Sunday, February 22, 2015

E303 උපහාර ඩොන්ගල් එක ලේසියෙන් අන්ලොක් කරමු

මචන්ලා මේ ඩොන්ගල් එක අන්ලොක් කරගන්න ලේසි ක්‍රමයක් මන් හොයා ගත්තා. තනියෙන් බුදු වෙනවට වඩා තව එකෙක්ට කියලා දෙන එක වටින නිසා  කියන්න හිතුනා. කඩේට ගිහින් සල්ලි දීල ඕක කරගන්නවාට වඩා තමන්ම මේ වැඩේ කරගත්තොත් මමත් ඉතින් පොරක් කියලා පොඩි හැන්ගීමකුත් එඉනෙ. දැන් ඉතින් වැඩේ කරන හැටි බලමු 




1 මුලින්ම මේ site එකට යන්න 

http://huaweicodecalculator.com/new-algo/

2 දැන් sign with google+
දැන් ඉතින් Gmail එකක් නැති අපතයෙක් :p නම් වෙන එකකින් හරි ලොග් වෙන්නෛ තියෙන්නේ

3 ඊළඟට එන page එක ගැන වැඩිය හිතන්නේ නැතුව accept කරන්න. 

4 ඊළඟට එන page එකේ IMEI නම්බරේ සහ මොඩෙල් එක (E 303) දීල calculate ඔබන්න.

5 ඊළඟට එන page එකටත් like එකක් දාන්න

6 දැන් එන page එකේ NEW ALGO CODE එක කොපි කර ගන්න

7 දැන් ඩොන්ගල් එකට වෙන ජාතියක සිම් එකක් දාල කොම්පුටරේට ගැහුවම unlock code එකක් ඉල්ලෛ. අර copy කරගත්තු code එක paste කරලා ok කරන්න.

8 දැන් ඉතින් වැඩේ හරි. අලුතින් දාපු සිම් එකේ සිග්නල් පෙන්නන්නේ නැත්තන් ආයේ ගලවලා ගහලා බලන්න. නැත්තන් mobile partner එකේ අලුතින් profile එකක් හදල බලන්න.

9 උපහාර, ඩයලොග්, හච් ඇතුළු ඕනෑම E 303 එකක් මේ ක්‍රමේට unlock කරන්න පුළුවන්.....

10 ....... ජය වේවා!!!!

4 comments:

  1. අනුන්ගෙ බ්ලොග් වලට රිංගල ගෙඩිපිටින් ඇඩ් දාන එක විලිලජ්ජයි නේද??

    ReplyDelete
    Replies
    1. මේකට එන්ඩ හදනකොට ඔයාබටේට වැටෙන්නේ ඇයි බං

      Delete
    2. අටං කොයි වෙලේද ඵන්ඩ හැදුවේ හිටං...කෙම්මුර දවස් වලට මන් නිවාඩුනෙ හිටං... :-)

      Delete