details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404
Showing posts with label සංකල්පනා. Show all posts
Showing posts with label සංකල්පනා. Show all posts

Wednesday, April 29, 2015

ඇතුගල වෙහෙර




මාස ගානකට පස්සේ හම්බුන නිවාඩුවට පස්සේ මන් ගමට ආවේ මහා ලොකු බලපොරොත්තු ගොඩක් පුරවගෙන නොවුනත් ඔයාගෙ ඔය අහින්සක මූන බලල, ටික වෙලාවක් හරි ඔයත් එක්ක ඉන්ඩ මගේ හිත සති ගානක් තිස්සේ පෙරුපුම්පුරන්න ඇති..නිවාඩුවේ එක දවසක්වත් නාස්තිකරන්නේ නැතිව, පලවෙනි දවසෙම උදෙ මන් ගෙදර ආවේ කාලයක් එකතු කරගත්තු ලස්සන හීන හුගක් ලන්කරගෙන..ඒ හැම හීනයක්ම පිරිලා තිබුනේ ඔයාගෙයි මගෙයි ආදරෙන්.
කොටුවෙන් උදේම කෝච්චියට නැගපු හින්දා විඩින් විඩේට ඇස් දෙක පියවුනේ මටත් නොදැනීමයි.ඒත් නින්ද වැඩි වෙලාවක් තියෙන්න නොදී මාව ඇහරුනේ ඔයාව මං ඉස්සරහා ඉන්නව වගේ පෙනුනු හින්දයි.බලන බලන අතේ පෙනුනේ ඔයාවමයි ,ඔයගේ හිනාවයි..ඒක හීනයක් වුනත් ගෙදර එන ටිකට හරි ඔයාගෙ ඔය ලස්සන හිනාව, කතාකරන ඇස් මගේ ලගින්ම දකින්න ආසවුන හින්දා තව ටික වෙලාවකට හරි ඇස් පියාගන්න මන් හැදුවේ..කොච්චර වෙලාවක්ද කියලා නොදැනුනත් , තව ටික වෙලාවක් එහෙමම නින්ද යන්න ඇති.තවත් ටික වෙලාවකින් මට ඉබේටම වගේ ඇහරුනේ කුරුණෑගලට ආවට පස්සේ..

හැමතැනම ඉස්සර වගේමයි, අපි ඉස්සර ඇවිදන් ගියපු පාරවල් දැකපු ගස් කොලන් තාමත් එහෙම්මමයි.අපේ ජීවිත එක තැනක නොතිබුනත්, අපේ ජීවිතවල මතක රැදිලා තිබුන තැන් එහෙම්මම තිබුනේ හරියට කවදාවත් මැකිලා යන්නැති සමරු සටහන් වගේ.ඒ තැන්වල අපි ගෙවපු ලස්සන අතීතෙ ,කතාකරපු දේවල් අකුරක් ගානේ ලියවිලා ඒ විදිහටම පරිස්සම් වෙලා ඇති.ගෙදරට ආවත් වැඩිවෙලාවක් ගේ ඇතුලටම වෙලා ඉන්ඩ හිත ඉඩ නොදුන්නේ.ඔයා ගැනම මතකයන්ගෙන් හිත පිරිලා තිබුන හින්දා.ඇත්තටම මටම මගේ හිත අවනත නෑ කියලා වෙලාවකට හිතුනා..හැම තැනම අවුරුද්දට කලින්ම ලෑස්ති වෙවී තිබුනේ.මිනිස්සු විතරක් නෙවේ ගස් කොලනුත්. ලා කොල පාටට දලු දාල තිබුන ගස් වල පාට, හැමදාම මේ කාලෙට තියෙන අවුරුද්දේ පාට පරිසරේට ගෙනල්ල දීල තිබුනා.ඉතින් හැම දෙනාටම අවුරුද්දට ලෑස්තිවෙන්න ඉඩදීල, මන් ගෙදාරින් එලියට ආවේ මගේ අවුරුද්ද.. හැම්දේම ඔයා නිසා...

