details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404
Showing posts with label softwares. Show all posts
Showing posts with label softwares. Show all posts

Saturday, March 26, 2016

සියල්ල සහිත දුරකථනයක්: Xiaomi Mi4




                                              ~බීසක වික්‍රමගේ~

Xiaomi Mobile චීන ඉලෙක්ට්‍රොනික දැවැන්තයා දැන් තරගකාරී පෙනුමක් සහ විශිෂ්ට විශේෂාංග සමග වෙළඳපොළ නිම්වළලු  පුළුල් කරමින් සිටිනවා. අවුරුදුපතා ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව ශීඝ්‍රෙයන් ඉහළ යන අතර එහි ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටිනවා. මෑතකදී, ඔවුන් Xiaomi Mi4 හඳුන්වා දුන්නා. සිත්ගන්නාසුළු පෙනුමකින්යුත් ඉහළම විශේෂාංගයන්ගෙන්යුත් මේ අගනා දුරකථනයට ලොව වැඩි පිරිසකගේ අවධනාය දැන් යොමුවී තිබෙනවා. ඊට ඇති ඉහළ ඉල්ලුම නිසාම බොහෝ වෙළඳසැල් ඉහළ තොග ප්‍රමාණ රඳවා ගෙන ඇති බව වාර්තා වෙනවා. එසේ ම මෙය මාර්ගගත වෙළඳසැල් වන Amazon, EBay, Kaymu සහ Dialcom කරට කර සිටිමින් මේ Xiaomi දුරකථනය අලෙවි කරනවා.
ඔබට Xiaomi Mi4 ගුණදොස් විචාරයක් cnet.com හරහා බැලිය හැකියි. මෙම දුරකථනය ඊට පෙර පැමිණි Xiaomi Mi3 දුරකථනය සමඟ සංසන්දනය කිරීමෙන් මෙය පූර්ණව වෙනස්, නවතම පෙනුමකින් හා ජවයකින් යුතු බව කියන්නට පුළුවන්. මෑතදී සැම්සුන්ග් සහ ඇපල් සමාගම් හඳුන්වාදුන් පෙනුම අභිබවා යන ඊටම ආවේණික පෙනුමක් මෙම දුරකථනයේ තිබෙනවා. දුරකථනයේ ඉහළ සමාගම් නාමය ඇති අතර ඒ දෙපස සංවේදක සහ ඉදිරිපස කැමරාව තිබෙනවා. පාලක බොත්තම්වල පසුබිම් ආලෝකනයක් ඇති අතර පැති ලෝහමය බවකින් ඇසට ප්‍රිය නිමාවක් ලබා දෙනවා. මෙහි පසුපස කවරය ඉවත් කළ නොහැකි අතර එක් පසෙක මතකපත් දැමීමට කවුළුවක් තිබෙන නිසා ඔබට අවශ්‍ය නම් ධාරිතාවය උත්ශ්‍රේණි ගත කරගන්නට පුළුවන්. මෙහි තිරය අඟල් 5ක Full HD (පික්සල 1920x1080) එකක්.


මෙම Xiaomi Mi4 දුරකථනයේ සවිබලය බැලුවොත්, එහි Qualcomm's Snapdragon 801 processorයක් වේගය 2.5GHz සහිතව ද 3 GB RAM ධාරිතාවක් සහ මතකය 16 හෝ 64 GB ප්‍රමාණවලින් ලබාගත හැකියි. මෙහි අධෝරක්ත, වයිෆයි සහ බ්ලූටූත් මෙන්ම 4G පහසුකමින් ද ජවසම්පන්නයි. කැමරා සඳහා Xiaomi විශේෂාංග ලෙස පසුපස 13 Megapixel ද ඉදිරිපස 8 Megapixel සහිතව ඉහළ ගුණාත්මක බවින් යුත් ඡායාරූප සහ සෙල්ෆි සඳහා ද පහසුකම් සපයනවා. මෙහි මෙහෙයුම් පද්ධතිය Android 4.4.2 (කිට් කැට්) වෙනවා.
මෙහි ඇති පොඩි උපක්‍රමයක් දන්නවාද? ඔබ අගුළු තිරය මත දෙවරක් තට්ටු කළාම අගුළු හරින්නේ නැතිවම ඔබට පහසුවෙන් ගීත ධාවනය කරන්නට පුළුවන්. එසේම සාක්කුවේ තිබියදී ඔබ නොදැනුවත්ව දුරකථන ඇමතුම් ඇතිවීම වැනි අත්වැරදීම් වළක්වන්නට මේ සතුව නැණවත් හැකියාවක් පවතිනවා. ජංගම දත්ත වේගය බලාගන්නත්, ටෝච් හැකියාවත් මෙහි වැඩිදුර මෘදුකාංගමය විශේෂාංග ලෙස තිබෙනවා.
මේ Xiaomi Mi4 නිකුතු දිනය 2014 අගෝස්තු මාසයේදීවූ අතර Xiaomi Mi4 මිළ රුපියල් 34,900 පමණ වෙනවා. ඉතින් අතේ ඇති ගානට හොඳ විශේෂාංග ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ දුරකථනය ඔබට හොඳින්ම ගැලපෙනු නොඅනුමානයි.
Read more...

