details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

9/11 ප්‍රහාරයට සම්බන්ධ වුනේ රාවණ අධිරාජ්‍යයා ය.

ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට 2001 සැප්තැම්බර් 11 දින එල්ල කරන ලද ප්‍රහාරය පිළිබඳව ඇමරිකාව විසින් අල් කයීඩාවටත්, වෙනත් පාර්ශවයන් විසින් ඇමරිකානු CIA සංවිධානයටත් චෝදනා එල්ල කරගන්නා බව පසුගිය දශකය පුරාම දක්නට ලැබුණි. නමුත් සත්‍යය එය නොවේ.

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ වෙසෙන තම අනන්‍යතාවය හෙළි කිරීමට අකැමැති භාවනායෝගී තාපසවරයෙක් විසින් දුරකථන ඇමතුමක් හරහා වර්ගපූර්ණිකාව බ්ලොගය වෙත පසුගියදා දැනුම්දුන්නේ එය මහා රාවන අධිරාජ්‍යයා විසින් එල්ල කරන ලද්දක් බවයි. 2012 අග භාගයේදී නැවතත් නින්දෙන් නැගිටින මහා රාවන අධිරාජ්‍යයා ඊට පෙර තම යුතුකම ඉ‍ටු කිරීමටලු එවැන්නක් කළේ.

තාපස තුමා මෙවැන්නක් පැවසුවා. "පුත තොප නොදන්නා බොහෝ දෑ මෑත කාලයේදී සිදුවී තිබෙනවා, රාවන අධිරජ්‍යයා දැන් ගොඩක් බලවත්, එතුමා දැන් ලෝක පාලනයට සූදානම්. ඒ සඳහා පෙරහුරුවක් ලෙස ලෝක බලවතාට පාඩමක් ඉගැන්වුවා....."

රාවන අධිරාජ්‍යයා විසින් එවැන්නක් කළේ ඇමරිකාව විසින් කොටි ත්‍රස්ත හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා ඇමරිකාවට සත්‍යය වටහා දීමටත්, ඇමරිකාව විසින් ලංකාපුරයට කරන ලද අපරාධයන්ට දඬුවමක් වශයෙනුත් ය. ඊට අමතරව ඇෆ්ගනිස්ථානයේ හම්බයින් විසින් බාමියන් ප්‍රතිමා විනාශ කිරීමේ වරදට දඬුවමක් වශයෙන් ඇෆ්ගනිස්ථානය දූවිලි බවට පත් කිරීමටත්, ලිබ්යාවේ ගධා‍ෆි විසින් ලංකාපුර රාජධානිය හම්බ කොළණියක් කිරීමට කතා කිරීමට නිසා ඊට දඬුවමක් වශයෙන් ගඩා‍ෆි මරා දමා ලිබ්යාව දූවිලි බවට පත් කිරීමත්, ඉරාකයේ හම්බයින් විසින් ලංකාවේ පල්ලි හැදීමට දෙන ලද ආධාර වලට දඬුවමක් වශයෙන් ඉරාකය සුන්නත්දූලි කිරීමටත්, ඇමරිකානු රජය පෙළඹවීමට, නිදි යහයේ තාමත් ජීවමානව සිටින රාවනා අධිරාජ්‍යයා වීස්න් තම ශවකාශපානවාසකය නැමති බලගතු මන්ත්‍රය ජීවන් කර කටයුතු කරන ලද්දේයැ. 

තවද ජපානය වීස්න් කොටින්ට පක්ෂපාතී වීම නිසා ඊට සුලු දඬුවමක් වශයෙන් ජපානයේ ෆුකුෂිමා බලාගාරය විනාශ කර ජපානයට මරුවා පෙන්වන ලද්දේයැ, එනිසා රාවන අධිරාජ්‍යයාට විරුද්ධ වන්නන් මේ උදාහරණ වලින් ශ්‍රී රාවනා නාමය ඉදිරියේ දණ්ඩ නමස්කාර කර ජීවිත ගලවාගනු මැනවි. තවමත් පවතින හෙළ අසුරයින්ගේ ශක්තියත් 2012 අගදී නැගිටින රාවන අධිරාජයයාගේ පරමෝත්තම බලයත් දෑස් ඉදිරියේ වටහගනු කැමැත්තන් රාවන සෙන්පති හා එක් වන්න.

