Sunday, March 22, 2015

සිඩ්නි අහස කදුළැල් සැලුවා|sobs filled sydney sky



සින්දුවක්ම විතරක්ම නොවුනත්

කාලයක් පුරාම භිත ලගින්ම ඇහුන

තනුවක්

කන්වලින් ඈත්කරගන්න හිත නුදුන්නු

පපුවෙ ගැඹුරින්ම ආපු ලස්සනම නොයිදුල් ස්වරයක්  

......

හැම දෙනාම සතුටු කරල 

සින්දු පොතක් වගේ ලියවුනු

කවර් ඩ්‍රයිව්ස්,ස්ට්‍රේට් ඩ්‍රයිව්ස්,ෆුල් ශොට්ස් 

වලින්

හෙම්න් සැරේ

හැඩකරපු....

කොච්චර කාලෙකින් දැක්කත්

ටිකක් හරි දැක්කත්

හැමදාම වගේ 

එකම විදිහට හිත සතුටෙන් පුරවන මතකයක්....


මැච් තුනම ගහලා ඉවර කරන්න හිටියත්

එකෙන්ම ඉවර කරන්න වුනත්

සෙන්චරියක් ආවත් 

නැතත්...

ඔයාට කිට්ටු කරන්න

කාටවත්ම බැරිවෙයි...

පිත්තෙන් ආපු ලකුණු විතරක්ම නෙමේ

ඵ් හදවත පුරාම පිරිල තිබිච්ච මනුස්සකම

ආයෙමත් ග්‍රවුන්ඩ් එකට ගේන්න සෑහෙන කාලයක් යයි...

හ්ම්ම්...


එදා කාටවත්ම නොපෙන්නුවත්

ඔය හිත ඇතුලෙ 

අවසාන පාරට ග්‍රවුන්ඩ් එකෙන් එලියට එද්දි

දැනුන දේවල්

අපිටත් දැනුන...

එකපාරටම ඇදගෙන වැටුන වැස්සත් එක්ක 

ඔය ඇස්වලත් සමහර විට කදුලු බින්දු පිරෙන්න ඇති

කාටත් නොපෙනුනාට....

කාටත් නොපෙනුනාට 

කාටත් කලින්ම 

සිඩ්නි අහස ඔයාට

ඵයාගෙ ආදරෙ පෙන්නලා ඉවරයි

ඵ් මේ මුලු ලෝකෙම ආදරෙයි...

                                                                          -~විශ්ව~-

5 comments:

  1. අැග හිරි වැටුනා විශ්ව.... මටත් උවමනාවක් තිබුණා සංගාගේ සමුගැනීම ගැන විතරක් ලියන්න.. ඒත් ඒ අඩුව මටත් වඩා හොදට ඔබ මකලා.... අගෙයි

    ReplyDelete
    Replies
    1. හුගක් ස්තුතියි කුරුටු...පැයක්වත් යන්න නැතුව ඇති..ඵච්චරටම කවි ලියන්න හම්බුන් නැතිවුනත් සංග ගැන මොනවම හරි ලියන්න ඕන කියල හිතන ;( ඵ්ක තමයි මේ...හිතල ලිව්වටත් වඩා ලියවුනා ;-( .....

      Delete
  2. සංකේතාත්මකව අදහස හරි. සංගා මොනතරම් වටිනවාදැයි වැටහෙන්නේ ඉදිරියෙදි.

    ReplyDelete
    Replies
    1. ඵහෙනන් ...ඵ් වුනාට මං ඔය සංකේත සිමිලිස්,මෙටපර්ස් ගැන දැනගෙනන් නෙමේ ලීවේ [-( [-( .... භ්ම් ඔයා කියනවන් ඉතින් අනිවා දැනෙයි... ඕ යෑස්.... cheer ...

      Delete
  3. Cashman Casino Facebook page in play 카지노사이트 카지노사이트 카지노 카지노 8817GOWILD CASINO NO DEPOSIT BONUS - Bet365.com

    ReplyDelete