Wednesday, April 29, 2015

ඇතුගල වෙහෙර




මාස ගානකට පස්සේ හම්බුන නිවාඩුවට පස්සේ මන් ගමට ආවේ මහා ලොකු බලපොරොත්තු ගොඩක් පුරවගෙන නොවුනත් ඔයාගෙ ඔය අහින්සක මූන බලල, ටික වෙලාවක් හරි ඔයත් එක්ක ඉන්ඩ මගේ හිත සති ගානක් තිස්සේ පෙරුපුම්පුරන්න ඇති..නිවාඩුවේ එක දවසක්වත් නාස්තිකරන්නේ නැතිව, පලවෙනි දවසෙම උදෙ මන් ගෙදර ආවේ කාලයක් එකතු කරගත්තු ලස්සන හීන හුගක් ලන්කරගෙන..ඒ හැම හීනයක්ම පිරිලා තිබුනේ ඔයාගෙයි මගෙයි ආදරෙන්.
කොටුවෙන් උදේම කෝච්චියට නැගපු හින්දා විඩින් විඩේට ඇස් දෙක පියවුනේ මටත් නොදැනීමයි.ඒත් නින්ද වැඩි වෙලාවක් තියෙන්න නොදී මාව ඇහරුනේ ඔයාව මං ඉස්සරහා ඉන්නව වගේ පෙනුනු හින්දයි.බලන බලන අතේ පෙනුනේ ඔයාවමයි ,ඔයගේ හිනාවයි..ඒක හීනයක් වුනත් ගෙදර එන ටිකට හරි ඔයාගෙ ඔය ලස්සන හිනාව, කතාකරන ඇස් මගේ ලගින්ම දකින්න ආසවුන හින්දා තව ටික වෙලාවකට හරි ඇස් පියාගන්න මන් හැදුවේ..කොච්චර වෙලාවක්ද කියලා නොදැනුනත් , තව ටික වෙලාවක් එහෙමම නින්ද යන්න ඇති.තවත් ටික වෙලාවකින් මට ඉබේටම වගේ ඇහරුනේ කුරුණෑගලට ආවට පස්සේ..

හැමතැනම ඉස්සර වගේමයි, අපි ඉස්සර ඇවිදන් ගියපු පාරවල් දැකපු ගස් කොලන් තාමත් එහෙම්මමයි.අපේ ජීවිත එක තැනක නොතිබුනත්, අපේ ජීවිතවල මතක රැදිලා තිබුන තැන් එහෙම්මම තිබුනේ හරියට කවදාවත් මැකිලා යන්නැති සමරු සටහන් වගේ.ඒ තැන්වල අපි ගෙවපු ලස්සන අතීතෙ ,කතාකරපු දේවල් අකුරක් ගානේ ලියවිලා ඒ විදිහටම පරිස්සම් වෙලා ඇති.ගෙදරට ආවත් වැඩිවෙලාවක් ගේ ඇතුලටම වෙලා ඉන්ඩ හිත ඉඩ නොදුන්නේ.ඔයා ගැනම මතකයන්ගෙන් හිත පිරිලා තිබුන හින්දා.ඇත්තටම මටම මගේ හිත අවනත නෑ කියලා වෙලාවකට හිතුනා..හැම තැනම අවුරුද්දට කලින්ම ලෑස්ති වෙවී තිබුනේ.මිනිස්සු විතරක් නෙවේ ගස් කොලනුත්. ලා කොල පාටට දලු දාල තිබුන ගස් වල පාට, හැමදාම මේ කාලෙට තියෙන අවුරුද්දේ පාට පරිසරේට ගෙනල්ල දීල තිබුනා.ඉතින් හැම දෙනාටම අවුරුද්දට ලෑස්තිවෙන්න ඉඩදීල, මන් ගෙදාරින් එලියට ආවේ මගේ අවුරුද්ද.. හැම්දේම ඔයා නිසා...