දැන් 9/11 ප්‍රහාරය රාවනාගේම ප්‍රහාරයක් බව ඔප්පු කරන්නේ කෙසේදැයි බලමු. පහත තිබෙන්නේ ශ්‍රී රාවනා රජතුමා යුධයේදී භාවිතා කරන මුහුණු මායාවයි. එයට කියන්නේ "රණමෘණභාසිතය" යන්නයි.

මහත් ආශ්චර්යයකි, බලන්න "රණමෘණභාසිතය" පහත රූපයේ WTC එකට ප්‍රහාරය එල්ල වෙන මොහොතේ ධූමයන් අතුරින් නැගී සිටින හැටි.

පහත රූපයේ දැක්වෙන්නේ ශ්‍රී රාවනා රජතුමාව චීන ජාතිකයින් දු‍ටු ආකාරයයි. බලන්න චීන්නුන් පවා අපගේ හෙළ අසුර අධිරාජ්‍යයාට ගෞරවයක් පිණිස නාට්‍ය රඟ දක්වන හැටි.

මහත් ආශ්චර්යයකි, බලන්න ඉහත චීන්නුන් රාවනා රජතුමා ලෙස හඳුනාගත් රූපය පහතින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ අළු අතරින් නැගී සිටින හැටි. මෙමගින් කියන්නේ ඉදිරියේදී චීනය ලෝකයේ වෙළඳාමේ අධිපතිත්වය උසුළන බවයි, ඒ මෙතෙක් කාලයක් චීන්නුන් ශ්‍රී රාවනට දැක්වූ ගෞරවයට උපහාරයක් වශයෙනි.
පහත වීඩියෝවේ තවත් රාවන අවතාරයන් ඔබට දැකීමට හැකි වේවි. නමුත් හෙළ අසුරයින්ව අවතක්සේරු කළ ඇමරිකානුවන් ඊට රෙවලුශන් කොටස ඈඳා ගනිමින් විශාල කෙප්පයක් ගොතා ඇත.

මුල්ලේරියාවෙන් මෑතකදී හමුවූ ඉහත දැක්වෙන සෙල් ලිපියේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් දැක්වුන වගන්තියේ හෙළ නිරුක්තිය මෙසේය.
"රාඅධි විශ්‍ය විසෙක්වැ ශක් ආ ඇරිකා මාහෝ වින්ෂ්‍ය කකමැ ශ ශ ප"
එනම්,
"රාවන අධිරාජ්‍යයා විසින් විසි එක් වන සියවස ආරම්භයේදීම ඇමරිකාවට මහා විනාශයක් කරනනව කරනවාමයි"
මේවා ඇස් පනාපිටම දකිද්දී මවිල් කෙලින් වෙන්නේ නැද්ද?

රාවණවේදයේ මේ ගැන විස්තරාත්මකව තිබුන අතර බමුනන් විසින් රාවණවේදය ගිණි තැබීම නිසා ඒවා අපට සොයා ගැනීමට නොහැකි වී ඇත. නමුත් ඒ අනුව මෙයට රාවන රජතුම සම්බන්ධ බව ඒකාන්තයි.

වර්ගපූර්ණිකාව නැමති ඉපැරණි පුස්කොලපොතේ අනු ග්‍රන්ථයක් වන සුබෝධිපුරාණයේ තුන් වන පරිච්ඡේදය මෙලෙස දැක්වෙයි.
"රාවන ලංකේෂ්වර නරප්‍රත්‍ය මෙයැ ගොස් ඇමරිකා තෙද අග්නි ගංගා ගලා විමානක වශ්‍ය පා ධූලිපා වනුපා මෑ ඊ කවශලනට වශයෙනැ ගොසැ බැසැ මසැ යකුසැකපැනැ"
එහි අදහස වන්නේත් රාවන රජතුමා ඇමරිකාවේ මහා විනාශයක් කරන බවයි. නමුත් වර්ගපූර්ණිකාවත් බමුණන් විසින් ගිණි තබා ඇති නිසා අපට ඒවායේ පිටපත් දැක්වීමට නොහැකියි.

රාවන රජතුමා විසින් එවැනි ප්‍රහාරයක් එල්ල නොකරන බවට කිසිදු සෙල් ලිපියක දැක්වෙන්නේ නැත. ඒ අනුව කිසිවෙකුට මාගේ තර්කයන් බොරුවක් බව කීමට නොහැකියි. එසේ යමෙක් කියනවනම් ඔහු ගාව ඇති සෙල් ලිපිත් ‍රැගෙන පැමිණෙන්න. ඕනැම වාදයකට හෙළගවේශකයින් සූදානම්.

No comments:

Post a Comment

fb comments

Comment with Facebook