~බීසක වික්‍රමගේ~
Xiaomi Mobile චීන ඉලෙක්ට්‍රොනික දැවැන්තයා දැන් තරගකාරී පෙනුමක් සහ විශිෂ්ට විශේෂාංග සමග වෙළඳපොළ නිම්වළලු පුළුල් කරමින් සිටිනවා. අවුරුදුපතා ඔවුන්ගේ පාරිභෝගික සංඛ්‍යාව ශීඝ්‍රෙයන් ඉහළ යන අතර එහි ශ්‍රී ලංකාව ද ඉදිරියෙන් සිටිනවා. මෑතකදී, ඔවුන් Xiaomi Mi4 හඳුන්වා දුන්නා. සිත්ගන්නාසුළු පෙනුමකින්යුත් ඉහළම විශේෂාංගයන්ගෙන්යුත් මේ අගනා දුරකථනයට ලොව වැඩි පිරිසකගේ අවධනාය දැන් යොමුවී තිබෙනවා. ඊට ඇති ඉහළ ඉල්ලුම නිසාම බොහෝ වෙළඳසැල් ඉහළ තොග ප්‍රමාණ රඳවා ගෙන ඇති බව වාර්තා වෙනවා. එසේ ම මෙය මාර්ගගත වෙළඳසැල් වන Amazon, EBay, Kaymu සහ Dialcom කරට කර සිටිමින් මේ Xiaomi දුරකථනය අලෙවි කරනවා.
මෙහි ඇති පොඩි උපක්‍රමයක් දන්නවාද? ඔබ අගුළු තිරය මත දෙවරක් තට්ටු කළාම අගුළු හරින්නේ නැතිවම ඔබට පහසුවෙන් ගීත ධාවනය කරන්නට පුළුවන්. එසේම සාක්කුවේ තිබියදී ඔබ නොදැනුවත්ව දුරකථන ඇමතුම් ඇතිවීම වැනි අත්වැරදීම් වළක්වන්නට මේ සතුව නැණවත් හැකියාවක් පවතිනවා. ජංගම දත්ත වේගය බලාගන්නත්, ටෝච් හැකියාවත් මෙහි වැඩිදුර මෘදුකාංගමය විශේෂාංග ලෙස තිබෙනවා.
මේ Xiaomi Mi4 නිකුතු දිනය 2014 අගෝස්තු මාසයේදීවූ අතර Xiaomi Mi4 මිළ රුපියල් 34,900 පමණ වෙනවා. ඉතින් අතේ ඇති ගානට හොඳ විශේෂාංග ඔබ බලාපොරොත්තු වෙනවා නම් මේ දුරකථනය ඔබට හොඳින්ම ගැලපෙනු නොඅනුමානයි.
No comments:
Post a Comment