Tuesday, May 5, 2015

වැදගත් වින්ඩෝ'ස් කමාන්ඩ් කීපයක්


කවුරුත් දන්නව නේ Run dialog box එක.

Run dialog box ගන්ඩ පුලුවං “Win + R” ටයිප් කරල
නැත්තං “Win + X” ටයිප් කළාම එනව මෙනු එකක්. ඒකෙ හැමදෙයක්ම තියෙනව

මෙන්න වැදගත් කමාන්ඩ්ස් කීපයක්

1. “\” මේකෙන් සී ඩ්‍රයිව් එකට යන්ඩ පුලුවං 

2. “.” ඔයාලගෙපෞද්ගලික යූසර් ෆෝල්ඩරේට යනව

3. “..” ඉන්න ඔක්කොම යූසර්ලගෙ ෆෝල්ඩරේට යනව..

4. mrt මේක ගොඩක් වැදගත් කමාන්ඩ් එකක්. ටයිප් කරල රන් කරල බලන්ඩ. පොඩි මැල්වෙයා ස්කෑන් එකක්.. හැබැයි වින්ඩෝස් අප්ඩේට් සක්‍රීය කරල තියෙනවනං තමා ප්‍රතිඵලයක් ලැබෙන්නෙ. වින්ඩෝස් අප්ඩේට් චෙක් කරද්දි දැකල තියෙනව නේ, Malicious Software Removal Tool කියල. මේක තමා මේ සකෑන් එකට උදව් වෙන්නෙ.. හරියට වයිරස් ගාඩ් එකක ඩෙෆිනිෂන්ස් අප්ඩේට් වෙනව වගේ...

5. regedit මේකනං ගොඩක් අය දන්නව. වින්ඩෝස් රෙජිස්ට්‍රියට කෙළින්ම යන්ඩ පුලුවං

6. msconfig මේකත් ගොඩක් වැදගත් වෙන කමාන්ඩ් එකක්.. ට්‍රයි කරලම බලන්ඩ.

7. msinfo32 ගොඩක්ම වැදගත් කමාන්ඩ් එකක්. සමහරක් අයගෙන කම්පියුටරේ ගැන විස්තර ඇහුවම උඩ බිම බලනව.. මෙතනට ගියාම ඔයාලගෙ කම්පියුටරේ ගැන සියලුම විස්තර බලාගන්ඩ පුලුවං..

8. DxDiag ට්‍රයි කරලම බලන්ඩ 

9. wuapp කන්ට්‍රෝල් පැනල් එකේ වින්ඩෝස් අප්ඩේට් 

10. sysdm.cpl – System Properties window එකට යන්ඩ පුලුවං

වැඩිය දන්නෙ නැති, ගොඩක් වැදගත් වෙන රන් කමාන්ඩ්ස් කීපයක් තමා මම ඔය දැම්මෙ..
Read more...

Thursday, April 9, 2015

- ඔක්කොම ලොක් එකකින් කඩමු - -







පහළ තීන මෘදුකාංග ඇක්ටිව් කිරීම සඳහා
මේ මෙවලම භාවිතා කරන්න පුලුවන් 

තාමත් ඇක්ටිව් කරගෙන නැති මේ ගැන නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතනවා 



Windows XP
Home Edition SP3
Professional SP3
Media Center Edition 2005 SP3

Windows Vista
Enterprise
EnterpriseN
Business
BusinessN
Starter
Home Basic
Home BasicN
Home Premium
Ultimate

Windows 7
Enterprise
EnterpriseN
EnterpriseE
Starter
Home Basic
Home Premium
Professional
ProfessionalN
Ultimate

Windows 8
Enterprise
EnterpriseN
Core
CoreN
CoreARM
CoreCountrySpecIFic
CoreSingleLanguage
Professional
ProfessionalWMC
ProfessionalN

Windows 8.1 Preview
Enterprise
EnterpriseN
Core
CoreN
CoreARM
CoreCountrySpecIFic
CoreSingleLanguage
Professional
ProfessionalWMC
ProfessionalN

Windows 8.1 RTM
Enterprise
EnterpriseN
Professional
ProfessionalN
ProfessionalWMC
Core
CoreConnected
CoreConnectedN
CoreConnectedSingleLanguage
CoreConnectedCountrySpecific
ProfessionalStudent
ProfessionalStudentN
CoreARM
CoreN
CoreSingleLanguage
CoreCountrySpecific
EmbeddedIndustryA
EmbeddedIndustryE
EmbeddedIndustry

Windows 10 TP
Enterprise
Professional
Server

Windows Server 2008
ServerDatacenter
ServerDatacenterV
ServerEnterprise
ServerEnterpriseV
ServerEnterpriseIA64
ServerStandard
ServerStandardV
ServerComputeCluster
ServerWeb