පාක් එක හරියෙන් ඇවිදගෙන යද්දි හිතට දැනෙන්නේ පුදුමාකර හිත සැනසිලා යන හැගීමක්.මේ හැමදේම ඉස්සර වගේමයි.අපි කොච්චර නන් අත් අල්ලගෙන මේ හරියේ එහා මෙහා යන්න ඇත්ද.ටික දුරක් ඇවිදගෙන එද්දී ඇග සීතලකරගෙන යන හුලග, වැව රවුමේ ඉස්සර ගෙවපු කාලේ මතක ආපහු අරන් එනව.පාරවල් පොඩ්ඩක් වෙනස්වෙලා තිබුනත් හැමදේම ඉස්සර වගේමයි.අපි ඉස්සර ඉදගෙන හිටපු තැන්වල හුගක් ලන්වෙලා, ඉර බැහැලා කලුවර වෙනකන් තුරුල්වෙලා හිටපු තැන්වල තවමත් ආදරේ අඩුවක් නෑ..ස්වභාවධර්මේ හැම පෙම්වතෙකුටම තමන්ගේ සිසිලේ ආදරේ විදගන්න එක වගේ ඉඩ දීල තිබුන.ටික වෙලාවකින් ඔයාලගේ ගෙදර ගාවට ආවත් කවුරුවත්ම පේන්න හිටියේ නැති හින්දයි. මං කීප පාරක් එහාට මෙහාට ගිහිල්ලා ගේ වටේ බැලුවේ.සෑහෙන වෙලාවක් හිටියත් කව්රුවත් ආවේ නෑ, ගේ ගාව පන්සලක් තිබුන හින්දා මන් ටිකක් එහාට ගියේ කාගෙන් හරි ඔයා ගැන දැනගන්න....හා......මේ දේවල් කොහොමද වුනේ...ඔයාලා ගමෙන් ගිහිල්ලා..ලග ගෙදරකින් මන් අහලා දැනගත්ත විදිහට ඔයාල දැනට මාසෙකට විතර කලින් වෙන දිහාවක පදින්චියට ගිහින්..ඒත් ඇයි ඔයා මට මෙහෙම දෙයක් කලින් නොකීවේ.ඔයා හොදටම දන්නව මන් ඔයාට කොච්චර ආදරේද කියල..ඒත්.... ඇයි මේ...............................

ටික වෙලාවකට මගේ හිතට හුගක් දේවල් එක පිට එක එන්න ඇති.හරියට පොතක පිටු එක දිගට පෙරලගෙන යනවා වගේ...ඔයාගේ නම්බර් එකක් මගේ ලග තිබුනත් ටික කාලෙක ඉදන් ඒකත් වැඩ නෑ.. හ්ම්ම්....කතාකරන්න වැඩි වෙලාවක් තිබුනෙත් නැති හින්දා මන් හිතුවේ ඔෆ් කරලා කියලයි.දැන් එකෙනුත් වැඩක් නෑ...තව කීප දෙනෙක්ගෙන් අහලා බැලුවත් ඒ කව්රුවත් ඔයාල ගිය දිහාවක්වත් හරි තොරතුරක්වත් දැනන් හිටියේ නෑ..කාගෙන්වත් සතුටු වෙන්න පුලුවන් කිසිම තොරතුරක් හම්බුනේ නෑ..ඇයි ඔයා අඩුම තරමේ මටවත්...........වටේම කරුවල වැටීගෙන එනව..ඔයා ගැන හිත හිතා හිටපුහින්දා මට කිසිම දෙයක් ගැන ගානක් තිබුනෙ නෑ.ඇතා ගල උඩින් ටික ටික හද පායගෙන ආවත් මට දැනුනේ ,ඒ හදේ ඉස්සර තරන් එලියක් නෑ වගේ.ගල උඩට යන පාරේ වෙනදා වගේම මල් පිපිලා තිබුනත්,මගේ හිතේ හැම තැනක්ම පිරිලා තිබුනේ ඔයගෙනුයි, ඔයාගෙ මතක වලිනුයි.මං ටික දුරක් ඇවිදගෙන ආවේ කිසිම හැගීමක් නැතුව ඔහේ ඉබාගාතේ.පන්සලේ ඝන්ටාර සද්දේ ඉදලා හිටලා ඇහුනත් වෙන කිසිම සද්දයක් නැතුව හැම තැනක්ම මහා නිහඩියාවක ගිලිලා තිබුනේ..සමහර විට මට වෙන මොකුත් ඇහෙන්න නැතුව ඇති.......මම ගල මුදුනටම වගේ එන්න ඇති'කව්රුවත් නැති හරියකට ඇවිල්ලා පැත්තකට වෙලා ඉදගෙන, අත් දෙකට ඔලුව බරකරන් සෑහෙන වෙලාවක් අපේ මතකවල ගිලිලා හිටිය....එන්න එන්න මුදුන් වෙන හදේ එලිය ගල උඩට හොදටම වැටිල..ඒ එලියේ බොද වුනු කදුලු කැට අස්සෙන් යාන්තමට පෙනුනු ඔය ඇස් දෙක හොදටම බලාගන්නයි මං හෙමින් සැරේ තවත් ඇස් දෙක පියා ගත්තේ............

ඇතුගල වෙහෙර වදින ඇත්කද ළිහිනි  රෑන්//
නුබ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කද වෙහෙර මලුවෙ මන්
හැඩුවේ දුකට රත්තරන්.....//

රන්තාලිය වැව ලග උන් කාලය මතකද 
අතීත මතක අරන් නුබ ගිය දුරක තරම
වැව පාමුල ඉදගෙන මන්
හැඩුවේ දුකට රත්තරන්.....

ඇතුගල කන්ද කන්ද තවම සද සිපගන්න තරම
දැක දැක ඉන්න බැරුව මගෙ හද ගිනිවැදුනම
කුරුනෑගල අහසත් දැන් ......
හඩාවි දුකට රත්තරන්.....

download song...      

2 comments:

  1. ICICI Personal Loan EMI Calculator. Calculate ICICI Personal Loan EMI with Flexible Loan Calculator.
    click here

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete