details

Email:madhawavish@gmail.com Phone:0714760652 Best Regards... to follow this blog by sms for free, type follow madhawablg and send to 40404

Sunday, March 22, 2015

සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky



සින්දුවක්ම විතරක්ම නොවුනත්

කාලයක් පුරාම භිත ලගින්ම ඇහුන

තනුවක්

කන්වලින් ඈත්කරගන්න හිත නුදුන්නු

පපුවෙ ගැඹුරින්ම ආපු ලස්සනම නොයිදුල් ස්වරයක්  

......

හැම දෙනාම සතුටු කරල 

සින්දු පොතක් වගේ ලියවුනු

කවර් ඩ්‍රයිව්ස්,ස්ට්‍රේට් ඩ්‍රයිව්ස්,ෆුල් ශොට්ස් 

වලින්

හෙම්න් සැරේ

හැඩකරපු....

කොච්චර කාලෙකින් දැක්කත්

ටිකක් හරි දැක්කත්

හැමදාම වගේ 

එකම විදිහට හිත සතුටෙන් පුරවන මතකයක්....


මැච් තුනම ගහලා ඉවර කරන්න හිටියත්

එකෙන්ම ඉවර කරන්න වුනත්

සෙන්චරියක් ආවත් 

නැතත්...

ඔයාට කිට්ටු කරන්න

කාටවත්ම බැරිවෙයි...

පිත්තෙන් ආපු ලකුණු විතරක්ම නෙමේ

ඵ් හදවත පුරාම පිරිල තිබිච්ච මනුස්සකම

ආයෙමත් ග්‍රවුන්ඩ් එකට ගේන්න සෑහෙන කාලයක් යයි...

හ්ම්ම්...


එදා කාටවත්ම නොපෙන්නුවත්

ඔය හිත ඇතුලෙ 

අවසාන පාරට ග්‍රවුන්ඩ් එකෙන් එලියට එද්දි

දැනුන දේවල්

අපිටත් දැනුන...

එකපාරටම ඇදගෙන වැටුන වැස්සත් එක්ක 

ඔය ඇස්වලත් සමහර විට කදුලු බින්දු පිරෙන්න ඇති

කාටත් නොපෙනුනාට....

කාටත් නොපෙනුනාට 

කාටත් කලින්ම 

සිඩ්නි අහස ඔයාට

ඵයාගෙ ආදරෙ පෙන්නලා ඉවරයි

ඵ් මේ මුලු ලෝකෙම ආදරෙයි...

                                                                          -~විශ්ව~-

Read more...

Sunday, February 22, 2015

E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු

මචන්ලා මේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ලේසි ක්‍රමයක් මන් හොයා ගත්තා. තනියෙන් බුදු වෙනවට වඩා තව එකෙක්ට කියලා දෙන එක වටින නිසා  කියන්න හිතුනා. කඩේට ගිහින් සල්ලි දීල ඕක කරගන්නවාට වඩා තමන්ම මේ වැඩේ කරගත්තොත් මමත් ඉතින් පොරක් කියලා පොඩි හැන්ගීමකුත් එඉනෙ. දැන් ඉතින් වැඩේ කරන හැටි බලමු 




1 මුලින්ම මේ site එකට යන්න 

http://huaweicodecalculator.com/new-algo/

2 දැන් sign with google+
දැන් ඉතින් Gmail එකක් නැති අපතයෙක් :p නම් වෙන එකකින් හරි ලොග් වෙන්නෛ තියෙන්නේ

3 ඊළඟට එන page එක ගැන වැඩිය හිතන්නේ නැතුව accept කරන්න. 

4 ඊළඟට එන page එකේ IMEI නම්බරේ සහ මොඩෙල් එක (E 303) දීල calculate ඔබන්න.

5 ඊළඟට එන page එකටත් like එකක් දාන්න

6 දැන් එන page එකේ NEW ALGO CODE එක කොපි කර ගන්න

7 දැන් ඩොන්ගල් එකට වෙන ජාතියක සිම් එකක් දාල කොම්පුටරේට ගැහුවම unlock code එකක් ඉල්ලෛ. අර copy කරගත්තු code එක paste කරලා ok කරන්න.

8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

9 උපහාර, ඩයලොග්, හච් ඇතුළු ඕනෑම E 303 එකක් මේ ක්‍රමේට unlock කරන්න පුළුවන්.....

10 ....... ජය වේවා!!!!
Read more...

Friday, February 20, 2015

අන්තර්ජාලයේදි විවාහවෙමු



සැබෑ ලෝකයේදි විවාහ වෙන්න පුලුවන් කියලා අපි හැමෝම වගේ දන්නවානේ? නමුත් අන්තර්ජාලයේදිත් ඒ වගේම විවාහවෙන්න පුලුවන් කියලා දන්නවාද?  තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් හරි ඉන්නවා නම් ,අන්තර්ජාලයේදි විවාහ වෙන්න ඕන නම් දැන්ම මේකට ගිහින් ලියාපදිංචි වෙන්න, සහකරුවෙක් /සහකාරියෙක් නැත්නම් ඒත් මොකක් හරි සමග (පරිඝණකයක්, පූසෙක්, බල්ලෙක් වගේ) විවාහ වෙන්න ඕනේ නම් ඒකටත් මේකේ පහසුකම තියෙනවා. මේකේ තියෙන වාසිය තමයි මේ සයිට් එක ගොඩක් SEO friendly ඒක නිසා තමන්ගේ නම කවුරු හරි Google search කරපු ගමන් මේක පළවෙනි පිටු අතර පෙන්වනවා නමුත් තමන්ගේ නම ගොඩක් ප්‍රසිද්ධ නම් එහෙනම් ටිකක් පස්සට ගිහින් බලන්න වෙයි.  කොහොම හරි Google එකේ තමන් විවාහ වෙලා කියලා හැමෝටම පෙන්වන්න මේක හොද අවස්ථාවක්, මේකෙන් හදන Profile එක Public පෙන්වනවා ලෝකේ හැමෝටම වගේ ,ඒ වගේම විවාහ සහතිකයකුත් දෙනවා බැන්දට පස්සේ, තමන්ට ඕන වුන පළියට නිකම් ගිහින් ඕනම කෙනෙක්ව බදින්න බෑ, ඒකට දෙන්නාගේම අනුමැතිය ඕනේ. 

තමන්ට සහකරුවෙක් හරි සහකාරියෙක් ඉන්නවාද? එහෙනම් දැන්ම ගිහින් අන්තර්ජාලයේදි විවාහ වෙන්න, විවාහ වෙලා ඒක ලෝකයටම ප්‍රසිද්ධ කරන්න. 

මෙතනින් ගිහින් එහෙනම් පටන් ගන්න.
http://www.virtualvow.com/virtual_wedding.php

ඊට පස්සේ තමන්ගේ sending a proposal එක උඩ click කරන්න.

ඊට පස්සේ තමන්ගේ Email/Name/Gender එක පුරවලා Proposal එකේ මොනවා හරි ලියලා යවන්න, ඊට පස්සේ අනෙක් පැත්තේ කෙනාගේ විස්තරත් පුරවන්න, ඊට පස්සේ මේ Proposal එක අනෙක් පැත්තේ කෙනාගේ Email එකට යනවා ,එයා ඒකට අනුමැතිය දුන්නට පස්සේ, දෙන්නටම විවාහ වෙන්න පුලුවන්.

ඊට පස්සේ මෙන්න මේ වගේ සහතිකයක් දෙනවා.
http://www.virtualvow.com/wedding.php?id=59287
ඒක ඊට පස්සේ Print කරලා, ගෙදර තියාගන්න.

Read more...

Friday, October 10, 2014

X රේ ඇස්‌ තිබූ අරුම පුදුම මිනිසා



එක්‌දහස්‌ නවසිය පනස්‌ අටේ ඇමරිකාවේ මෑන් හැටන් නගරයේ පළවන Daily News පත්‍රයේ කුඩා දැන්වීමක්‌ තිබිණ. ඉන්දියානු ගුප්ත විද්‍යාඥයකු වන කුඩා බක්‌ස්‌ නමැති මහතකු තම ඇස්‌ දෙක බැඳගෙන පොත් කියවන බවත් මෑන් හැටන් නගරයේ ශාලාවක ඊළඟ බදාදා දින සවස 7 ට මේ ගුප්ත හැකියාව ප්‍රදර්ශනය කරන බවත් නොමිලේ එය නැරඹීමට හැකි බවත් එම දැන්වීමෙහි සඳහන්ව තිබිණ. මෙතැන් පටන් අප ඔබට කියන්නේ එම අවස්‌ථාව නැරඹීමට ගිය වින්සන්ට්‌ ඡේ. ඩැසින්ස්‌කි නමැති පර්යේෂකයකු කියන කතාවය. පුවත්පත් දැන්වීමෙහි පළමු ආකාරයට කුඩා බක්‌ස්‌ අසමසම අධ්‍යාත්මික බලයක්‌ තිබූ කෙනෙකි. දැන් ඩැස්‌න්ස්‌කි කියන කතාව අසමු

"බදාදා සවස මම දැන්වීමෙහි සඳහන්ව තිබූ තැනට ගියෙමි. දුඹුරු ගලින් බැඳ තිබූ ගොඩනැගිල්ලක්‌ ඉදිරිපිට සුරූපී ඉන්දියානු කාන්තාවක්‌ සිටියාය. ගොඩනැගිල්ලේ පිහිටි කුඩා කාමරයකට ඇය මා ගෙන ගියාය. එහි යකඩින් තැනූ පුටු පේළිss 12 ක්‌ විය. කාමරයේ ඉදිරිපස බිත්තිය අසල කාඩ්බෝඩ් පෙට්‌ටි කිහිපයක්‌ සහති මේසයක්‌ විය. මේසය ඉදිරිපස බිම බැලුන් පිර වූ විශාල පෙට්‌ටියක්‌ විය. මේසයට වම් පසින් කලු ලෑල්ලක්‌ තිබිණ, මම ඒ අසළින් අසුන් ගත්තෙමි. සවස 7 වනවිට කාමරය නරඹන්නන් විසිපස්‌ දෙනකුගෙන් පිරී ගියේය. එහි වැඩිපුර සිටියෝ තරුණ තරුණියෝ ය.

"මට කාමරයට මගපෙන්වූ ඉන්දියානු කාන්තාව තමා කුඩා බක්‌ස්‌ගේ බිරිය බව හඳුන්වා දුන්නාය. ඊළඟට කුඩා බක්‌ස්‌ එහි පැමිණියේය. තම සැමියා කිසිදු අනුග්‍රාහකයකු නැතිව පෞද්ගලික ධනය යොදවා, මේ අවස්‌ථාව වෙනුවෙන් පුවත්පත් දැන්වීම් දැමූ බවත්, මේ ශාලාවට ගෙවූ බවත් කී ඇය තව ටික වේලාවකින් පැවැත්වෙන සංදර්ශනය සම්පූර්ණයෙන්ම නොමිලයේ සිදු කෙරෙන්නක්‌ බවත් කිසිවකුගෙන් ඩොලරයක්‌වත් ආධාරයක්‌ භාර නොගන්නා බවත් කීවාය. මිනිසුන් තුළ අබිරහස්‌ හැකියාවන් සැඟව ඇති අතර ඒවා ඉස්‌මතු කර දීමට ධෛර්යය දීමක්‌ වශයෙන් මෙබඳු සංදර්ශන ඉදිරියටත් පැවැත්විය යුතු බව ඇගේ මතය විය. ඊළඟට නැඟී සිටියේ කුඩා බක්‌ස්‌ ය. ඔහු කලිසම් කබාකාරයෙකි. අප හෙවත් ප්‍රේක්‍ෂකයන් සහ කුඩා බක්‌ස්‌ අතර වැඩි මනත් ඉඩපරතරයක්‌ තිබුනේ නැත. ඒ නිසා ඔහු හොරයක්‌ කළොත් ඒ බව අපට අනිවාර්යයෙන්ම පෙනී යන්නේ ය. මුලින්ම කාඩ් පැක්‌ එකක්‌ ගත් ඔහු විසින් විවිධ ඉන්ද්‍රජාල මවා පෑවේය. අනතුරුව "මෙතෙක්‌ පෙන්වූ සියල්ලම මැජික්‌" බව කියූ ඔහු එතැන් සිට පෙන්වන්නේ පරමසත්‍යයම පමණක්‌ බව කීවේය.

"මගේ උදව්වට දෙන්නෙක්‌ උවමනා යයිද" කුඩා බක්‌ස්‌ අප අමතා කීය. එවිට තරුණ ශිෂ්‍යයන් දෙදෙනෙක්‌ ඉදිරිපත් වූහ. මටද ඒ සඳහා ඉදිරිපත් වීමට සිතුණු අතර මගේ මනස ඉවෙන් මෙන් කියවූ කුඩා බක්‌ස්‌ කැමැති නම් පැමිණ සහාය වන ලෙස කීවේය. එහෙත්, එවිට සංදර්ශනය බැලීමට බැරිවන බැවින් මම එය ප්‍රතික්‍ෂේප කළෙමි.

"සංදර්ශනය පටන්ගනිමින් කුඩා බක්‌ස්‌ ටෙනිස්‌ බෝල දෙකක්‌ තරම් විශාල පිටි ගුලි දෙකක්‌ ගෙන සිය දෑස්‌ වසා ඒ මත තබා තද කළේය. එවිට විශාල සුදු පැහැති රවුම් දෙකක්‌ සහිත ඔහුගේ මුහුණ විකාරයක්‌ වැනි විය. එවිට මම ඉදිරිපෙළ තිබූ හිස්‌ ආසනයකට ගොස්‌ වඩාත් ප්‍රවේශමෙන් හා විමසුම් සහගතව කුඩා බක්‌ස්‌ දෙස බලා සිටියෙමි. ඊළඟට ළඟම ඇති පෙට්‌ටියෙන් පුලුන් කුට්‌ටි දෙකක්‌ ගෙන තම ඇස්‌ වසා ඇති පිටි ස්‌ථරදෙක මත තබන්නැයි ඔහු තමාට උදව්වට පැමිණි තරුණයන්ට කීවේය. මේ පුලුන් තට්‌ටු අඟල් 6 ක්‌ දිග අඟල් 4 ක්‌ පළල අඟලක්‌a ඝනකම් විය. පුළුන් තැබූ පසු ඒවාත් පිටි ගුලි දෙකත් හිසට තබා නැවතත් ටේප් අලවන ලෙස කු=ඩා බක්‌ස්‌ ඉල්ලා සිටියේය. ටේප්රෝලක්‌ ඉවරවෙන තුරුම වාගේ ඔහුගේ හිස වටා අලවනු ලැබීය. ඒවා ප්ලාස්‌ටර් බව මම පසුව දැන ගතිමි. මේ වනවිට රාත්‍රිය එළඹ තිබූ බැවින්, කුඩා ශාලාව තුළ ආලෝකය දුර්වලව තිබූ බැවින්ද කුඩා බක්‌ස්‌ගේ ඇස්‌ ස්‌ථිර වශයෙන් ඝනාන්ධකාරයෙහි ගිලී ගොස්‌ තිබිණි.

"ඔහු එතැනින් නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තුළ කළු පැහැති ඝනකම් දොර ඇති බව කියූ ඔහු එය ගෙන තම හිස වටා ඔතන්නැයි ඉල්ලීමක්‌ කළේය. ඒවා අඟල් 3 ක්‌ බැගින් පමණ පළල අඩි 5 ක්‌ බැගින් දිග කලුම කලු රෙදි පටි කැබලි 5 කි. මේ සියල්ලම ඔහුගේ ඇස්‌ වසා එතූ පසු ඔහුගේ හිස අසාමාන්‍යණ ලෙස විශාල වූ බැවින් බියකරු පෙනුමක්‌ ගත්තේය. ඔහු එතැනින්ද නැවතුණේ නැත. තවත් පෙට්‌ටියක්‌ තූළ කලු පැහැති මල්ලක්‌ ඇතැයි කිවූ ඔහු එය ගෙන තම මුහුණ වැසෙන සේ දමන්නැයි කීවේය. එය දැමූ විට ඔහු හුස්‌ම ගනු ඇත්තේ කෙසේදැයි මම බිය වීමි. එහෙත් ඔහු මෙය කරන්නේ වගකීමක්‌ ඇතිව නිසා එයට විරුද්ධ වීමට මට නොහැකි විය."

"ඊළඟට ඉදිරියට එන්නේ කුඩා බක්‌ස්‌ගේ බිරිය ය. ඇය බැලුන් පෙට්‌ටියට අත දමා එක්‌ එක්‌ බැලුම පිටතට ගෙන කුඩා බක්‌ස්‌ට පෑවිට ඔහු එහි වර්ණය නොවරදවා කීවේය. ඊළඟට බැලුම් පෙට්‌ටිය ප්‍රේක්‍ෂකයන් අතට ගිය විටද කුඩා බක්‌ස්‌ ප්‍රේක්‍ෂකයන් පෙන්වන එක්‌ එක්‌ බැලුමේ වර්ණය නිවැරැදි ලෙස කීවේය.

"ඉන්පසු ඔහු අප හැම දෙනාම ඉදිරිපිටදී ඉඳිකටුවක්‌ගෙන එහි සිදුරට නූලක්‌ දැමීය. ඉන්පසු නූල ගලවා ඉඳිකටු සිදුරට දමනු සඳහා අප හැම වෙත දුන්නේය. එය දුෂ්කර වූ නිසා අපි එය අත්හැර දැමීමු. එහෙත් කුඩා බක්‌ස්‌ නූල සහ ඉඳිකටුව අපෙන් ඉල්ලාගෙන කිසිදු කරදරයක්‌ නැතිව නූල ඉඳිකටු සිදුරට ඇතුළු කළේය.

"සංදර්ශනය එතැනින් නිම වූයේ නැත. රැස්‌ව සිටි අය ඇමතූ කුඩා බක්‌ස්‌ කිසිවකු අත පොතක්‌ තිබේදැයි විමසීය. කිහිපදෙනෙක්‌ම පොත් රැගෙන ඉදිරිපත් වූ අතර ඉන් අයකු තෝරා දීම මට පැවරින. තෝරා දුන් තරුණිය වෙත කුඩා බක්‌ස්‌ පැමිණියේ අඩු ගණනේ පුටුවකවත් නොගැවී, ඉතා හොඳින් ඇස්‌ ඇරගෙන සිටින කෙනකු පරිද්දෙනි. පොත් පිටුවලින් ඕනෑම එකක්‌ තෝරා දෙන ලෙස තරුණියට දන්වන ලද අතර කුඩා බක්‌ස්‌ එම පිටුව පැහැදිලි ලෙස කියවාගෙන ගියේය.

"අවසන් අවස්‌ථාවේදී කිසිදු අයුරක වංචාවක්‌ කිරීමට බැරි තැනකට සභාව පැමිණියේය. කාමරයේ වූ කලු ලෑල්ල මත කැමැති යමක්‌ ලියන ලෙස කුඩා බක්‌ස්‌ අපට ආරාධනය කළේය. තවමත් ඔහු ගැන යම් තරමක සැකයෙන් පසු වූ මම කලු ලෑල්ල වෙත ගොස්‌ හුණු කැබැල්ලක්‌ ගෙන "ඔබට මෙය කියවිය හැකිදැයි" ලියුවෙමි. "ඔව්·" කුඩා බක්‌ස්‌ මා පුදුමයට පත් කරමින් කීවේය. ඉන්පසු මා ලියූ වගන්ති කිහිපයක්‌ද ද ඔහු කියෑවීය. ඉනුත් පසු සභාවේ සිටි අප කියන කියන දේ ඔහු කලු ලෑල්ල මත ලිවීය. ඒවා ඉතා පිළිවෙළින් නිවැරැදිව ලියන ලද වගන්තිය.

***************    ***********

"කලු පැහැති මල්ල, රෙදි පටි, ප්ලාස්‌ටර්, පුළුන්, පිටි ගුලි යනාදිය ඉවත් කිරීමෙන් පසු මම කුඩා බක්‌ස්‌ කතාවට අල්ලා ගතිමි. "මම මේ සියල්ල කරන්නේ ආධ්‍යාත්මික ඒකාග්‍රතාව මතයි" කුඩා බක්‌ස්‌ මට කීවේය. "මගේ ඇස්‌ වසන්නට පෙර තිබූ දැක්‌ම, ඇස්‌ වැසූ පසුත් ඒ විදියටම පවත්වාගෙන යන්නට මට පුළුවන්. මෙය එක්‌තරා ආකාරයක භාවනාවක්‌. සිත දියුණු කළ කෙනකුට අතීතය සහ අනාගතය දැකිය හැකි නම්, ඇස්‌ දෙක කොපමණ බැඳ තිබුණත් තමා ඉදිරිපිට ඇති වර්තමානය දකින්නට බැරිකමක්‌ නැහැ. හැමදෙයක්‌ම පටන් ගන්නේ හිත මූලික කරගෙනය. වතාවක්‌ සිදුවූ අනතුරකින් මගේ කොන්ද තුන් පලකින් කැඩුණා. දොස්‌තරවරුන් කීවේ යළි කවදාවත් මට ඇවිදින්නට බැරි බවයි. එහෙත් මම චිත්ත ශක්‌තිය ගොඩනංවාගෙන යළිත් ඇවිදින්නට පටන් ගත්තා." 

"මෙය අන්ධ පුද්ගලයන්ට සහනයක්‌ ලෙස යොදා ගත හැකි දැයි මම ඇසුවෙමි.

"ජීවිතය අතරමගදී අන්ධ වූ අයට මේ මගින් පෙනුම ලබා ගත හකි බව ඔහුගේ මතය විය. "අප භාවනා කරන්නේ ඇසට පෙනෙන දෙය සහ ඒ හරහා උපන් ආශාව තණ්‌හාව ක්‍රෝධය වැනි හැඟීම් සමනය කරගෙනයි. ඊට අමතරව ස්‌පර්ෂයෙන් දැනෙන තෘප්තියත් සමනය කර ගත යුතුයි. මේ දෙකම අත්දකින්නේ නැතිව අදෘශ්‍යමානයේදී (ඇස්‌ නොපෙනෙන විට) පෙනීම ලබාගත හැකි දැයි මට දැනුමක්‌ නැහැ. හැබැයි මේ ලෝකය තුළ කළ නොහැකි සහ සිදුවිය නොහැකි කිසිවක්‌ නැති බව අප මතක තබා ගත යුතුයි." කුඩා බක්‌ස්‌ මට කීවේය. 1935- 40 කාලය තුළදී කුඩා බක්‌ස්‌ ලොව පුරා යමින් සංදර්ශන පැවැත්විය. 1937 දී එංගලන්තයේ ලිවර්පුල් නගරයේදී ඇස්‌ බැඳගෙන අඩි 200 ක්‌ උස වහලයක වම් කොනෙහි දාරයෙහි ගමන් කිSමෙන් කුඩා බක්‌ස්‌ වාර්තාවක්‌ පිහිටුවා තිබේ. භෞතික විද්‍යාඥයන් කියන්නේ කුඩා බක්‌ස්‌ගේ මොළයේ දෘෂ්‍ය ස්‌නායුවෙන් X කිරණ හෝ ඒ හා සමාන විනිවිද පෙනෙන කිරණ වර්ගයක්‌ නිකුත් වන බවය. 

වින්සන් ඡේ. ඩැසින්ස්‌කිගේ කටඋත්තරය මෙතැනින් නිමාවට පත් වෙයි. කුඩා බක්‌ස්‌ගේ දැක්‌මට ඉවහල් වන්නේ ඔහුගේම ආධ්‍යාත්මයෙන් නිකුත් වන ආලෝකයක්‌ විය නොහැකිද? (1906 දී ඉන්දියාවේ කාශ්මීරයේදී කුඪා බක්‌ෂ් ලෙස ඉපිද ඉංගී්‍රසි කතා කරන්නන්ගේ පහසුව පතා කුඩා බක්‌ස්‌ ලෙස නම වෙනස්‌ කරගත් ඔහු 1981 පෙබරවාරි 05 වැනිදා මළේය.)

අනුර සොලමන්ස්‌
2013 අප්‍රේල් 14 ඉරිදා දිවයින
Read more...

පොළොන්නරුවේ තිවංක පිළිමගෙයි තිබෙනා පිටසක්වල ජීවියෙකුගේ සිතුවම

අතීතයේ බොහෝ විශ්වකර්ම නිර්මාණ සඳහා පිටසක්වල ජීවීන් මෙහි පැමිණ උදව් කල බව ප්‍රසිද්ද මතයකි. 

වසර 14,000කට පමණ පෙර ඩයමන්ඩ් වීල් යොදාගන කපා ඇති බොලිවියාවේ පූමා පුන්කු ප්‍රදේශයේ ඇති ගල් කැටයම් හා පිරමීඩ නිර්මාණය ඒ සඳහා ප්‍රසිද්ධ උදාහරණයන්ය. 

පිරමීඩ තුළ ඇති කැටයම් වලත් වසර දහස් ගනනකට පෙර ගල්ගුහා වල ඇඳ ඇති චිත්‍ර වල ගගනගාමී ඇඳුම් සහිත මිනිසුන් සිටීමත් නිසා අතීතයේ පිටසක්වල ජීවීන් මෙහි පැමිණි බවට සාක්ෂි දරයි.

මේ පිළිබඳව The History රූපවාහිනී නාලිකාව විසින් විකාශය කළ "Ancient Aliens" වැඩසටහන් මාලාව මඟින් ලොව පුරා වූ එවැනි සිද්ධීන් අති විශාල ප්‍රමාණයක් හෙළිදරව් කර තිබෙන නමුත් ලංකාවේ අතීතය වසර දහස් ගනනක් එහාට ගියද රාවණා ඉතිහාසය හැර වෙනත් කිසිම දේකට පිටසක්වල සම්බන්ධයක් තිබූ බව සඳහන් වෙන්නේ නැහැ.

නමුත් හෙට මව්බිම පුවත්පතේ ලිපියකින් හෙළිකර සිටින්නේ පොළොන්නරුවේ තිවංක පිළිමගේ ඇති බිතුසිතුවම් අතර ගගනගාමී ඇඳුමක් ඇඳ සිටින පිටසක්වල ජීවියෙකුගේ රූපයක් තිබෙන බවයි. 

මේ අතර රාත්‍රී කාලයේ තිවංක පිළිමෙගෙයට ඉහලින් අහසේ අමුතු වස්තුවක් පැමිනෙන බවත් එහි ආලෝකය තිවංක පිළිමගෙයට වැටෙන බවත් සඳහන්ය. 
මහනුවර යුගයට අයත් දෙගල්දොරුවේ ඇති "මාර පරාජය" බිතුසිතුවමේ බුදුන් වහන්සේගේ මාර පරාජය චිත්‍රයේ මාරයන් සිටින්නේ තුවක්කු අතැතිවය. ඒ සඳහා චිත්‍ර ශිල්පියාට ආභාෂය ලැබී ඇත්තේ ලන්දේසීන් විසින් භාවිතා කළ තුවක්කු නිසාය. මේ ආකාරයටම අතීතයේ පිටසක්වල ජීවීන් අහසින් පැමිණි බැවින් අහසින් පැමිනෙන දෙවියන් හා සමානකර තිවංක පිළිමගේ චිත්‍රශිල්පියා විසින් තමා දුටු දෙය චිත්‍රයට නැඟුවා වන්නට පුළුවන.

පහත තිබෙන්නේ හෙට මව්බිම පුවත්පතේ පලවන ලිපියෙන් උපුටාගත් කොටසකි.

"පොළොවට අඩිතාලම් නැති ලංකාවේ එකම ගොඩනැඟිල්ල පොළොන්නරුවේ තිවංක පිළිමගේය. ධර්මරත්න යනු මීට පෙර එහි සිටි මුරකරුවෙකි. ඔහුගේ සීයා හා පියාද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කර ඇත. 1968 වසරේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුන ඔහු එම පරම්පරාවේ තුන් වන පුරුකය. අදටත් ඔහු පරණවිතාන මහතා කළ සංරක්ෂණ ගැන කතාකරනේ මහා ගෞරවයකිනි. 

මුල් අවදියේ දී ඉතාමත් තාත්වික ලෙස අලංකාරව තිබූ සිතුවම් ක්‍රමයෙන් විනාශ වන්නට පටන් ගෙන ඇත. සිතුවම් වලින් සිහින් දුමක් වැනි යමක් පළමුව දෘශ්‍යමාන වීම නිසා මේ බව වඩාත් ලංව නිරීක්ෂණය කළ හැකි වී ඇත්තේ ඉන් ඉතා කුඩා කෘමී වර්ගයක් පිට වන බවයි. ඒ පිළිබඳව අදාල නිළධාරීන්ට දැන්වුව ද ඔවුන් පවසා ඇත්තේ එවැනි කිසිවක් නොමැති බවයි. නමුත් මේ පිළිබඳව පුද්ගලිකව පරීක්ෂණ පැවැත්වූ විශ්ව විද්‍යාල මහාචාර්යවරයකු මෙය සත්‍ය බව තවුරු කරගෙන ඇත.

ලංකාවේ පවතින විශේෂිතම වූ පිළිම වන්සේලා අතරින් එකක් වන අඩි 23 ක් උස වූ තිවංක ප්‍රතිමාව තැන්පත් කර ඇති තිවංක පිළිමගෙය අඩි 160 ක් දිගකින් හා අඩි 63 ක පළලින් යුතුය. එසේම පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිළ ඇඳුම් ඇඳි එකම මුරකරු සඟවා ගත්තේ ද මෙහි ය. 

වරෙක පොලොන්නරුවේ මැදිරිගිරියෙන් අතුරුදන් වූ පුරාවස්තු ප්‍රමාණයක් රේගුවෙන් ගත්තේ ය. එහි තිබූ බඩු පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට හරි හැටි හඳුනා ගන්නට නොහැකි විය. එහෙත් එහිදී ධර්මරත්න පවසා ඇත්තේ එම පුරා වස්තු ආකෘති පමණක් බවත් ඒවා කඩා බලන්නේ නම් තමන් එහි වගකීම ගන්නා බවත් ය. මේ වන විට ඒවා ජර්මනියේ තබා ඇති අතර කඩා බැලීමෙන් තහවුරු වූයේ මැටි වලින් සාදාතිබූ අනුරූ බවත් ය.


1961 වසරේ දී තම පියා එහි සේවය කරන සමයෙහි දී ධර්මරත්න 

සෝමාවතියේ තිබූ පුරා වස්තු දැක ගත් අතර පසු කලෙක දී පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට සෝමාවතියේ තිබූ පුරා වස්තු ගැන දැනගන්නට අවැසි වූ විට දී තමන් දුටු දෙය ධර්මරත්න පවසා ඇත. පසු කළක දී ඒ පිළිබඳව ලිපියක් හමු වූ අතර ධර්මරත්න කී කරුණු ඉන් සනාථ වී ඇත.

වෘත්තියෙන් මුරකරුවකු වුවද දැනුමෙන් සහ අත්දැකීම් වලින් මහාචාර්යවරයකු වැනි ධර්මරත්න පවසන්නේ තිවංක පිළිම ගෙයෙහි විවිධ හාස්කම් ඇති බවයි. එලෙස ඔහු තමන් අත්විදි හාස්කම් පිළිබඳව හෙලි කළේය. 

තිවංක පිළිමයට ඉදිරියෙන් වූ වම් පස බිත්තියෙහි අඳින ලද දේව රූප ගණනාවකි. එහි සතරවරම් දෙවි වරුන්ට අමතරව තවත් අඳුනා ගත නොහැකි වෙනස් වර්ගයේ රුවක් ද වේ. එම සිතුවමේ මුහුණ ආවරණයක් ඇඳ ඇති අතර එය වර්තමානයේ ගගණගාමීන් භාවිතා කරන හිස් වැසුමකට සමාන වේ. 

ධර්මරත්න මහතා පවසන්නේ ඇතැම් දිනෙක තිවංක පිළිම ගෙයට ඉහලින් අහසේ දිලිසෙන අමුතු වස්තු පැමිණෙන බවත් ඒවායින් නිකුත් කරන ආලෝකය පිළිම ගෙය තුලට වැටෙන බවත් ය. මෙය නිස්කලංක රාත්‍රීන් වල දී වගේම සමහර දවල් කාලයන් හිදී ද දක්නට ලැබෙන අතර මෙම සිතුවම් සේම එම වස්තූන් යම් කිසි අදෘශ්‍යමාන යමක් හෝ වෙනත් ග්‍රහලෝක වල ක්‍රියාකාරිත්වයන් සමඟ බැඳීමක් ඇති බව ඔහු විශ්වාස කරයි.


















තිවංක පිළිමගෙය එදා මෙන්ම අද ද අධ්‍යාත්මික මනස දියුණු කරවන ස්ථානයක් බවත් අළුයම 5 ට පමණ ඔහු පිළිමගෙය පිරිසිදු කර පැයක් හමාරක් බුදුන් වැඳීමට හුරු වී සිටී. එවිට මිටි පුද්ගලයෙක් ඔහු අසලින් හිටගන්නා අතර බුදුන් වැඳ දෙවියන්ට පින් දී අවසන් වන විට ඔහු ද අතුරුදන් වන බව පවසයි. 

එසේම මස්, මාළු කා මත්පැන් පානය කර පැමිණෙන එකදු මුරකරුවකුට හෝ මෙහි සිටින්නට ඉඩ නොදෙන අතර ඔවුන්ව රෑට පා පහර වදින බවත් ඇද එළියට දමන බවත් ධර්මරත්න මහතා පවසයි.
මෙහි අද වනවිටත් නාගයන් දෙදෙනෙකු සිටින බව පවසන ධර්මරත්න මහතා තවත් එක් අපූරු සිදුවීමක් විස්තර කළේය.

දිනක් බුදුන් වඳින විට පැමිණෙන්නා වැනි වූ මිටි පුද්ගලයන් පිරිසක් ධර්මරත්න මහතා වටේ දුවන්නට පටන්ගෙන ඇත. ඔවුන් කළු පැහැති වන අතර හිසකෙස් රැළි වූ ස්වභාවයක් යුක්තය. පාදජාලා සේම වළලු ද පැලඳ සිටි ඇති අතර ටික වෙලාවක් එසේ ඇවිදමින් සිට නොතේරෙන භාශාවකින් යමක් පවසා ඇත. 

ඊට පැයකට දෙකකට පසු පණිවිඩ කරුවෙක් පැමිණ ධර්මරත්න මහතා හට පවසා ඇත්තේ තිවංකය ආසන්නයේ කොල්ලකරුවන් පිරිසක් නිධන් හෑරීමට සූදානම් වන බවත් එවන්නට කෙනෙක් නැති බැවින් හැකිනම් ගොස් බලන ලෙසත් ය. 

ධර්මරත්න එහි යන්නට පිටත් වූ විට පෙර කී ඔහු වටකොටගත් පිරිස ද ධර්මරත්නට ඉස්සර වී ගමන් කර ඇත. එසේ ගිය ඔවුන් නිධන් ගැනීමට සැරසී උන් ස්ථානයේ එක් තැනකදී ඔවුන් නතර වී ඇත. හොඳින් බැලූ විට ආරක්ෂක නූල් කිහිපයක් දුටු ධර්මරත්න ඒවා කඩා ඉවත් කර ඇත. එවිටම පිරිස ඉදිරියට යාමට පටන් ගෙන ඇති අතර තුවක්කු පවා රැගෙන හිටි කොල්ලකරුවන් ද පැන දුවන්නට පටන්ගෙන ඇත. අඩි දහසයක් හාරා තිබූ ඒ ස්ථානය එලෙස රැක ගැනීමට හැකි වූ බවට ඔහු මහත් සතුටු වේ."

මෙම සම්පූර්ණ ලිපිය මෙතනින්.

Ancient Aliens කතා මාලාවේ 1,2,3 කොටස් ටෝරන්ට් මඟින් ඩවුන්ලෝඩ් කරගැනීමට මෙතනින්. (කාලය පැය 30යි, වීඩියෝ ගනන 30යි, ප්‍රමාණය 11.85 GB)

මෙම ආකාරයට ලොව පුරා වෙනත් රටවලින් වාර්තා වන වසර දහස් ගනනක් පැරණි ගගනගාමී ඇඳුම් සහිත චිත්‍ර හා කැටයම් කිහිපයක් මෙතනින්.
Read more...

විදුහුරු ඇසින් දුටු පිරිත් පැන්වල ගුණ බලය


 
පෙණ කැටි විසුරවමින් හිමිහිට ගලා බසින දිය පහරක හඬ අහගෙන ඉන්න අප බොහොම දෙනෙක්‌ කැමතියි. ඒකට හේතුවක්‌ තියෙනවා. ඒ සිත සමාධිගත කරවන අපූරු සංවේදී මිහිරි නාදයක්‌ ඒ හඬට මුසුවෙලා තියෙන නිසා. හරියට සොබා දහමේ රහසක්‌ කියනවා වගේ. ඇත්තටම මේ ගලා බසින දිය දහරාවට එහෙමත් නැතිනම් කඩා හැලෙන දිය ඇල්ලකට සොබා දහමේ රහස්‌ ස`ගවා ගෙන ඉන්න පුළුවන්ද...? ඔව්.... ඇත්තෙන්ම පුළුවන්. ගලා බසින ගංගාව, කඩා හැලෙන දිය ඇල්ල විතරක්‌ නෙමෙයි, ඔබේ අතේ තියෙන වතුර වීදුරුව පවා මේ අනන්ත අප්‍රමාණ වූ විශ්වයේ අපූරු රහස්‌ රැසක්‌ම ස`ගවා ගෙන ඉන්නවා. ඒ රහස්‌ හඳුනාගන්නට හැකිවුණොත් මවිත වේවි ඔබ නිසැකයෙන්ම.

ඒ අපූරු රහස්‌ එළි කරන්නට ජපන් ජාතික පර්යේෂකයෙක්‌ ඉදිරිපත් වෙලා ඉන්නවා. ඔහු නමින් ආචාර්ය මසාරු ඉමටෝ (Dr' Masaru Emoto). මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්‌වභාවය වෙනස්‌ කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ ගණනාවක්‌ මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ඔහු සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්‍රමවේදය සම්මත විද්‍යාත්මක න්‍යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත් කරමින් ප්‍රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්‌) නම් කෘතිය මුළු විද්‍යාත්මක ලෝකයේම ඇස්‌ අරවන කෘතියක්‌ බවට පත් වී හමාරයි. මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්‍යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා.

ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන් ගනිමු. 


ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්‌ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්‍රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක්‌ අධික සිසිලසකට ලක්‌කොට අධි තාක්‌ෂණික කැමරාවකින් රූප රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්‌. ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්‍ර සඡ්ජායනාවක්‌ ඇසෙන්නට සැලැස්‌සුවා. සූත්‍ර සඡ්ජායනයෙන් පස්‌සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක්‌ පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්‌ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්‍රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්‌. පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්‌. මේ ප්‍රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක්‌ වුණා ද කියනවා නම් ඔහු මේ පදනමේ ඉ`දන් පර්යේෂණ මාලාවක්‌ම ඉන්පස්‌සේ සිදු කළා. 

සම්භාව්‍යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්‌වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්‌. සම්භාව්‍යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්‌. 

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස්‌ ආකාරයේ වදන් අසන්නට සැලැස්‌සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.

මේ විදියේ එකිනෙකට වෙනස්‌ විවිධාකාර පර්යේෂණ ගණනාවක්‌ තුළින් මිනිස්‌ චිත්ත සන්තානයට ජල අණුවල ව්‍යqහය වෙනස්‌ කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා. 

ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක්‌ නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස්‌ ගණනාවක්‌ ඈත ඉ`දන් නිසයි. ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්‍ර සඡ්ජායනා ජලයේ ස්‌වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි. 

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක්‌ සිහිපත් කරන්නට අවශ්‍යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්‍යාත්මක සත්‍යයක්‌. ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා. 

ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස්‌ ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි. 

සමන් කළුආරච්චි
 2014 ජනවාරි 26 ඉරිදා දිවයින 
Read more...

බුදුදහමින් හෙළිවන මිනිසාගේ පරිණාමය - අග්ගඤ්ඤ සූත්‍රය



1..........ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.´
´
2..........වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´
වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය.

3..........වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය.

4..........එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

5..........කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. 

27. අග්ගඤ්ඤ සූත්‍රය(සම්පූර්ණයෙන්)


1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්‍ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්‍ෂූන් සමීපයෙහි වෙසෙත්.

එකල භාග්‍යවතුන් වහන්සේ සවස් වේලයෙහි විවේකයෙන් නැඟී සිට ප්‍රාසාදයෙන් බැස පහයෙහි සෙවනැල්ල පවත්නා පසු භාගයෙහි අවකාස්ථානයක සක්මන් කළහ.

එවිට වාසෙට්ඨ, භාරද්වාජ දෙනම භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේ හොඳින් වැඳ සක්මන් කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කළාහුය.

එකල භාග්‍යවතුන් වහන්සේ වාසෙට්ඨ හට කථාකොට මෙසේ කීවාහුය. ´´වාසෙට්ඨය, තෙපි වනාහි බ්‍රාහ්මණ ජාති ඇත්තෝ වූවාහුය. බ්‍රාහ්මණයෝ තොපට අපහාස නොකෙරෙත් ද? හෙළාදැකීම නොකෙරෙත් ද?´´

2. ´´ස්වාමීන් වහන්ස, ඒකාන්තයෙන්ම බමුණෝ අපට අපහාස කෙරෙති.´´

´´බ්‍රාහ්මණයෝ අපට මෙසේ කියති. ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය. බ්‍රහ්මයා විසින මවන ලද්දාහුය. බ්‍රහ්මයා ගෙම නෑයෝ වෙති. ඒ තෙපි ශ්‍රේෂ්ඨ වංශය හැරපියා හීන වූ මාර පක්‍ෂයෙහි වූ බඹහුගේ පාදයෙන් උපන්නා වූ අපිරිසිදු වූ මුඩු මහණහු කෙරෙහි පැවිදිවීම් නම් වූ ඒ හීන වංශයට පැමිණීම තොපට නුසුදුසුයි´´ කියාය.´´

´´වාසෙට්ඨය, බ්‍රාහ්මණයන්ගේ ඔසප් වූද, දරුගැබ් ඇත්තා වූද, දරුවන් වදන්නා වූද, දරුවන්ට කිරි පොවන්නා වූද බැමිණියෝ දක්නා ලැබෙති. ඒ බ්‍රාහ්මණයෝ යෝනි මාර්ගයෙන්ම උපන්නෝව මෙසේ කියති. ඔහු තුමූ බ්‍රහ්මයාට ද බොරුවෙන් හෙළා දකිත්. බොරු ද කියත්. බොහෝ පව් ද රැස්කර ගනිත්.´´

3. ´´වාසෙට්ඨය, මේ වංශ සතරක් වෙත්. එනම්, ක්‍ෂත්‍රියෝය, බ්‍රාහ්මණයෝය, වෛශ්‍යයෝය (වෙළඳුන්ය), ශුද්‍රයෝය (කම්කරුවෝය) කියාය. වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ප්‍රාණාත කරන්නෙක් වෙයි. නුදුන් දෙය ගන්නෙක් වෙයි. කාමයෙහි වරදවා හැසිරෙන්නෙක් වෙයි. බොරු කියන්නෙක් වෙයි. කේලාම් කියන්නෙක් වෙයි. පරුෂ වචන කියන්නෙක් වෙයි. හිස් වචන කියන්නෙක් වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තෙක් වෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තෙක් වෙයි. මිත්‍යාදෘෂ්ඨි (වැරදි දැකීම්) ඇත්තෙක් වෙයි.´´

´´මෙසේ යම් ධර්ම කෙනෙක් අකුසල වෙත් ද, ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි දක්නා ලැබෙත්. ඒ ධර්මයෝ සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහිද දක්නා ලැබෙති. සමහර ශුද්‍රයෙකු කෙරෙහිද දක්නා ලැබෙති.´´

4. ´´වාසෙට්ඨය, මේ ලෝකයෙහි සමහර ක්‍ෂත්‍රියෙක් ද ප්‍රාණඝාතයෙන් වැළකුනේ වෙයි. නුදුන් දෙය ගැනීමෙන් වැළකුනේ වෙයි. කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුනේ වෙයි. බොරු කීමෙන් වැළකුනේ වෙයි. කේලාම් කීමෙන් වැළකුනේ වෙයි. පරුෂ වචන කීමෙන් වැළකුනේ වෙයි. හිස් වචන කීමෙන් වැළකුනේ වෙයි. දැඩි ලෝභය බහුල කොට ඇත්තේ නොවෙයි. (ක්‍රෝධයෙන්) වෙනස් වූ සිත් ඇත්තේ නොවෙයි. සම්‍යක් දෘෂ්ඨි (හරි දැකීම්) ඇත්තෙක් වෙයි.´´ ඒ ධර්මයෝ සමහර ක්‍ෂත්‍රියයෙකු කෙරෙහි, සමහර බ්‍රාහ්මණයෙකු කෙරෙහි ද, සමහර වෛශ්‍යයෙකු කෙරෙහි ද, සමහර ශුද්‍රයෙකු කෙරෙහි ද දක්නා ලැබෙති.´´

´´බ්‍රාහ්මණයෝ, ´´බ්‍රාහ්මණ තෙමේම උතුම් වංශ ඇත්තේය. අන්‍යයෝ හීන වංශ ඇත්තෝය´´ යන ඔවුන්ගේ ඒ කථාව නුවණැත්තෝ පිළිනොගනිත්. ඊට හේතු කවරේද? වාසෙට්ඨය, මේ (ක්‍ෂත්‍රියාදී) සතර වංශයන් අතුරෙන් (එකකට ඇතුළත් වූ) යම් භික්‍ෂුවක් රහත්වූයේ ද, නැති කරන ලද ආශ්‍රව ඇත්තේ වේ ද, වාසය කොට නිම කරන ලද බ්‍රාහ්මචාර්යාවාස ඇත්තේ ද, කරන ලද සිවුමහ කටයුතු ඇත්තේ ද, බාහා තබන ලද ස්කන්ධ බර ඇත්තේ ද, පිළිවෙලින් පැමිණි ස්වකීය කටයුතු ඇත්තේ ද, විනාශ කරන ලද භව බන්ධන ඇත්තේ ද, හොඳින් කරුණු සහිතව දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේ වේ ද ඒ පුද්ගල තෙමේ ඔවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයයි කියනු ලැබේ.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මේ ආකාරයෙන් ද දත යුතුයි.´´

5. ´´වාසෙට්ඨය, පසේනදි කොසොල් රජ තෙමේ තමන්ට වඩා උසස් අනෙකෙකු නැති හෙයින් අනුත්තර නම් වූ ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදි වූයේ යයි දනියි. වාසෙට්ඨය, ශාක්‍යයෝ පසේනදි කොසොල් රජුහට සමාන වංශ ඇත්තාහුය. කොසොල් රජුහට යටත්ව පවත්නාහුය. වාසෙට්ඨය, පසේනදි කොසොල් රජුහු ගරු සැලකිලි පැවැත්වීම ද, වැඳීම ද, දැක හුනස්නෙන් නැඟී සිටීම ද, ඇඳිලි බැඳීම ද, වත් පිළිවෙත් කිරීම් ආදී ඒ ඒ සුදුසු ක්‍රියා ද තථාහතයන් වහන්සේට කරයි.´´

´´වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මෙලොව්හි ද, පරලොව්හි ද යම්සේ ධර්මයම ශ්‍රේෂ්ඨ වේ ද, එය මෙකී ආකාරයෙන් ද දත යුතුයි.´´

6. ´´වාසෙට්ඨය, ´´තෙපි කවරුහුදැ´´යි විචාරණ ලද්දාහුම ´´ශාක්‍ය පුත්‍ර වූ ශ්‍රමණයම්හ´´යි ප්‍රකාශ කරන්නාහුය. මම භාග්‍යවතුන් වහන්සේගේ පුත්‍ර වෙමි. ඊට හේතු කවරේ ද? වාසෙට්ඨය, ධම්මකාය යනු ද, බ්‍රහ්මකාය යනු ද, ධම්මභූත යනු ද, බ්‍රහ්මභූත යනු ද තථාගතයන් වහන්සේගේම නම් වන හෙයිනි.´´

´´ලෝකය හටගන්නා කල්හි බොහෝ සෙයින් සත්වයෝ ආභස්සර බ්‍රාහ්ම ලෝකයෙන් චුතව මේ මනුෂ්‍ය ලෝකයට පැමිණෙති. සත්වයෝය යන කොටසටම ඇතුළත් වෙති.

7. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් කිසි කලෙක්හි දීර්ඝ කාලයෙක් හුගේ ඇවෑමෙන් ඒ සත්වයන්ට ජලයෙහි රස පොළොව පිහිටන්නීය.´´

8. ´´වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්වයෝ රස පොළොව අනුභව කරමින් එයම කමින් එයම ආහාර කොට ඇතිව බොහෝ දීර්ඝ කාලයක් සිටින්නාහුය. ඒ සත්වයන්ගේ ශරීරයෙහි රළු ගතිය ද ඇතිවිය. වර්ණයාගේ වෙනස්වීම ද පෙනුනේය. වර්ණය නිසා උපන් අධික මාන හේතුවෙන් ඔවුන්ගේ රස පොළොව නැති වී ගියේය. පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාව මෙසේ ඇතිවිය. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´වාසෙට්ඨය, ඉක්බිති ඒ සත්වයන්ගේ රස පොළොව නැති වී ගිය කල්හි (බිම්හතු) ඕජා සහිත මොලොක් පස පහළ වූයේය. එය වර්ණ සම්පන්නා විය. සුවඳින් යුක්ත විය, රසයෙන් යුක්ත විය. එවිට ඒ සත්වයෝ බිම්හතු අනුභව කරන්නට පටන් ගත්තාහුය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බවද වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බිම්හතු (බිම් පතුරු) නැති වී ගියේය. එකල බදාලතා නම් වූ වැල් ජාතියක් පහළ විය. ඒ වැල් වර්ගය වර්ණවත් විය, සුවඳින් යුක්ත විය, රසවත් විය. එවිට ඒ සත්වයෝ බදාලතා නම් වැල් අනුභව කරන්නට පටන් ගත්හ. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝ සෙයින් වැඩිවිය. වර්ණය අඩු බව ද පෙනුනේය. වර්ණය නිසා උපන් මහත් මාන හේතුවෙන් නැවත නැවත උපදනා මහත් මාන ස්වභාවය ඇති ඔවුන්ගේ බදාලතා නැති වී ගියේය.´´

´´මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. එහෙත් ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´කුඩු රහිත වූ දහයියා, (පොතු) රහිත වූ සුවඳ ඇත්තා වූ සහල්ම ඵල කොට ඇත්තා වූ හැල් පහළ වූයේය. උදෑසන උදය බතට යම් ඒ සුවඳ හැල් කොටසක් හැරගනිත් ද, සවස ඒ කොටස පැසී සිටියේය. ඒ සත්වයන්ගේ ශරීරයන්හි රළු බව ද බෙහෝසෙයින් වැඩි විය. වර්ණය අඩු බව ද පෙණුනේය. පෙර යමෙක් ස්ත්‍රී වූවා ද ඇයට ස්ත්‍රී ලකුණු පහළ විය. (පෙර) යමෙක් පුරුෂ වූයේ ද ඔහුට පුරුෂ ලකුණු පහළ විය. ඒ සත්වයන්ට කාම රාගය ඇතිවිය. මෙකල ද සමහර ජනපදයන්හි ස්ත්‍රියක් ගෙනයනු ලබන කල්හි සමහර කෙනෙක් පස් දමා ගසත්. සමහර කෙනෙක් අළු දමා ගසත්. සමහර කෙනෙක් ගොම දමා ගසත්. මෙසේ එම පුරාණ ලෝකෝප්පත්ති වංශ කථාවට අනුව යෙත්. ඒ පිළිබඳ අර්ථය නොදනිත්මය.´´

´´පින්වත් සත්වය කම් නැත. මා විසින් සතර දවසක ප්‍රයෝජනය පිණිස එකවරම හැල් ගෙන එන ලදැ´´යි කීයේය. වාසෙට්ඨය, ඉක්බිත්තෙන් ඒ සත්ව තෙම ඒ (හැල් ගෙණ ආ) යම් කලෙක්හි ඒ සත්වයෝ හැල් (ගෙනවුත්) කල් තබා ගෙන පාවිච්චි කරන්ට පටන් ගත්තාහූ ද එකල්හි කුඩු ද සහල් වසා සිටියේය. දහයියා (පොතු) ද සහල් වසා සිටියේය. කපන ලද ධාන්‍යයද නැවත නොවැඩුනේය. කපන ලද තැන් එසේ අඩුවම පෙණුනේය. ඇල් වී පඳුරු පඳුරුව සිටියාහුය.´´

´´ඉක්බිත්තෙන් ඒ සත්වයෝ ඇල් වී බෙදා ගත්හ. මායිම් තබාගත්හ.´´

9. ´´එවිට එක්තරා සත්වයෙක් ස්වකීය කොටස ආරක්‍ෂා කරන්නේ මතහට නුදුන්නා වූ එක්තරා කොටසක් රැගෙන (සොරකම් කොටගෙන) පාවිච්චි කළේය. එතැන් පටන් (ලෝකයෙහි) අන්සතු නුදුන් දෙය ගැනීම පහළ විය. (අන්‍යයන්ට) අපහාස කිරීම පහළ විය. බොරු කීම පහළ විය. (සත්ව හිංසා පිණිස) දඬු ගැනීම පහළ විය.´´

10. ´´වාසෙට්ඨය, එවිට ඒ සත්වයෝ ඔවුන් අතුරෙන් යමෙක් ඉතා උතුම් රූප ඇත්තේ වී ද, ඉතා මහත් ආනුභාව ඇත්තේ වී ද, ඒ සත්ව තෙම ප්‍රකාශ කටයුත්ත හොඳින් ප්‍රකාශ කිරීමට ද, ගැරහිය යුත්තහුට හොඳින් ගැරහීමට ද, නෙරපිය යුත්තහු නෙරපීමට ද යෙදුවේය. ඒ සත්වයාට ඇල් වී වලින් කොටසක් දුන්නාහුය. එසේ මහජනයා විසින් සම්මත කරන ලද්දේය යන අර්ථයෙන් මහා සම්මතත කියා පළමුවන නාම (ව්‍යවහාරය) ඇතිවිය. වාසෙට්ඨය, ක්‍ෂෙත්‍රයන්ට (ඉඩම් වලට) අධිපතිය යන අර්ථයෙන් ක්‍ෂත්‍රියයයි කියා දෙවන නාම (ව්‍යවහාරය) විය. ධර්මයෙන් අන්‍ය සත්වයන් පිනවයි යන අර්ථයෙන් රජය යන තුන්වන නාමය ඇතිවිය. වාසෙට්ඨය, මෙසේ අග්‍ර යයි දන්නා ලද්දා වූ ලෝකෝප්පත්ති වංශ කථාවෙන් මේ ක්‍ෂත්‍රිය සමූහයාගේ පහළ වීම වූයේය. ඒ සත්වයන් සම්බන්ධවම වේ. අන්‍ය සත්වයන් සම්බන්ධව නොවේ. සමාන වූ සත්වයන් සම්බන්ධවම වේ. අසමාන සත්වයන් සම්බන්ධව නොවේ. ධර්මයෙන්මැයි. අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, මේ සත්වයන් සම්බන්ධව මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨය.´´