Windows Server 2008 R2
ServerDatacenter
ServerEnterprise
ServerEnterpriseIA64
ServerStandard
ServerEmbeddedSolution
ServerHPC
ServerWeb

Windows Server 2012
ServerDatacenter
ServerStandard
ServerMultiPointPremium
ServerMultiPointStandard

Windows Server 2012 R2
ServerStandardCore
ServerStandard
ServerDatacenterCore
ServerDatacenter
SolutionCore
Solution
ServerCloudStorageCore
* ServerCloudStorage
Loader also enables:
Office 2010
Access
Excel
Groove
InfoPath
OneNote
Outlook
PowerPoint
ProjectPro
ProjectStd
ProPlus
Publisher
Standard
VisioPrem
VisioPro
VisioStd
Word

Office 2013
Access
Excel
InfoPath
Lync
OneNote
Outlook
PowerPoint
ProjectPro
ProjectStd
ProPlus
Publisher
Standard
VisioPro
VisioStd
Word

Office 2015 Beta
Access
Excel
Groove
InfoPath
Lync
Mondo
OneNote
Outlook
PowerPoint
ProjectPro
ProjectStd
ProPlus
Publisher
Standard
VisioPro
VisioStd
Word



උඩුඩින් තියන ඕනම එකක් මේකේන්
ඇක්ටිව් කරන්න පුලුවන් ඒ කොහොමද කියලා පහළින් පැහැදිලි කරන්නම් 






.NET 4.0 or Windows 7/8/2012.

ඔන්න ඔය සොෆ්ට්වෙයා කෑල්ල තිබ්බාම හොඳටම ඇති 









මේ විදියට තමා තීන්නේ ඔන්න 

දැන් ආව නම් ඇන්න ....... 

 
ආ ආ....අද බයි අප්පොච්චිගෙ තුන් මාස දානෙ නේ...ඵ් පැත්තෙ යන්නත් ඕන....

Read more...

Wednesday, April 8, 2015

ඔෆිස් එකේ Internet බ්ලොක්ද ? මෙන්න නියම විසදුම

හ්ම් මහානායක හාමුදුරුවොත් අපවත් වුනානේ...සිංගප්පූරුවෙ ඉදන් තාම ගේනවලු
බුකියෙන් උපුටාගැනීමකි..

හා..මේක
පොඩි software කෑල්ලක්   
install කරලා එන window එකේ connect button එක ඔබන්න විතරයි තියෙන්නේ.
Facebook, Youtube, මාධවගේ blog අවකාශයවෙබ්සයිට් වල ඇති වෙනකන් surf කරන්න පුළුවන් ඊට පස්සෙ.
    
පුදුමෙ කියන්නේ මේක දෙන්නෙ සම්පූර්ණයෙන්ම නොමිලේ.
8mb වෙන්නෙ setup file එකත්.
Official Website එකෙන්ම බාගන්න ඵකයි...
මෙන්න link එක

https://www.betternet.co/




PS -
Android / iOS වලටත් තියනවා මේකෙ App එකක්.
ඇතිවෙනකන් බාමු...  
Phone එකේ software update කරගන්න !!!   
එහෙනම් මම ගියා !!!



Read more...

Tuesday, October 7, 2014

ඔන්න වෙනද වගේම තවත් සුපිරි Software කෑල්ලක් තමයි අරන් ආවේ.. මේ Software එකෙන් පුලුවන් ඔයාගෙ Desktop එක Lock කරල තියන්න.. එතකොට ඉතින් Password එක ගහන්නෙ නැතුව කාටවත් ඔයාගෙ Desktop එකේ වැඩ කරන්න බෑ..


අපි මෙහෙම හිතමුකෝ.. ඔයා ලොකු වැඩක් පරිගණකයේ වැඩක් කර කර ඉන්නකොට හඩිස්සියේ පොඩි වැඩකට යන්න වෙනාවා.. එතකොට ඉතින් කර කර හිතිය වැඩේ මග නවතිනවා.. ඔයා Film එකක් Download කරන ගමන් කියමු.. කවුරු හරි ඇවිත් නොදැන ඒක Cancel කලොත් කොහොමද ?

ඔන්න ඔය වෙලාවට තමන්ගෙ වැඩේ වගේම Desktop එකත් Lock කරල තියන්න පුලුවන් මේකෙන්.. ඔන්න එහෙනම් පහළ Link එකෙන් ගිහින් බා ගන්න... 1 MB තමයි තියෙන්නෙ.. Install කරන්න දෙයක් නෑ.. ඔයාලගෙ C ඩ්‍රිවෙ එකට Copy කරල Desktop එකට Shortcut එකක් දා ගන්න.. එච්චරයි....











Read more...

අද මම කියන්න යන්නේ නියම media player එකක් ගැන. මේකේ නම Open Subtitles Player. අපිට අවශ්‍ය කරන movie එක play කරන ගමන් menu එකෙන් කියන්න පුළුවනි Subtitles එකත් download කරලා පෙන්නන්න කියල. ඉතින් වෙනම subtitles බාගෙන open කරන්න ඕනි නැහැ.

පහතින් පෙන්නා ඇති පරිදි තේරුවා නම්, ඔක්කොම හරි.

එහෙනම් මෙතනින් බාගන්න

ඉතින් ඔබට මෙය ප්‍රයෝජනවත් වේවි කියා විශ්වාස කරනවා. යම් ප්‍රශ්නයක් ඇතොත් මේ ගැන අහන්න, මම ඕනෑම වෙලාවක පිළිතුරු දෙන්න සුදානම්. ඉතින් තවත් අලුත් post එකකින් හමුවෙමු.

Read more...

පින්තූර මුර පද යෙදීම...

මුර පද නැත්නම් password කියන්නේ පරිගණක භාවිතයේදී ඉතා සංවේදීම මාතෘකාවක්. මෙම මුරපද ආරක්‍ෂනය වෙනුවෙන් දැන් දැන් යෙදෙන උපක්‍රම අනුව කොයිමොහොතේ මුරපද අනතුරකට ලක්වෙනවාද කියන එක ගැන තිබෙන සැකය අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් සාම්ප්‍රධායිකව යෙදෙන අකුරු හෝ ඉලක්කම් හෝ යතුරු පුවරුවේ අනෙකුත් සංකේතයන් වෙනුවට කැමති පින්තූරයක අපවිසින් සලකුණු කරන සරළ රේඛාවෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි ආකාරයක් Windows 8 වලදී හදුන්වාදී තිබෙනවා.
මේ සදහා Windows 8 Charms bar හිදී More PC Settings  තෝරන්න,

දැන් Users හිදී Picture password තෝරන්න,
ඉක්බිති වර්ථමානයේ ඔබ භාවිතා කරන මුරපදය
යෙදිය යුතු අතර ඉන්පසු කැමති පින්තූරයක් තේරීමේ අවස්ථාව සලසා දෙන අතර තෝරාගන්නා පින්තූරයේ mouse එක හෝ Touch screen පහසුකම් තිබේනම් Finger Taps මගින් සරළ රේඛා,වෘත්ත හෝ කිසියම් ස්ථානයක් සලකුණු කිරීමෙන් මුරපදයක් සැකසිය හැකි අතර අවස්ථා සම්බන්ධයන් තුනක් මෙහිදී ලබා දෙයි. සැලකිය යුතු වන්නේ එකම ආකාරයකට නොවන වෙනස් සම්බන්ධතාවයන් තුනක් සලකුනු කිරීමයි.

ඊලඟ වතාවේදී පරිගණකයට පිවිසීමේදී Picture password ලෙස තේරීමෙන් ඔබට ඒ ආකාරයට පරිගණකයට පිවිසීමේ අවස්ථාව උදා කර ගත හැකිය.


Read more...

Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...

මේ කියන්න යන කාරණය මම නම් කිහිපවිටකදීම සිදුකර දෙන්න වුන දෙයක් ගැනයි. ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා  නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

වෛරස් වලින් මෙම  files, hidden තත්ත්වයට පත්කරනවාට අමතරව ඒවා System files බවටත් පත් කරන නිසා  hidden තත්ත්වය පමණක් ඉවත් කළාට මේ කාර්යය සම්පූරණ වෙන්නේ නැහැ. ඒ නිසා System files බවෙන් ඉවත් කරනවාට අමතරව read only කියන attribute එකත් ඉවත් කිරීම අවශ්‍ය වෙනවා.

මේ සදහා ආකාර දෙකකට මේ විධානයන් දෙන සැටි කියන්නම්. පළමු ක්‍රමය තමයි Command Prompt කවුළුව Run as administrator ලෙස විවෘත කර ගන්න.

දැන් ඔබ මේ විධානය දෙන්න.

                           attrib -s -h -r q:\*.* /s /d

මෙහිදි ඔබගේ USB pen එකට හිමිව තිබෙන Driver letter එක මෙහි Q ලෙස සටහන්ව ඇති ස්ථානයට Q වෙනුවට දෙන්නත් අමතක කරන්න එපා.

යම් හෙයකින් ඉදිරි අවස්ථාවකදීත් කිහිපවිටක්ම මේ විධානය භාවිතා කරන්න අවශ්‍ය වෙනවා කියන අදහස තිබෙනම් හොදම දේ තමයි එය batch file එකකට අරගෙන එය Run as administrator ලෙස ක්‍රියාත්මක කරවීම එය කරන්නේ මෙලෙසයි. මෙන්න මේ විධානයන් සමූහය Notepad file එකකට paste කර ගන්න.

@echo off
set /p drive= Please enter the target drive letter
if "%drive%"=="" (
echo Program aborted.
echo.
pause
goto :eof
)
attrib -s -h "%drive%\*.*"
echo successfully recoverd
echo.
pause

දැන් ඔබ මේ file එක save කිරීමේදී File හිදී Save as තෝරා එහිදී  Save as type හිදී all files යන්න තේරීම සිදු කළ යුතු අතර file name එක සදහා ඔබ කැමති නමක් ලබාදී එහි අගට .bat ලෙස දෙන්නටත් වග බලා ගන්න.