පාක් එක හරියෙන් ඇවිදගෙන යද්දි හිතට දැනෙන්නේ පුදුමාකර හිත සැනසිලා යන හැගීමක්.මේ හැමදේම ඉස්සර වගේමයි.අපි කොච්චර නන් අත් අල්ලගෙන මේ හරියේ එහා මෙහා යන්න ඇත්ද.ටික දුරක් ඇවිදගෙන එද්දී ඇග සීතලකරගෙන යන හුලග, වැව රවුමේ ඉස්සර ගෙවපු කාලේ මතක ආපහු අරන් එනව.පාරවල් පොඩ්ඩක් වෙනස්වෙලා තිබුනත් හැමදේම ඉස්සර වගේමයි.අපි ඉස්සර ඉදගෙන හිටපු තැන්වල හුගක් ලන්වෙලා, ඉර බැහැලා කලුවර වෙනකන් තුරුල්වෙලා හිටපු තැන්වල තවමත් ආදරේ අඩුවක් නෑ..ස්වභාවධර්මේ හැම පෙම්වතෙකුටම තමන්ගේ සිසිලේ ආදරේ විදගන්න එක වගේ ඉඩ දීල තිබුන.ටික වෙලාවකින් ඔයාලගේ ගෙදර ගාවට ආවත් කවුරුවත්ම පේන්න හිටියේ නැති හින්දයි. මං කීප පාරක් එහාට මෙහාට ගිහිල්ලා ගේ වටේ බැලුවේ.සෑහෙන වෙලාවක් හිටියත් කව්රුවත් ආවේ නෑ, ගේ ගාව පන්සලක් තිබුන හින්දා මන් ටිකක් එහාට ගියේ කාගෙන් හරි ඔයා ගැන දැනගන්න....හා......මේ දේවල් කොහොමද වුනේ...ඔයාලා ගමෙන් ගිහිල්ලා..ලග ගෙදරකින් මන් අහලා දැනගත්ත විදිහට ඔයාල දැනට මාසෙකට විතර කලින් වෙන දිහාවක පදින්චියට ගිහින්..ඒත් ඇයි ඔයා මට මෙහෙම දෙයක් කලින් නොකීවේ.ඔයා හොදටම දන්නව මන් ඔයාට කොච්චර ආදරේද කියල..ඒත්.... ඇයි මේ...............................

ටික වෙලාවකට මගේ හිතට හුගක් දේවල් එක පිට එක එන්න ඇති.හරියට පොතක පිටු එක දිගට පෙරලගෙන යනවා වගේ...ඔයාගේ නම්බර් එකක් මගේ ලග තිබුනත් ටික කාලෙක ඉදන් ඒකත් වැඩ නෑ.. හ්ම්ම්....කතාකරන්න වැඩි වෙලාවක් තිබුනෙත් නැති හින්දා මන් හිතුවේ ඔෆ් කරලා කියලයි.දැන් එකෙනුත් වැඩක් නෑ...තව කීප දෙනෙක්ගෙන් අහලා බැලුවත් ඒ කව්රුවත් ඔයාල ගිය දිහාවක්වත් හරි තොරතුරක්වත් දැනන් හිටියේ නෑ..කාගෙන්වත් සතුටු වෙන්න පුලුවන් කිසිම තොරතුරක් හම්බුනේ නෑ..ඇයි ඔයා අඩුම තරමේ මටවත්...........වටේම කරුවල වැටීගෙන එනව..ඔයා ගැන හිත හිතා හිටපුහින්දා මට කිසිම දෙයක් ගැන ගානක් තිබුනෙ නෑ.ඇතා ගල උඩින් ටික ටික හද පායගෙන ආවත් මට දැනුනේ ,ඒ හදේ ඉස්සර තරන් එලියක් නෑ වගේ.ගල උඩට යන පාරේ වෙනදා වගේම මල් පිපිලා තිබුනත්,මගේ හිතේ හැම තැනක්ම පිරිලා තිබුනේ ඔයගෙනුයි, ඔයාගෙ මතක වලිනුයි.මං ටික දුරක් ඇවිදගෙන ආවේ කිසිම හැගීමක් නැතුව ඔහේ ඉබාගාතේ.පන්සලේ ඝන්ටාර සද්දේ ඉදලා හිටලා ඇහුනත් වෙන කිසිම සද්දයක් නැතුව හැම තැනක්ම මහා නිහඩියාවක ගිලිලා තිබුනේ..සමහර විට මට වෙන මොකුත් ඇහෙන්න නැතුව ඇති.......මම ගල මුදුනටම වගේ එන්න ඇති'කව්රුවත් නැති හරියකට ඇවිල්ලා පැත්තකට වෙලා ඉදගෙන, අත් දෙකට ඔලුව බරකරන් සෑහෙන වෙලාවක් අපේ මතකවල ගිලිලා හිටිය....එන්න එන්න මුදුන් වෙන හදේ එලිය ගල උඩට හොදටම වැටිල..ඒ එලියේ බොද වුනු කදුලු කැට අස්සෙන් යාන්තමට පෙනුනු ඔය ඇස් දෙක හොදටම බලාගන්නයි මං හෙමින් සැරේ තවත් ඇස් දෙක පියා ගත්තේ............

