරපුරු එසේ ව්‍යාප්ත වූ පරම්පරාවන්ය.

රවිශෛලාෂ හා කොවේසස්ථ පාලනයට ලංකාපුරය නතුවීමෙන් අනතුරුව ප‍්‍රධාන පාලන ඒකක අටක් යටතේ පාලනය ගෙන ගිය අතර දිගින් දිගට හෙළ යක්ෂ පාලනය සවිමත්ව පැවතුණි. අගිය, තේක්ධශ, තිමිර,කනශ, බිම්බා, (කුවේණිගේ පියා), මෙන්ම අවසානයේ කුවේණියගේ පුතා වූ වීරබාහුද රාජ්‍ය පාලනයට දායක වෙමින් රාවණ පරපුර ඉදිරියට ගෙන ගියේය. එසේ ව්‍යාප්ත වූ හෙළ රාවණ පරපුර අදටත් හෙළ දෙරණ තුළ නව දෑ නිපදවමින් හෙළය පෝෂණය කරමින් සිටිති.

කාංචන ගීත මනමේන්ද්‍ර - රන්දිව


No comments:

Post a Comment

fb comments

Comment with Facebook