details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Wednesday, April 15, 2015

මතකයන් ඔබේ

      



    හැන්දෑවෙ ඉර තද රතු පාටට දිලිසෙන වලාකුලු පේලියක්ම අහසෙ ඉතුරු කරල වෙනද වගේ බැහල යන්නෙ කාටත්ම නොකිය.පුරුද්දට වගේ පාලමේ ඇන්දට ඇලවෙල අරමුනක් නැතුව ඔහේ ඈත බලාගෙන හිටපු මගේ ඇස් දෙක, පාරෙ ඈතකින් කොයි වෙලාවක හරි ඔය ඇස් දෙක මතුවෙයි කියල සෑහෙන වෙලාවක් පෙරුම් පුරන්න ඇති...ඒ කොච්චර වෙලාවක්ද කියලා හරියටම මතක නැතත්, හුගක් තදට පායලා තියෙන ඉර සමහර වෙලාවට බැහැල යනකම්ම මම තනියම පාලම උඩට වෙලා ඈත අනන්තයත් පොලවත්වෙන්වෙලා තියෙන රේඛාව ගාවින් එකතුකරන්න වගේ ඈතටම ගිහිල්ලා ඔයාවම බලාගෙන හිටිය...
          
           අද ඉරිද,ඔයා පන්ති ගිහිල්ල මේ වෙලාවට මෙතනින් එන හින්ද පැය ගානක් මම මෙතන..එච්චරම කලින් ඇවිල්ල වැඩක් නැතිවුනත්, අපේ ආදරේ, අපේ ආදරේ පරන මතකත් එක්ක හුගක්ම ලන්වෙලා මතක් කර කරා ඉන්න පුලුවන් හින්දයි මන් මෙතනට ඇවිල්ලා කාටවත්ම ලන්වෙන්න බැරි, අපේ දේවල් නිදසේ හිතන්න පුලුවන් ලෝකෙක තනිවෙන්නෙ...හ්ම්ම්....අපේ ජීවිත ලන්වෙලා හුගක් ආදරෙන් ගෙවපු ඒ අතීතෙ අපෙන් ඈත්කරත් ටික වෙලාවක් හරි ඈතින් ඉදන් හරි ඔයා දිහා බලාගෙන ඉන්න මගේ ඇස් දෙක තාමත් පෙරුම්පුරනව....ටිකෙන් ටික ඉවරවේගෙන ආපු ගෝල් ලීප් එකට මගෙ අත යාන්තමට පිච්චෙන්නත් ඇති.ඒත් මගෙ හිත නතරවෙලා තිබුනේ ඈත ලෝකෙක..කලිසමේ සාක්කුවට අතදාල තව එකක් පත්තුකරගන්න ගියත් ,එක පාරටම මම නතරවුනේ ඇයි කියල මන්වත් දන්නෑ.දැන්වත් මන් වගකීමක් ඇතුව ජීවිතේ ගැන, ආදරේ ගැන හිතන්න පටන්ගෙන ඇති සමහර විට, මම දන්නව මේ දේවල් හින්ද තමයි හැමදේම වුනේ..ඔයාලගෙ ගෙදර අයට මාව පෙනුනේ බේබද්දෙක් වගේ.හ්ම්ම්...ඒකෙත් වැරද්දක් නෑනෙ, මොන අම්මද තාත්තද කැමති වෙන්නෙ තමන්ගෙ එකම දුව හැමදේටම වඩා බෝතලේකුයි වීදුරුවකුයි එක්ක ගෙවන, ඊයන් කොලයක් නහයට ලන්කරල එන රත්වුන දුම නැතුව මොහොතක්වත් ඉන්න බැරි මනුස්සයෙක් එක්ක ඉදලා විනාසවෙනට...මොනව වුනත් කවුරුත්ම දන්නැතුව ඇති මේ මුලු ලෝකෙම මන් වැඩියෙන්ම ආදරේ ඔයාට කියල....එදා ඔයාලගෙ දිහා ආපු වෙලාවෙ තවත් අපිට එකට ඉන්නවත්,කතාකරන්නවත් අයෙ බෑ කියලා, අම්මලා කීවත් එයාලට තව පොඩ්ඩක් හිතන්න තිබුන.තව පොඩ්ඩක් ඉවසන්න තිබුනා...මමත් දැන් පුලුවන් තරන් මේ හැම දේකින්ම ඈත්වෙන්න හදනව.සිගරට් බොන එක පුරුද්දට වගේම වෙන්නේ,සමහර විට හිතේ තියෙන පාලුවටයි කාන්සියටයි ..අනිත් ඒව නන් හුගක්ම වගේ නතරවෙලා.වෙලාවකට මට හිතෙනව සාක්කුවට අතදාල සිගරට් පෙට්ටිය පොඩිකරල ඈතට විසිකරල දාන්න.....පහුගිය දවසක ඔයාගෙ යාලුවෙක් මට කීව, ඔයාලගෙ ගෙදරින් ඔයාව බදින්න කෙනෙක් බලල කියල.අද ඔයාව බලන්නත් එනවලු..මම දන්නව ඔයාගෙ කැමත්තක් නැතුව ඇති.ඒත් ගෙදරින් ඔයාට මොනවා කියනව ඇද්ද.. . .