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිනි  රෑන්//
නුබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කද වෙහෙර මලුවෙ මන්
හැඩුවේ දුකට රත්තරන්.....//

රන්තාලිය වැව ලග උන් කාලය මතකද 
අතීත මතක අරන් නුබ ගිය දුරක තරම
වැව පාමුල ඉදගෙන මන්
හැඩුවේ දුකට රත්තරන්.....

ඇතුගල කන්ද කන්ද තවම සද සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හද ගිනිවැදුනම
කුරුනෑගල අහසත් දැන් ......
හඩාවි දුකට රත්තරන්.....

download song...      
Read more...

Monday, April 27, 2015

හිටං ඉන්න බැරි හින්දයි දැන් නැමුනේ මං හුටං වෙලා‍|Diyasiri Creations


ඔයාටමයි මඩ ගැහුවේ මං
රිලවෙක් වී මෝල්වෙලා...
හිටං ඉන්න බැරි හින්දයි දැන්
නැමුනේ මං හුටං වෙලා....

අපේ ලොක්ක මකබෑවී
ගියා කියා බ්ලාස්වෙලා..
කොමිස් සල්ලි ලගින් තියාගෙන
සිටියේ මන් තිගැස්සිලා..
ජෙප්පො ටිකත් පෝම් වෙලා....

කෙලවුන චන්දෙන් හයියට හිටියේ ඔබ විතරක් හන්දා
මෙහාට හිටගෙන පයින්ඩ හිත හෙමිහිට ප්ලෑනක් ඇන්දා
බොරුවට සබාවෙ ඉන්නා උන් ටික ටික හොදටම අන්දා
අද නැමිලම වැන්දා

මැතිකම රැකගන්නට කල කී දේ කවුරුත් දන්නෑ
හිටන් ඉදල හුටං වෙනව විසිරුවනන් අද මන් නෑ
මගේ ලොවට මෙත්පල් හැර වෙන සැලසුම් කිසිවක් මට නෑ
බිංගිරියත් දැන් නෑ.....

ඔයාටමයි මඩ ගැහුවේ මං.....

නැමුණු නැමිල්ල.......

Read more...

Monday, April 20, 2015

මා කෙරෙන් හැරගිය දිවියේ බලා හිදිමි පිවිසුම හමුවනා තුරු...|love hurts


මාගේ හද දොරගුලු වසා සිටිමි
ආදරය මා කෙරෙන් ඉවත ඇති නිසාවෙන්,
විශ්මයන්ගේ වත් නොමැති
එතුල පුරවගාත් සැගවුන අධිරාජ්‍යයේ..

වික්‍රමාන්විත සිතුවිලිවලින් ගහනවූ, වන පෙදෙසේ
මාගේ සිහිනයන් විජයග්‍රහනය කල හිමිදිරියේ බිම් පෙදෙසේ
සුරගනන් ගෙනා උරුමය සමගින්
මිහිදන් කර ඇත අපගේ මංගල හිරු කිරණ

...පටු පෙදෙසක පැතිරුණ මාගේ නගරයේ
සියලුම කුඩා වීදීන් සීතලින් මිදුනා වූ
ඇගේ වත නොපැමිනීම නිසා
තුෂ්නිම්භූත ව රන්වන් සුලන් රැල් අතුරුදන් වූවා වූ

දිගු දිවා කාලයේ පවතින මා නිවහන
මා නෙත වැකෙනා විට දිදුලයි දිස්නය දෙමින්
හිස් වූ ගේට්ටුව හරහා, මලින් පිරී ගිය මාවතේ
සදාකාලික වසන්තයේ සුගන්ධයද රැගෙන

මා තනිව වෙසුනු දිගු දිනයන්
මා වෙතින් පලාගිය වස්සානනේ මිහිරි උන්මාදය
තැන තැන විසිරී, එකිනෙක මතින් වැටී....
මියුරු සිනා හඩ නගමින් මා දෙතොල් සිපගත්

මා කෙරෙන්  හැරගිය දිවියේ
බලා හිදිමි පිවිසුම හමුවනා තුරු...
මාගේ හද දොරගුලු වසා සිටිමි
ආදරය මා කෙරෙන් ඉවත ඇති නිසාවෙන්..
Read more...

Wednesday, April 15, 2015

මතකයන් ඔබේ

      



    හැන්දෑවෙ ඉර තද රතු පාටට දිලිසෙන වලාකුලු පේලියක්ම අහසෙ ඉතුරු කරල වෙනද වගේ බැහල යන්නෙ කාටත්ම නොකිය.පුරුද්දට වගේ පාලමේ ඇන්දට ඇලවෙල අරමුනක් නැතුව ඔහේ ඈත බලාගෙන හිටපු මගේ ඇස් දෙක, පාරෙ ඈතකින් කොයි වෙලාවක හරි ඔය ඇස් දෙක මතුවෙයි කියල සෑහෙන වෙලාවක් පෙරුම් පුරන්න ඇති...ඒ කොච්චර වෙලාවක්ද කියලා හරියටම මතක නැතත්, හුගක් තදට පායලා තියෙන ඉර සමහර වෙලාවට බැහැල යනකම්ම මම තනියම පාලම උඩට වෙලා ඈත අනන්තයත් පොලවත්වෙන්වෙලා තියෙන රේඛාව ගාවින් එකතුකරන්න වගේ ඈතටම ගිහිල්ලා ඔයාවම බලාගෙන හිටිය...
          
           අද ඉරිද,ඔයා පන්ති ගිහිල්ල මේ වෙලාවට මෙතනින් එන හින්ද පැය ගානක් මම මෙතන..එච්චරම කලින් ඇවිල්ල වැඩක් නැතිවුනත්, අපේ ආදරේ, අපේ ආදරේ පරන මතකත් එක්ක හුගක්ම ලන්වෙලා මතක් කර කරා ඉන්න පුලුවන් හින්දයි මන් මෙතනට ඇවිල්ලා කාටවත්ම ලන්වෙන්න බැරි, අපේ දේවල් නිදසේ හිතන්න පුලුවන් ලෝකෙක තනිවෙන්නෙ...හ්ම්ම්....අපේ ජීවිත ලන්වෙලා හුගක් ආදරෙන් ගෙවපු ඒ අතීතෙ අපෙන් ඈත්කරත් ටික වෙලාවක් හරි ඈතින් ඉදන් හරි ඔයා දිහා බලාගෙන ඉන්න මගේ ඇස් දෙක තාමත් පෙරුම්පුරනව....ටිකෙන් ටික ඉවරවේගෙන ආපු ගෝල් ලීප් එකට මගෙ අත යාන්තමට පිච්චෙන්නත් ඇති.ඒත් මගෙ හිත නතරවෙලා තිබුනේ ඈත ලෝකෙක..කලිසමේ සාක්කුවට අතදාල තව එකක් පත්තුකරගන්න ගියත් ,එක පාරටම මම නතරවුනේ ඇයි කියල මන්වත් දන්නෑ.දැන්වත් මන් වගකීමක් ඇතුව ජීවිතේ ගැන, ආදරේ ගැන හිතන්න පටන්ගෙන ඇති සමහර විට, මම දන්නව මේ දේවල් හින්ද තමයි හැමදේම වුනේ..ඔයාලගෙ ගෙදර අයට මාව පෙනුනේ බේබද්දෙක් වගේ.හ්ම්ම්...ඒකෙත් වැරද්දක් නෑනෙ, මොන අම්මද තාත්තද කැමති වෙන්නෙ තමන්ගෙ එකම දුව හැමදේටම වඩා බෝතලේකුයි වීදුරුවකුයි එක්ක ගෙවන, ඊයන් කොලයක් නහයට ලන්කරල එන රත්වුන දුම නැතුව මොහොතක්වත් ඉන්න බැරි මනුස්සයෙක් එක්ක ඉදලා විනාසවෙනට...මොනව වුනත් කවුරුත්ම දන්නැතුව ඇති මේ මුලු ලෝකෙම මන් වැඩියෙන්ම ආදරේ ඔයාට කියල....එදා ඔයාලගෙ දිහා ආපු වෙලාවෙ තවත් අපිට එකට ඉන්නවත්,කතාකරන්නවත් අයෙ බෑ කියලා, අම්මලා කීවත් එයාලට තව පොඩ්ඩක් හිතන්න තිබුන.තව පොඩ්ඩක් ඉවසන්න තිබුනා...මමත් දැන් පුලුවන් තරන් මේ හැම දේකින්ම ඈත්වෙන්න හදනව.සිගරට් බොන එක පුරුද්දට වගේම වෙන්නේ,සමහර විට හිතේ තියෙන පාලුවටයි කාන්සියටයි ..අනිත් ඒව නන් හුගක්ම වගේ නතරවෙලා.වෙලාවකට මට හිතෙනව සාක්කුවට අතදාල සිගරට් පෙට්ටිය පොඩිකරල ඈතට විසිකරල දාන්න.....පහුගිය දවසක ඔයාගෙ යාලුවෙක් මට කීව, ඔයාලගෙ ගෙදරින් ඔයාව බදින්න කෙනෙක් බලල කියල.අද ඔයාව බලන්නත් එනවලු..මම දන්නව ඔයාගෙ කැමත්තක් නැතුව ඇති.ඒත් ගෙදරින් ඔයාට මොනවා කියනව ඇද්ද.. . .


                   මට තාමත් මතකයි, ඔයාව හම්බුන පලවෙනි දවස..මේ පාලම ලග.අපි දෙන්නම පන්ති ඇරිල එන ගමන් හිටියේ.මම ඉස්කෝලෙන් අයින් වෙන්න කිට්ටුව..ඔයා ඇදල හිටියෙ ලා රෝස පාට ගවුමක්.එදත් හැමදාම වගේ ලස්සන හිනාවක් ඔයාගෙ මූනේ තිබුනා..ජීවිත කාලෙටම මට ඒ හිනාව මතක තියෙයි. මොන දේ අමතක කලත් අපිට අපේ ජීවිතේ පලවෙනි ආදරේ අමතක කරන්න බෑ,කවදාවත්ම....ඔයාට මාව අමතක කරන්න බැරිවේවි කවදාවත්ම..මගේ ජීවිතෙත් ආදර පොතේ පලවෙනි පිටුව පෙරලපු ඔයා, මගේ මුලු ජීවිතේම ඒ ආදරේ කරල හැමදාටම මගේ ජීවිතේ දැන් නතර වෙලා ඉවරයි..පේන පේන හම තැනකම මැවිල පේන්නෙ ඔයාවයි.දැනෙන්නෙ ඔයාගෙ සුවදයි.... . .

               ඉරත් හොදටම බැහැල ගිහිල්ල..වටේම කරුවල හෙවනැලි වලින් පිරිල.ඔයා එන බලාපොරොත්තුවෙන් බලන් එන එක විතරයි කරුවලින් පිරිච්ච මගේ ජීවිතේට ඉතුරුවෙලා තියෙන එකම බලාපොරොත්තුව.හ්ම්ම්..ගගේ වතුර පාරත් හරියට ජීවිතේ වගේ.කොච්චර කරදර ආවත් එව අතරින් පල්ලෙහට හෙමින් සැරේ ගලාගෙන යනව.ඒකෙත් පුදුමාකාර ලස්සනක් තියෙන්නෙ.ඔයාටවත් මාව තේරුන්ගන්න පුලුවන්නන්..තාමත් පරක්කු නෑ... 






