මාගේ හද දොරගුලු වසා සිටිමි
ආදරය මා කෙරෙන් ඉවත ඇති නිසාවෙන්,
විශ්මයන්ගේ වත් නොමැති
එතුල පුරවගාත් සැගවුන අධිරාජ්‍යයේ..
වික්‍රමාන්විත සිතුවිලිවලින් ගහනවූ, වන පෙදෙසේ
මාගේ සිහිනයන් විජයග්‍රහනය කල හිමිදිරියේ බිම් පෙදෙසේ
සුරගනන් ගෙනා උරුමය සමගින්
මිහිදන් කර ඇත අපගේ මංගල හිරු කිරණ
...පටු පෙදෙසක පැතිරුණ මාගේ නගරයේ
සියලුම කුඩා වීදීන් සීතලින් මිදුනා වූ
ඇගේ වත නොපැමිනීම නිසා
තුෂ්නිම්භූත ව රන්වන් සුලන් රැල් අතුරුදන් වූවා වූ
දිගු දිවා කාලයේ පවතින මා නිවහන
මා නෙත වැකෙනා විට දිදුලයි දිස්නය දෙමින්
හිස් වූ ගේට්ටුව හරහා, මලින් පිරී ගිය මාවතේ
සදාකාලික වසන්තයේ සුගන්ධයද රැගෙන
මා තනිව වෙසුනු දිගු දිනයන්
මා වෙතින් පලාගිය වස්සානනේ මිහිරි උන්මාදය
තැන තැන විසිරී, එකිනෙක මතින් වැටී....
මියුරු සිනා හඩ නගමින් මා දෙතොල් සිපගත්
මා කෙරෙන් හැරගිය දිවියේ
බලා හිදිමි පිවිසුම හමුවනා තුරු...
මාගේ හද දොරගුලු වසා සිටිමි
ආදරය මා කෙරෙන් ඉවත ඇති නිසාවෙන්..
හද දොරගුළු විවර කිරීමට කාලයයි වසන්තය...
ReplyDeleteවසන්තයට ඔබේ පැතුමන්ද ඉටුකිරීමට වරම් ලැබෙවා!!
Delete