                   මට තාමත් මතකයි, ඔයාව හම්බුන පලවෙනි දවස..මේ පාලම ලග.අපි දෙන්නම පන්ති ඇරිල එන ගමන් හිටියේ.මම ඉස්කෝලෙන් අයින් වෙන්න කිට්ටුව..ඔයා ඇදල හිටියෙ ලා රෝස පාට ගවුමක්.එදත් හැමදාම වගේ ලස්සන හිනාවක් ඔයාගෙ මූනේ තිබුනා..ජීවිත කාලෙටම මට ඒ හිනාව මතක තියෙයි. මොන දේ අමතක කලත් අපිට අපේ ජීවිතේ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ,කවදාවත්ම....ඔයාට මාව අමතක කරන්න බැරිවේවි කවදාවත්ම..මගේ ජීවිතෙත් ආදර පොතේ පලවෙනි පිටුව පෙරලපු ඔයා, මගේ මුලු ජීවිතේම ඒ ආදරේ කරල හැමදාටම මගේ ජීවිතේ දැන් නතර වෙලා ඉවරයි..පේන පේන හම තැනකම මැවිල පේන්නෙ ඔයාවයි.දැනෙන්නෙ ඔයාගෙ සුවදයි.... . .

               ඉරත් හොදටම බැහැල ගිහිල්ල..වටේම කරුවල හෙවනැලි වලින් පිරිල.ඔයා එන බලාපොරොත්තුවෙන් බලන් එන එක විතරයි කරුවලින් පිරිච්ච මගේ ජීවිතේට ඉතුරුවෙලා තියෙන එකම බලාපොරොත්තුව.හ්ම්ම්..ගගේ වතුර පාරත් හරියට ජීවිතේ වගේ.කොච්චර කරදර ආවත් එව අතරින් පල්ලෙහට හෙමින් සැරේ ගලාගෙන යනව.ඒකෙත් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.ඔයාටවත් මාව තේරුන්ගන්න පුලුවන්නන්..තාමත් පරක්කු නෑ... 






මතකයන් ඔබේ සිතේ තබාගෙන 
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා 
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා 
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට 
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට 
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට... 

සරසවන්න ජීවිතය මට හෑමදාට 
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම..
ජීවිතයම වරදලා ගියමුත් පවට 
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...








Play Song                                                    මෙතනින් බාගන්න....                                                                   

10 comments:

  1. උඹට හොඳට ලියන්න පුලුවන්! සඳුමලුත් ජනප්‍රිය වුනේ මේ වගේ ගීතවලට පසුබිම් කතා ලියලා. ජයවේවා!
    මේ සින්ඩි වලට දාන්න බලාපං..
    මාතලංගෙ සින්ඩිය, තිඹිරිගෙය, අජිත්කුමාර බ්ලොග් දර්ශකය

    ReplyDelete
    Replies
    1. ආආ.. මනොශ් නේද....හ්ම්ම් ...දාමුකෝ, මට හම්බුනා සුලන් දිශා දර්ශකේ කියලා එහෙකුත් ඒකෙත් දානවා..සුබ අලුත් අවුරුද්දක් මදාවි...

      Delete
    2. ආආ.. මනොශ් නේද....හ්ම්ම් ...දාමුකෝ, මට හම්බුනා සුලන් දිශා දර්ශකේ කියලා එහෙකුත් ඒකෙත් දානවා..සුබ අලුත් අවුරුද්දක් මදාවි...

      Delete
  2. ඔහොම එකක් ගැන නම් හිතලා නැ කවදාවත්....

    ReplyDelete
    Replies
    1. විදපු අයත් ඕනෑ තරන් ඉන්නවා මචෝ...සුබ අලුත් අවුරුද්දක්!!

      Delete
  3. Replies
    1. තැන්කූ ලොක්කා...සුබ නව වසරක්!!

      Delete
  4. මාධව පොඩ්ඩක් බලන්න.. අලුත් ම පෝස්ට් ඒකට යන්න බැහැ

    ReplyDelete
  5. පබ්ලිස් වෙලා තිබුන්නෑනෙ..දැන් හරි එල...

    ReplyDelete
  6. හැම ජීවිතයක්ම ගලන දොලපාරක් වගේ තමයි. මතුපිටින් ලස්සනට තිබ්බට ගැබුරින් හිතාගන්නවත් බැරි තරම් වේදනා විදිනව ගලාගෙන යන්න.
    එ උනාට ඉවසීම් සීමා පැන්නොත්
    සුනාමියක් වෙන්න වැඩිවෙලාවක් යන්නෙත් නෑ ඈ :-)

    ReplyDelete

fb comments

Comment with Facebook