මතකයන් ඔබේ සිතේ තබාගෙන 
දුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතා 
සුවද පොදට පවා ඔබේ පෙම් කරනා 
අදටත් මම ඔබගේ පලමු පෙම් වතා..

සිනසෙන්න නොහෑකීනම් මට හඩන්නට 
ඔබ ලගමයි හෑමදාමත් කෑමති ඉන්නට...
ඉමු කදුලෑලි ගලා යන්න යනතුරුවත් මට 
ඉඩ දෙන්නකො ඔබගේ ලගම ඉන්නට... 

සරසවන්න ජීවිතය මට හෑමදාට 
ඔබේ හදින් මා ලෑබුවේ කුලුදුල් පෙම..
ජීවිතයම වරදලා ගියමුත් පවට 
වෙනසක් නෑ ආදරයේ මම තව ඔබට...








Play Song                                                    මෙතනින් බාගන්න....                                                                   
Read more...

Saturday, April 11, 2015

ඒ සොදුරු දිනයන් මා දිවියේ| Summer Of '69( BRYAN ADAMS)


69 සොදුරු ගිම්හානයේ
ඒ දිවියේ පලමු තත් සය ලැබුනු....
ඇගිලි තුඩු රත් පැහැ වෙනතුරු වැයු
යන්තම් පහයි තිහක්ම වු....

වෙන් නොවෙන මිතුදමකින් බැද තිබු

මිතුරු කැලගේ මියැසි සමූහය...
පාසැල් සමයේ සොදුරු මතකය
හැරගිය ජිමී,විවාපත් ජොඩී.......

ඕඕ.. හැමදා නොමැකී පවතින ලෙස සිත්තම් වූ ඒ අතීතය

මැවී පේනවා මතකයන් මැදින්
ඔව් සදා එහි ඉන්නයි මගේ හිත පවසන්නේ
ඉසිබුවක් ලැබුවානන්
ඒ සොදුරු දිනයන් මා දිවියේ......

කිසිවෙකුට පැමිනිලි කල නොහැකි
රැකෙන්නට මගක් ඇත්නම් දිවියේ...
එහියි ඔබ මා මුනගැසුනේ
රිය පෙලින් ගැවසි සැදෑ වෙරල තීරේ....

සදා ලගින් ඉන්නයි  ගිවිසුම් දුන්නේ

මව් පියසේ රැදී එදා....
ඕඕ..ඔව් මා දැන සිටියා කෙදිනකවත් ඉටුනොවනා බැව්
මා අත ගෙන පැතූ පැතුම්
ඒ සොදුරු දිනයන් මා දිවියේ......

ඕඕ ...

යලිත් 69' ගිම්හානයේ..

යොවුන් වියේ විඩාබර දිවියේ
මිනිසුන් වීලා කල්මරමින්
දිගහැරුමට අවැසියි දැන්
සිත කියයි,සැමදා නොරැදේ කිසිදේ...සැමදා...
ඕඕ.........

පැමිනී ගොසින් සැමදේ දිවියේ
එක ලෙස නොමවේ පැතුමන්
යලිත් පැරනි තත් සය වයනා වි
සිත ඔබ ගැන හැඩුම් ගෙනේ,කුමන වරදින්දෝ ගියේ වෙලී.....

සදා ලගින් ඉන්නයි  ගිවිසුම් දුන්නේ
මව් පියසේ රැදී එදා....
ඕඕ..ඔව් මා දැන සිටියා කෙදිනකවත් ඉටුනොවනා බැව්
මා අත ගෙන පැතූ පැතුම්
ඒ සොදුරු දිනයන් මා දිවියේ......

ඕඕ ඕ....
යලිදු 69' ගිම්හානයේ
ඒ 69' ගිම්හානයයි ඕඕ.....
සොදුරිය අප දෙදෙනා සැනසූ
ඒ ගිම්හානයයි,..ගිම්හානයේ.....
69'ගිම්හානයේ
ඕඕ යේ.........





Summer Of '69 @ Pallekale...                                                                <<<Summer Of '69 බාගන්න>>>>
Read more...

Wednesday, September 10, 2014

Monday, September 8, 2014

fb comments

Comment with Facebook