යම් අවස්ථාවක මෙම ගොනුව ක්‍රියාත්මක කිරීමේදී එය right click කර run as administrator ලෙස ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. එසේම මෙහිදීද ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය Drive එකෙහි letter එක දීමට අවස්ථාව ලබා දෙන අතර එහිදී drive letter එක මෙලෙස ලබා දෙන්න උදාහරණය ලෙස drive letter එක G ලෙස ලබා දීමට G: ලෙස ලබා දෙන්න. එපමණයි.....
Read more...

මේ commands ඔබට කවදා හෝ වැදගත් වේවි...


අපි අද කාලයේ භාවිතා කරන Windows සංස්කරණවලදී බොහෝමයක් කාර්යයන් Double click කර ගැනීමෙන් ඉතා පහසුවෙන් කර ගත හැකිවූවත් යම් හෙයකින් එයට බාදාවක් සිදුවුවහොත් සාමාන්‍ය Command prompt එක හරහාද එම කාර්යයන් කර ගත හැකි විධානයන් ඔබට ලබා දෙන්නම්. 

1. Accessibility Controls - access.cpl
2. Accessibility Wizard - accwiz
3. Add Hardware Wizard - hdwwiz.cpl
4. Add/Remove Programs - appwiz.cpl
5. Administrative Tools - control admintools
6. Automatic Updates - wuaucpl.cpl
7. Bluetooth Transfer Wizard - fsquirt
8. Calculator - calc
9. Certificate Manager - certmgr.msc
10. Character Map - charmap
11. Check Disk Utility - chkdsk
12. Clipboard Viewer - clipbrd
13. Command Prompt - cmd
14. Component Services - dcomcnfg
15. Computer Management - compmgmt.msc
16. Control Panel - control
17. Date and Time Properties - timedate.cpl
18. DDE Shares - ddeshare
19. Device Manager - devmgmt.msc
20. Direct X Troubleshooter - dxdiag
21. Disk Cleanup Utility - cleanmgr
22. Disk Defragment - dfrg.msc
23. Disk Management - diskmgmt.msc
24. Disk Partition Manager - diskpart
25. Display Properties - control desktop
26. Display Properties - desk.cpl
27. Dr. Watson System Troubleshooting Utility - drwtsn32
28. Driver Verifier Utility - verifier
29. Event Viewer - eventvwr.msc
30. Files and Settings Transfer Tool - migwiz
31. File Signature Verification Tool - sigverif
32. Findfast - findfast.cpl
33. Firefox - firefox
34. Folders Properties - control folders
35. Fonts - control fonts
36. Fonts Folder - fonts
37. Free Cell Card Game - freecell
38. Game Controllers - joy.cpl
39. Group Policy Editor (for xp professional) - gpedit.msc
40. Hearts Card Game - mshearts
41. Help and Support - helpctr
42. HyperTerminal - hypertrm
43. Iexpress Wizard - iexpress
44. Indexing Service - ciadv.msc
45. Internet Connection Wizard - icwconn1
46. Internet Explorer - iexplore
47. Internet Properties - inetcpl.cpl
48. Keyboard Properties - control keyboard
49. Local Security Settings - secpol.msc
50. Local Users and Groups - lusrmgr.msc
51. Logs You Out Of Windows - logoff
52. Malicious Software Removal Tool - mrt
53. Microsoft Chat - winchat
54. Microsoft Movie Maker - moviemk
55. Microsoft Paint - mspaint
56. Microsoft Syncronization Tool - mobsync
57. Minesweeper Game - winmine
58. Mouse Properties - control mouse
59. Mouse Properties - main.cpl
60. Netmeeting - conf
61. Network Connections - control netconnections
62. Network Connections - ncpa.cpl
63. Network Setup Wizard - netsetup.cpl
64. Notepad - notepad
65. Object Packager - packager
66. ODBC Data Source Administrator - odbccp32.cpl
67. On Screen Keyboard - osk
68. Outlook Express - msimn
69. Paint - pbrush
70. Password Properties - password.cpl
71. Performance Monitor - perfmon.msc
72. Performance Monitor - perfmon
73. Phone and Modem Options - telephon.cpl
74. Phone Dialer - dialer
75. Pinball Game - pinball
76. Power Configuration - powercfg.cpl
77. Printers and Faxes - control printers
78. Printers Folder - printers
79. Regional Settings - intl.cpl
80. Registry Editor - regedit
81. Registry Editor - regedit32
82. Remote Access Phonebook - rasphone
83. Remote Desktop - mstsc
84. Removable Storage - ntmsmgr.msc
85. Removable Storage Operator Requests - ntmsoprq.msc
86. Resultant Set of Policy (for xp professional) - rsop.msc
87. Scanners and Cameras - sticpl.cpl
88. Scheduled Tasks - control schedtasks
89. Security Center - wscui.cpl
90. Services - services.msc
91. Shared Folders - fsmgmt.msc
92. Shuts Down Windows - shutdown
93. Sounds and Audio - mmsys.cpl
94. Spider Solitare Card Game - spider
95. SQL Client Configuration - cliconfg
96. System Configuration Editor - sysedit
97. System Configuration Utility - msconfig
98. System Information - msinfo32
99. System Properties - sysdm.cpl
100. Task Manager - taskmgr
101. TCP Tester - tcptest
102. Telnet Client - telnet
103. User Account Management - nusrmgr.cpl
104. Utility Manager - utilman
105. Windows Address Book - wab
106. Windows Address Book Import Utility - wabmig
107. Windows Explorer - explorer.
Read more...

