details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, October 5, 2014

රාජසේකර වලව්ව සහ හරමානිස් !


රාජසේකර වලව්ව ප්‍රෞඩ අතීතයකට හිමි කම් කියන ධන ධාන්‍යයෙන් පරිපුර්ණ , වංශවත් ධනවත් රාජසේකර පරම්පරාවේ ජන්ම භුමියයි .රාජසේකර පවුලේ නූතන පරම්පරාවේ ප්‍රධානියා වන පර්සි රාජසේකර හාමු තුමන් මහත් ශ්‍රියෙන් රාජසේකර වලව්වේ කාලය ගෙවයි . ධනයෙන් මෙන්ම බලයෙන්ද අගතැන්පත් රාජසේකර පවුලේ ඇත්තන්ගෙන් අහිංසක ගම් වාසීන්ට සිදුවු නොපතන්තකම් අන්නත වුවත් ,ඒ ගැන කටක් සෙලවීමට තරම් තරම් නිර්භය එකෙකු සිටියේ අතලොස්සක් පමණි . පරපුරේ ඇවැමෙන් පර්සි රාජසේකර හාමු තුමන්ද පරපුරේ බලපුලුවම් කාර කම් එලෙසින්ම කර ගෙන යන්නට වුවත් , අහල පහල ගමක එකෙකු විනා කිසිවෙක් ඒ ගැන හඩක් නැගුවේ නැතැයි කීවොත් ඒය වඩා නිවැරදි වේ
රාජසේකර වලව්වේ මුරකරුවා හරමානිස් කුඩා කල සිටම වලව්වේ හැදී වැඩුණු , සිය දිවි පරදුවට තබ වලව්වත් වලව් වැසියනුත් ආරක්ෂා කිරීමට නොපසුබට වූ අවංක සේවකයෙකි . ඔහු වලව්වේ හතර මායිම ආරක්ෂා කිරීමෙන් ඔබ්බට ගොස් , වලව්වෙ හාමුගේ නොපනත්කම් සාධාරණීකරණයට පවා පෙලඹුනේ තමන් ඒ ආරක්ෂා කරන්නේ හාමුගේ පැටිකිරිය නොව , තමා හැදුනු වැඩුණු වලව්ව බව පවසමිනි
සිය පාසල් කල මිතුරන් වෙනුවෙන් මහා විශාල සාදයක් රාජසේකර වලව්වේ පිලියෙල වන්නේ මේ අතරයි . හැමදාමත් වලව්වේ වැඩ කටයුතු වලදි පෙරමුණ ගත් හරමානිස් දිවා රැ නොබලා වෙහෙස වන්නේ සාදය උත්කර්ශවත් ලෙසින් පැවැත් වීමටයි
දෙස් විදෙස් රහ මෙර යහමින් තිබු සාදයේ උණුසුම අතර තුර හරමානිස් ද වීදුරුවක් කටට හලාගන්නේ හාමුලාට නොපෙනන ලෙසිනි . රැය පහන්වෙත්දී , මධුවිතින් පදමට සප්පායම් වූ පර්සි හාමුගේ මිතුරෙක් හරමානිස් සමඟ දබරයකි ඇති කරගන්නේ , වෙරි මතින් වැසිකිලිය හොයා ගැනීමට නොහැකිව ඇති කල කලබැගැනියක් හේතුකරගෙනයි . මදක් සප්පායම් වී සිටි හරමානිස් දබරයට ගියත් , තමාට බිම දාගෙන ගැසු හාමුගේ මිතුරාට එරෙහිව අතක් වත් නොඋස්සන්නේ වලව්ව කෙරේ ඇති භය පක්ෂ පාතීත්වය නිසාය . මුලු සිදුවීමම දුටුවත් , ඒ දෙස නැසු කන්ව සිටි පර්සි හාමු කිසිත් නොකර සිය මිතුරාගේ පැත්ත ගත්තේ ජීවිත කාලයක් , වලව්වටත් තමාටත් අවංකව සේවය කල හරමානිස් අමතක කර දමමිනි .
කල කිරුණු හරමානිස් සිය රෙදි පොට්ටනියද රැගෙන වලව්වෙන් එලිය්ට බැස්සේය . කෙමෙන් කෙම්න් වලව්වේ ගේට්ටුව වෙත පියමන් කරමින් ආපසු හැරි බලන්නේ , දැන්වත් හාමු තමන්ට නවතින්නට කියාවි දො යන අහිංසක බලා පොරොත්තුවද සමඟිනි !
සැ.යු . නම් ගම් පමණක් මන: කල්පිත වේ

2 comments:

  1. මාතලන්ගෙ ලිපියෙ කමෙන්ට් එකක් හරහා මේ පැත්තට ආවේ. හරිම ආකර්ෂණීය ලිපි කිහිපයක් තියෙනවා වගෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝෂ් යාළුවා....

      Delete

fb comments

Comment with Facebook