´´ඒකාන්තයෙන් පාප ධර්මයෝ සත්වයන් කෙරෙහි පහළ වූහ. වාසෙට්ඨය, ලාමක අකුශල ධර්මයන් දුරු කෙරෙති යන අර්ථයෙන් බ්‍රාහ්මණයයිම පළමූවන නාම (ව්‍යවහාරය) වූයේය. ඔහු තුමූ වන ප්‍රදේශයෙහි පන්සල් (කොළ සෙවිලි කල පැල්) කොටාගෙන එහි පන්සල්වල ධ්‍යාන කෙරෙති. ඔහු තුමූ ආහාර ලබාගෙන නැවතත් පන්සල් වලටම වැද ධ්‍යාන කෙරෙත්. වාසෙට්ඨය, ධ්‍යාන කෙරෙති යන අර්ථයෙන් ඣායකය ඣායකය යන දෙවන නාම (ව්‍යවහාරය) විය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් කෙනෙක් වන ප්‍රදේශයෙහි පන්සල්වල ඒ ධ්‍යානය (කළ නොහැකි වන්නාහූ) ගම් වෙතට ද, නියම්ගම් වෙතට ද පැමිණ ත්‍රිවේදය සකස් කෙරෙමින් ද, උගන්වමින් ද වෙසෙති. ´´ධ්‍යාන නොකෙරෙති´´ යන අර්ථයෙන් අජඣායකය යන තුන්වන නාමය විය.´´

´´වාසෙට්ඨය, (වේද මන්ත්‍ර දැරීමය, වේද මන්ත්‍ර හැදෑරීමය යන මෙය) එකල්හි පහත් යයි සම්මත විය. (ඒ මන්ත්‍ර හැදෑරීම හා කියවීම) දැන් ශ්‍රේෂ්ඨ යයි සම්මත වෙයි.´´

´´වාසෙට්ඨය, මෙසේ මේ පුරාණ වූ ලෝක උප්පත්ති වංශ කථාවෙන් බ්‍රාහ්මණ සමූහයාගේ පහළවීම වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් ඇතැම් සත්ව කෙනෙක් මෛථුන ධර්ම සේවනය නිසා හරක් රැකීම් වෙළඳාම් ආදී ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදුනහ.´´

´´´´මෛථුන ධර්මය සඳහා ප්‍රසිද්ධ කර්මාන්තයන්හි යෙදෙත්´´ යන අර්ථයෙන් වෛශ්‍යයයි නාමය විය.´´

´´වාසෙට්ඨය, මෙසේ වනාහි මේ පුරාණ වෛශ්‍ය සමූහයාගේ ලෝකෝත්පත්ති වංශ කථාව පහළ වූයේය.´´

´´වාසෙට්ඨය, එම සත්වයන් අතුරෙන් යම් ඒ සත්ව කෙනෙක් ඉතිරි වූවාහු ද ඔහු නපුරු පැවතුම් ඇත්තෝ වූහ.´´

´´වාසෙට්ඨය, නපුරු ක්‍රියා ඇත්තෝය, නින්දිත ක්‍රියා ඇත්තෝය යන අර්ථයෙන් ශුද්‍රයයි යන නාම විය.´´

´´මෙසේ මේ පුරාණ ශුද්‍ර සමූහයාගේ පහළවීම පිළිබඳ ලෝක උප්පත්ති වංශ කථාව වූයේය.´´

11. ´´වාසෙට්ඨය, යම් හේතුවකින් ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේද තමාගේ ධර්මයට නින්දා කෙරෙමින් ශ්‍රමණ වන්නෙමියි ගිහිගෙන් නික්ම මහණ වේ ද, එබඳු කාලයක් වේමය.´´

´´වාසෙට්ඨය, මෙසේ ඒ වංශ සතරට අයත් අමූහ අතුරෙන් ශ්‍රමණ සමූහයාගේ පහළවීම වූයේය.´´

12. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් දුෂ්චරිතයෙහි හැසිර, වචනයෙන් දුෂ්චරිතයෙහි හැසිර, සිතින් දුෂ්චරිතයෙහි හැසිර, මිථ්‍යාදෘෂ්ටිව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන්ව, මිථ්‍යාදෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි අපාය නම් වූ දුගති නම් වූ විනිපාත නම් වූ නිරයෙහි උපදියි.´´

13. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සුචරිතයෙහි හැසිර, වචනයෙන් සුචරිතයෙහි හැසිර, සිතින් සුචරිතයෙහි හැසිර, සම්‍යක් දෘෂ්ටිව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන්ව, සම්‍යක් දෘෂ්ටි කර්ම සමාදන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුගති නම්වූ ස්වර්ග ලෝකයෙහි උපදින්නේය.´´

14. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. වචනයෙන් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. සිතින් කුසල් අකුසල් දෙකම කරන්නේ වෙයි. මිශ්‍රවූ දෘෂ්ටි ඇතිව මිශ්‍ර වූ දෘෂ්ටි සමාදන්ව මිශ්‍ර වූ දෘෂ්ටි කර්ම සමාදාන හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මත්තෙහි සුව දුක් දෙකම විඳින්නේ වෙයි.´´

15. ´´වාසෙට්ඨය, ක්‍ෂත්‍රිය තෙමේ ද, බ්‍රාහ්මණ තෙමේ ද, වෛශ්‍ය තෙමේ ද, ශුද්‍ර තෙමේ ද, ශ්‍රමණ තෙමේ ද කයින් සංවරව, වචනයෙන් සංවරව, සිතින් සංවරව කොට්ඨාස වශයෙන් සත් වැදෑරුම් වූ බෝධිපාක්‍ෂික ධර්මයන් (මාර්ග ඥානය ලබා ගැනීමට වුවමනා ධර්ම) වඩා මේ ආත්ම භාවයෙහිම කෙලෙස් ගිනි නිවා ලන්නේය.´´

16. ´´වාසෙට්ඨය, මේ සතර වංශ අතුරෙන් යම් භික්‍ෂුවක් අර්හත් වූයේ ද, නැති කරන ලද කෙලෙස් ඇත්තේ ද, වැස නිම කරන ලද බ්‍රහ්මචර්යාව ඇත්තේ ද, බහා තබන ලද (කෙලෙස් බර ආදී) බර ඇත්තේ ද, පැමිණියා වූ තමාගේ අර්ථය ඇත්තේ ද, නැති කරන ලද සසර බැඳුම් ඇත්තේ ද, මනා කොට දැන කෙලෙසුන් කෙරෙන් මිදුනේද, හේ තෙමේ ඔවුනතුරෙන් අග්‍ර යයි කියනු ලැබේ. ඒ ධර්මයෙන්මය, අධර්මයෙන් නොවේ. වාසෙට්ඨය, සත්වයන් පිළිබඳ වූ මේ ලෝකයෙහි ද පරලොව්හි ද ධර්මයම ශ්‍රේෂ්ඨයි.´´

´´වාසෙට්ඨය, සනත් කුමාර නම් බ්‍රහ්මයා විසින් ද මේ ගාථා තොමෝ කියන ලද්දීය.´´

´´යම් ජනයෝ, ´´මම ගෞතම වෙමි´´, ´´මම කාශ්‍යප වෙමි´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

´´වාසෙට්ඨය, මම ද මෙසේ කියමි. ´´යම් ජනයෝ ´´මම ගෝතම වෙමි. මම කාශ්‍යප වෙමැ´´යි ගෝත්‍රය සිහි කරන්නෝ වෙත් ද, ඒ ජන සමූහයා අතුරෙන් ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨයි. අෂ්ඨ විද්‍යාවෙන් හා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්ත වූ යම් තථාගතයන් වහන්සේ කෙනෙක් වෙත් ද, ඒ තථාගතයන් වහන්සේ දෙව් මිනිසුන් අතුරෙහි ශ්‍රේෂ්ඨ වන්නාහ.´´

භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය වදාළ සේක. වාසෙට්ඨ භාරද්වාජ යන සාමනේරයන් වහන්සේලා දෙනම සතුටු සිත් ඇත්තාහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට සතුටූ වූවාහුය.´´

විසිහත් වැනි වූ අග්ගඤ්ඤ සූත්‍රය නිමියේය. ( උපුටා ගැනීමකි )
Read more...

fb comments

Comment with Facebook