ඕනෑම Windows සංස්කරණයකට ප්‍රයෝජනවත් පහුසකම් කිහිපයක් ලේසියෙන්ම කර ගන්නා ආකාරය...


අද කියන්නට යන මේ ඉඟි ඔබ කවර Windows සංස්කරණයක්භාවිතා කළත් ප්‍රයෝජනවත් වේවි. මේ කාර්යයන් බොහෝමයක් කරගන්නට තිබෙන්නේ Windows මෙහෙයුම් පද්දතියේ වැදගත්ම කොටසක් වන Registry Editor හරහා වූවත් ඔබට ඒ බැරෑරුම් කටයුත්ත සිදු නොකර එක් එක් File ක්‍රියාත්මක කර ගනිමින් පමණක් ඉටුකරගන්නා ආකාරය දක්වන්නම්. මෙහිදී පොදුවේ කිව යුත්තේ මේ සෑම වෙන් වෙන් වශයෙන් දක්වන  කේතයක්ම Notepad වෙත paste කර කැමති File name එකක් භාවිතා කරමින් එහෙත් ඒ සෑම file එකක් සදහාම Extension එක ලෙස .reg ලෙස (උදහරණයක් ලෙස Copy To.reg) ලෙස save කර ගැනීම සිදු කළ යුතුයි.

ඔබ දැනටම Windows 8 සදහා හුරු වී ඇත්නම් මේ දක්වන ක්‍රම බොහෝමයක් එහි File Explorer හි Ribbon හරහාම වුවත් කර ගත හැකිවුවත් ඔබ හොදින් පුහුණුව ඇත්තේ Right click  කිරීමෙන් ලැබෙන Context Menu හරහා කර ගැනීමට නම් එම Menu ට මෙම විධාන එකතු කර ගැනීමේ අවස්ථාව මෙමගින් සැලසේවි.

ඔබ File, Copy සහ Move කර ගන්නා අවස්ථාවල අනුගමනය කරනා පියවරයන් අඩු කර ගැනීමට Context Menu ට  Copy To සහ Move To යන විධානයන් තිබුනොත් පහසුවක් වේවි. මෙයට අදාල කේතයන් ඇතුලත් කර ගත යුතුවන්නේ Registry editor ට වූවත් එයට අතනොතබා මෙම කේතයන් Notepad file එකකට paste කර කැමති File name එකකින්, එහෙත් .reg Extension එක යටතේ save කර ගෑනීමෙන් හැකිය. අවශ්‍ය නම් Copy To සහ Move To යන විධානයන් සදහා වෙන වෙනම ගොනු සැකසිය හැකි වූවත් වඩාත් පහසුව සදහා එක ගොනුවක එම විධානයන් දෙකම ඇතුලත් කර ගොනුව මෙලෙස සාදා ගත හැකිය.

මෙන්න එම කේතය :
Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Copy To]
@="{C2FBB630-2971-11d1-A18C-00C04FD75D13}"
[HKEY_CLASSES_ROOT\AllFilesystemObjects\shellex\ContextMenuHandlers\Move To]
@="{C2FBB631-2971-11d1-A18C-00C04FD75D13}"  

 ඔබ Dos මෙහෙයුම් පද්දතියට කැමැත්තෙන් සිටින්නෙක් නම් හෝ යම් Folder ක් වෙත පියවරයන් අඩුවෙන්ම පිවිසීමට අවශ්‍යතාවයක් දකවන්නේ නම් හොදම විසදුම Context Menu සදහා Open Command Prompt කොටස එක් කර ගැනීමයි. එයට මෙම කේතය භාවිතා කිරීමට පුළුවන්.

Windows Registry Editor Version 5.00
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt]
@=”Open Command Prompt”
[HKEY_LOCAL_MACHINE\Software\Classes\Folder\Shell\Command Prompt\Command]
@="Cmd.exe /k pushd %L"

එසේම ඔබට Context Menu සදහා Administrator ලෙස Command Prompt විවෘත කර ගැනීමට අවශ්‍යතාව සලසා ගැනීමට නම් මෙම කේතය භාවිතා කළ හැකිය.

Windows Registry Editor Version 5.00
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Directory\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas]
@="Open Administrator Command Prompt Here"
"NoWorkingDirectory"=""
[HKEY_CLASSES_ROOT\Drive\shell\runas\command]
@="cmd.exe /k \"pushd %L && title Command Prompt\""
Read more...

Windows 8 මෙහෙයුම් පද්දතියේ අපෙන් සැඟව පවතින දේවල් කිහිපයක් - Windows 8 වලටම ආවේණික කෙටි මං

 Windows 8 නම් ඔබලා බොහෝදෙනෙක් දැනටමත් භාවිතා කරන්න අරන් සෑහෙන්න කාලයක් ගතවීත් ඇති. ඒ වගේම මේ ලිපියෙන් පවසන දේ හෝ ඊටත් වැඩි දේවල් ඔබ මේ මෙහෙයුම් පද්දතිය භාවිතයේදී අත්හදා බලා හෝ අත්විද ඇතත් මඟහැරුන යමක් ඇත්නම් එයත් දැන ගැනීම සදහා ලියා තබන්නට අදහස් කළා.

එකක් තමයි මට හිතෙන විදියට Windows 8 වලදී mouse එකෙන් අත ඉවතට ගෙන වැඩ කරන්නම හැදූ එකක් කියන එක. Touch Screen එකක වැඩ කිරීමට මුල් තැන දී තිබුනත් වෙනදා Windows වල ප්‍රමුඛස්ථානය දුන් mouse එක භාවිතයට වඩා Shortcut Keys හරහා ඒ ඒ කාර්යකර ගැනීමට අනුබල දෙන බවක් Windows 8  සම්බන්ධයෙන් වූ ඉඟි වලදී පැවසෙන දෙයක්. මෙම සමහර Shortcut Keys, Windows 8 වලදී හදුන්වාදුන් ඒවා වන අතරම ඇතැම් ඒවා මීට පෙර අප භාවිතා කළ Windows සංස්කරණ වලදීත් භාවිතා වූ කෙටි මං බවත් සදහන් කළ යුතුයි.

Press thisTo do this
Windows logo key‌ +start typing
Search your PC
Ctrl+plus (+) or Ctrl+minus (-)
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Ctrl+scroll wheel
Zoom in or out of a large number of items, like apps pinned to the Start screen
Windows logo key‌ +C
Open the charms
Windows logo key‌ +F
Open the Search charm to search files
Windows logo key‌ +H
Open the Share charm
Windows logo key‌ +I
Open the Settings charm
Windows logo key‌ +J
Switch the main app and snapped app
Windows logo key‌ +K
Open the Devices charm
Windows logo key‌ +O
Lock the screen orientation (portrait or landscape)
Windows logo key‌ +Q
Open the Search charm to search apps
Windows logo key‌ +W
Open the Search charm to search settings
Windows logo key‌ +Z
Show the commands available in the app
Windows logo key‌ +spacebar
Switch input language and keyboard layout
Windows logo key‌ +Ctrl+spacebar
Change to a previously selected input
Windows logo key‌ +Tab
Cycle through open apps (except desktop apps)
Windows logo key‌ +Ctrl+Tab
Cycle through open apps (except desktop apps) and snap them as they are cycled
Windows logo key‌ +Shift+Tab
Cycle through open apps (except desktop apps) in reverse order
Windows logo key‌ +PgUp
Move the Start screen and apps to the monitor on the left (Apps in the desktop won’t change monitors)
Windows logo key‌ +PgDown
Move the Start screen and apps to the monitor on the right (apps in the desktop won’t change monitors)
Windows logo key‌ +Shift+period (.)
Snaps an app to the left
Windows logo key‌ +period (.)
Snaps an app to the right

තවත් ඉඟි ගණනාවක් තිබෙනවා. ඒවා අතුරෙන් වැදගත් ඒවා සියල්ලම ඔබට ලබා දෙන බව පවසමින් දැනට මෙම ලිපිය අවසන් කරන්නම්.
Read more...

Windows 8 වලදී දෙවියන්ගේ සහය ලබා ගැනීම...

මේ කියන්න යන්නේ Windows 8 වලදී වගේම අනෙකුත් Windows සංස්කරණ වලදී අපට සුලභව හමු නොවන එහෙත් අප Control Panel හරහා භාවිතා කරන විවිධ වෙනස් කම් කිරීමේ හැකියාව හා එහිදී හමුනොවන තවත් ක්‍රියාකාරකම් රැසක් ඉටුකරගත හැකි God Mode කියන පහසුකම සක්‍රීය කර ගන්නා ආකාරයයි. 

මුලින්ම කියන්නම් වැඩි විස්තර වලට යන්නේ නැතුව GodMode Enable කර ගන්නා ආකාරය Desktop එකේදී අලුතෙන් Folder එකක් හදා එය මෙන්න මේ නමින් Rename කරන්න GodMode.{ED7BA470-8E54-465E-825C-99712043E01C} දැන් එම Folder එක තුළට ගියාම වෙනදා ඔබ දුටු විධිවිධාන මෙන්ම කිසිදා දැක නැති විධිවිධාන රැසක එකතුවක් දැකගැනීමට වගේම ලේසියෙන් විවිධ කාර්යයන් කර ගැනීමේ හැකියාව ඇතිවී තිබෙන අයුරුත් දැක ගනීවි.

දැන් මෙම GodMode ගැන යමක් කියන්නම්. මෙම නමින් මෙය ජනප්‍රිය වුණාට මෙම විශේෂිත වූ සැඟවී පවතින ගොනුව නිරාවරණය ගැනීමට සැබැවින්ම වැදගත් වන්නේ සඟළ වරහන් තුළ ඇති කේතයයි. එයට පෙර ඇති GodMode යන්න වෙනුවට කැමති නම් ඔබට ඔබගේ නම වුණත් යොදා ගැනීමට හැකියාව තිබෙනවා.
Read more...

ඔබගේ දෘඩතැටියේ හෝ ඕනෑම දත්ත සුරැකුම් මාධ්‍යයක දත්ත අස්ථානගතවූයේද? නැතහොත් අනපේක්‍ෂිත අන්දමින් Format වුනාද? මෙන්න නිරුපද්‍රිතව ඒවා නැවත ලබා ගැනීමට සුදුසුම මෘදුකාංගය

පසුගිය දිනයක "ලොකු" අකරතැබ්යක් වුනා. ඒ තමයි පරිගණකයේ තිබෙන එක් hard disk  එකක් active කරන්න යෑමේදී එහි 160 GB ධාරිතාවයෙන් එක් partition එකක් හැරෙන්නට අනෙක් සියල්ලම unallocated තත්ත්යට පත්වීමයි. මෙහෙම දෙයක් වුනාම ඕනෑමෙ කෙනෙක් කලබලයට පත්වන එක ස්වභාවිකයි කියලයි මට හිතෙන්නේ. මටත් එහෙම වුනා. සාමාන්‍යයෙන් නම් Microsoft ආයතනය නම් උදම්අනන්නේ මෙහෙම හානිකර තත්ත්වයන් Windows වල වැඩ කරමින් සිටියදී සිදුනොවන බවයි. ඒත් ඉතින් දැන් වෙලා ඉවරයි. මේ වගේ අවස්ථාවල නැවත data recovery කරන්න පුළුවන් මෘදුකාංග ගැන සෙවුම් කරල ඔන්න එකකින් recover කරන්න බැළුවා. ඒත් අර නැතිවුන හැම partition එකක්ම එයින් පෙන්වන්නේ නැහැ. ඉතින් දැන් තව මෘදුකාංගය කිහිපයක්ම මේ සදහා අත්හදා බැළුවත් ප්‍රතිඵලය එකමයි. තව විශේෂත්වය තමයි මේ මෘදුකාංග බොහෝමයක්ම මුදල් ගෙවා භාවිතා කළ යුතු සහ ඒවා වෙනත් ක්‍රම වලින් පරිපූර්ණ තත්ත්වයට පත්කළත් අදාල කාර්යය නිසි ලෙස නොකිරීම හෝ එම මෘදුකාංග නිෂ්පාදකයන් පවසන ගුණාත්මක තත්ත්වයක් එහි නොමැතිවීම.

කෙසේවෙතත් බලාපොරොත්තුකඩවී ඇති මොහොතක නොමිලේම ලබා ගත හැකි TestDisk මෘදුකාංගය භාවිතා කළ අතර එයින් දත්ත පෙන්වූයේ සහ නැවත ස්ථාපනය කරගතහැකි වූයේ සාමාන්‍ය තත්ත්ව‍යේ පවතින දෘඩතැටියකින් දත්ත ලබා ගන්නා සේ පහසු ලෙසමයි. විශේෂත්වය වන්නේ මෙම මෘදුකාංගය DOS අතුරුමුහුනතක් සහිත වීම සහ ඉතා කුඩා ප්‍රමාණයේ මෘදුකාංගයක්ද වීමයි. මෙන්න එහි ඇති විශේෂතා.

TestDisk can 

  • Fix partition table, recover deleted partition
  • Recover FAT32 boot sector from its backup
  • Rebuild FAT12/FAT16/FAT32 boot sector
  • Fix FAT tables
  • Rebuild NTFS boot sector
  • Recover NTFS boot sector from its backup
  • Fix MFT using MFT mirror
  • Locate ext2/ext3/ext4 Backup SuperBlock
  • Undelete files from FAT, exFAT, NTFS and ext2 filesystem
  • Copy files from deleted FAT, exFAT, NTFS and ext2/ext3/ext4 partitions.
ඒ වගේම මේ මේ Operating System වලත් එය භාවිතා කළ හැකි බව දක්වා තිබුනා.

TestDisk can run under 

  • DOS (either real or in a Windows 9x DOS-box),
  • Windows (NT4, 2000, XP, 2003, Vista, 2008, Windows 7 (x86 & x64),
  • Linux,
  • FreeBSD, NetBSD, OpenBSD,
  • SunOS and
  • MacOS X
ඉතින් මෙම විස්තර සමග තවත් වැඩිදුර තොරතුරු වගේම මෙතරම් වටිනා  මෘදුකාංගයක් download කර ගන්නත් පුළුවන් http://www.cgsecurity.org/wiki/TestDisk වෙබ් අඩවියට පිවිසුනා නම්.

Read more...

fb comments

Comment with Facebook